අශෝක අබේසිංහ, පාලිත තෙවරප්පෙරුම, පාලිත රංගේබණ්ඩාර යන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීහු ද, ශිරාල් ලක්තිලක හා මෛත්‍රී ගුණරත්න යන පළාත් සභා මන්ත්‍රීහු ද වාරණයක් ඉල්ලා ගල්කිස්ස දිසා අධිකරණයේ නඩුවක් ගොනු කළහ. කොළඹ හයික් පිටියේදී පසුගියදා සරත් ෆොන්සේකාගේ රැස්වීමකට අනවසරයෙන් ගිය බව පවසමින් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීය. දිසා විනිසුරු ප්‍රදීප් එම් අබේරත්න මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, ලේකම් තිස්ස අත්තනායක, නියෝජ්‍ය නායක සජිත් වික්‍රමසිංහ සහ ජාතික සංවිධායක දයා ගමගේ යන වගඋත්තරකරුවනට නොතීසි නිකුත් කරමින් පැවසුවේ ලබව 15 වැනිදා දෙපාර්ශ්වය අධිකරණයට කැඳවා වාරණයක් නිකුත් කරන්නේද නැද්ද යන්න තීරණය කරන බවයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වාරණයක් ඉල්ලා එජාප මන්ත්‍රී පිරිසක් උසාවි යති
චූලක Thursday, 08 November 2012 11:58 AM
සමහර ලොක්කන් වරින් වර ජනාධිපති මන්දීරයට යන - එන එකට වාරණ නියෝගයක් දාලා, පක්‍ෂ විනය නීති උල්ලංගනය කිරීම වෙනුවෙන් තනතුරෙන් ඉවත් කරන්න බැරිද? (නි)
චතුල වෙරෝනා Thursday, 08 November 2012 08:50 PM
මෙහෙම නමක් තියන නියෝජ්‍ය නායකයෙක් මම ඇහුවමයි. (නි)
සිල්වා Thursday, 08 November 2012 12:44 PM
එජාපයට මිනිසුන් ආදරය කරන්න නම් පළමුව පක්ෂයේ පිරිසිