ශ්රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ කිරීමට පෙර්, ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෝ සහ ඕස්ට්‍රේලියා ජාතිකයෝ පිරිසක් මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩා සංකීරණය ඉදිරිපිට දී ශ්‍රී ලංකා රජයට හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවත්වූ උද්ඝෝෂණය වාර්තා කිරීමට ගිය එසැණ මාධ්‍යවේදියාගේ රාජකාරියට දිගින් දිගටම බාධා කළේය.
ඔහු එතැනින් ඉවත් කිරීමට ඔවුහු බොහෝ වෙර දැරූහ. එම කණ්ඩායමට සහාය දුන් ඕස්ට්‍රේලියා ජාතිකයකු ඔවුන්ගේ එම ක්‍රියාව වැළැක්වීය. කිසිම මාධ්‍යවේදියකුට ඇඟිල්ල දික් කිරීමට අයිතියක් නැතැයි ඔහු ඔවුනට කියා දුන්නේය.
ශ්‍රී ලංකා රජයේ හමුදාව සාමාන්‍ය වැසියන් 40,000 දහසකට වැඩි ප්‍රමාණයක් ඝාතනය කර ඇති බවත්, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයින්වන සනත් ජයසූරිය රාජපක්ෂ රජයේ මන්ත්‍රීවරයෙකු බවත්, අර්ජූන රණතුංග එදා රාජපකෂ රජයේ කොටස් කාරයෙකු බවත්, අජන්තා මෙන්ඩිස් යුද්ධය පැවති කාලයේ ශ්‍රී ලංකා හමුදාවේ සේවය කළ අයෙකු බවත් පවසන ඔවුහූ, අතීතයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ඕස්ට්‍රේලියාව ක්‍රියා කළ ආකාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිවද වහාම තහංචි පැනවිය යුතු බව උද්ඝෝෂණයට හේතු ලෙස දෙමළ සරණාගත කවුන්සයලය, දමිල තරුණ සංවිධානය සහ සරණාගත ක්‍රිවාකාරීත්ව එකමුතුව කියා සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර නම් මෙහෙම කට්ටියට කිවුවේ “පඹයෝ“ කියලා. (නි)
මේ අය යුද්ධය දවස් වල ලංකාවෙන් ගිය සරණාගතයොද? (නි)
දම්සර, ඩොලර් වලට වහවැටුණේ නැත්නම් ජාතිමාමකත්වය කතාකරන සාමාන්‍ය මිනිස්සුන්ට හිගාකන්න තමයි වෙන්නේ. (නි)
ඕස්ට්‍රේලියාවේ ඉන්නේ ලංකාවෙන් ගිය දෙමළ ජාතිකයෝ විතරද? කෝ සිංහල අය? (නි)
කොහොම කිවුවත් ලංකාවට එරෙහිව අදෘශමාන හස්තයක් ලෝකයේ සැරිසරන බව මෙවැනි සිදුවීම් වලින් පැහැදිලි වෙනවා. (නි)
තව කෑගහපුදෙන්. අපිට මොකෝ? (නි)
දම්සරට මම 100%ක් එකගයි. (නි)
පිච් එක මැද සිංහ පැටව්..! කුලියට මේ වගේ කෑගහන එකත් අද විනෝදාංශයක් වෙලා.. මුරලි ගැන කතාවක් නැද්ද මේ අය..? (නු)
මෙයාලා නත්තලට පාටියක් දාන්න මේක අවස්ථාවක් කරගනීවි. (නි)
මෙයාල තමයි සාමාන්‍ය දෙමළ ජනතාවගෙ ලොකුම හතුරන්. ප්‍රභාකරන් මැරුවෙ සිංහල ජනතාව විතරක් නොවේ, ඔහුගේ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට විරුද්ධවෙන අහිංසක දෙමල ජනතාවත් දහස් ගනණින් ඝාතනය කළා. අහිංසක දෙමල දරුවන්ගෙ අනාගතය සහමුලින්ම විනාශ කළා. ඵ් ම්ලේඡ්ඡ ක්‍රියාවන්ට ඩොලර් එවලා ප්‍රභාකරන්ට සහයෝගය දුන්නෙ මේ වෙනත් රටවල ඉදන් ලංකාවට බොරු චෝදනා කරන අයම තමයි. මේ අයගෙ අත් වලත් ඔවුන්ගෙම අයගෙ ලේ තැවරිල තියෙනවා.ලංකාවට බොරු චෝදනා කළාට ඵ් පව් මැකෙන්නෙ නැහැ. විදවන්න වේවි කවදා හරි. මිනීමරු කොටි සාමාජිකයොත් ඔය අතරෙ ඕනෑ තරම් ඇති. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නිසා තමයි අද උතුරෙත් නැගෙනහිරත් ඉන්න ජනතාව නිදහසේ හුස්මක් ගන්නෙ දශක තුනකට පස්සෙ. (නි)
මෙයාලා නැවතත් යුද්ධයක් පටන් ගන්නද යන්නේ? (නි)
අපිත් ගියා තරගය බලන්න. සුද්දන්ව අරන් තියෙන්නේ කුලියට කියලයි අපිට නම් දැනගන්න ලැබුණේ. (නි)
ෆෙඩරල් රාජ්‍යයක් ඇති ඕස්ට්‍රේලියාව මේ වගේ දේවල් වලට ඉඩ දෙන එක නීති සහගත නැහැ..මෙය මහත්වරුන්ිගේ ක්‍රීඩාවේ ප්‍රතිරූපය විනාශකිරීමක්.!(නු)
කෝ අපේ ඕස්ට්‍රේලියා වල ඉන්න ලාංකික ජනතාව? (නි)
බල්ලන් බිරුවා කියා කදු පහත් නොවේ. (නි)
කොහොමත් අපේ කට්ටිය ඔය දගලන්නේ ලංකාවේ නම නැතිකරන්නයි. (නි)
එතකොට ප්‍රභාකරන් මිලේච්ඡ විදිහට බෝම්බ ප්‍රහාර එල්ල කරමින් අහිංසක මිනිස්සු දහස් ගණනක් මරපු ඒවා එයාලට මතක නැතුව ඇති. (නි)
අපි දැන් ජීවත්වෙන්නේ නිදහස් රටක. ඕවා වැඩිය ගණන් ගන්න ඕනෑ නැහැ. (නි)
මේ අයට හොද පාඩමක් ඉගැන්විය යුතුයි. (නි)
කෝ ඕස්ට්‍රේලියාවේ ඉන්න ෆේස්බුක්වල මහ කලු සිංහලයො වගේ අදහස් දාන උදවිය? (නි)
ලැජ්ජාවක් නැති මිනිස්සු. (නි)
ඔහොම යං ඔහොම යං. අපිට ඒ යුද්ධය නැවත අවශ්‍යයි. අපිත් උදවු කරන්නම්. (නි)
අපොයි! අපි බයවෙයි ඕවට? (නි)
අම්මපා මම අදනේ දන්නේ සුදු ජාතිකයොත් මෙයාලට ආවඩනවා කියලා. (නි)
අපේ ජනාධිපතිතුමා එක්ක ඔය එක එක්කෙනාට ඕනෑ ඕනෑ නැටුම් නටන්න හම්බ වෙන්නෙ නැහැ. එතුමා කාටවත් භය නැති අභීත නායකයෙක්. (නි)
මෙයාලා තමයි සරණාගතයන් මුවාවෙන් ඕස්ට්‍රේලියාවට මිනිසුන් එවීම සංවිධානය කරන්නෙ.. ලංකාවට මානව හිමිකම චෝදනා කරලා ලංකාව ගැන වැරදි චිත්‍රයක් මැවිය යුතුයි මෙයාලාගේ වැඩවලට.. (නු)
මොහොමඩ්, යුද්ධය ඕනෑ ඔහේටනේ. බලනකොට දෙමළ මිනිස්සු ඔහේලට වැඩිය හොදයි. (නි)
මාධ්‍ය නිදහස කෝ (දී)
මාධ්‍ය කොහොමද එහෙම නවත්වන්නේ (දී)
ඊළගට මොහොමඩ්ව තමයි අල්ලගන්නේ. පරිස්සමින් ඉන්න. (නි)
මෙන්න අපේ රටට තියෙන ප්‍රශ්න. මේවායින් ගැළවෙන්න උත්තර හොයන්නෙ නැතුව තව තවත් බොරුවට කෑගහනවා. ජය ශ්‍රී ලංකා! (නි)
රශ්මි අපේ එක්කෙනෙක්. (නි)
මෙයාලට ඕනෑ මානව දයාව නෙමෙයි, සල්ලි. (නි)
මෙම අනතුර දුරදීම හැදින සිංහල අපිත් ජාතියක් හැටියට එක්සත් වී කටයුතු කළයුතුයි. අපේ රට අපේ ජාතිය නසන්නට මාන බලන වෘකයන් හදුනාගෙන එඩිතරව මුහුණ දෙන්නට ශක්තිය අපට තියනවා. ඒ බව ඉතිහාසය ශාක්ෂි දරණවා. අවශ්‍යවන්නෙ එකමුතුකමයි. ඩොලර්වලට වහවැටී ජාතියට විනකරන සිංහල වෙස්ගත් වෘකයින්ද සිටිනවා. ජාතිය රණ් විමනක් වේ ආගම මිණි පහනක් වේ එය රැකගන්නට මෙලො වේ සමත් වෙතොත් පුත නුඹ වේ (නි)
අපේ ජනාධිපතිතුමා ඉන්නකල් අපිට නම් බයක් නැහැ. (නි)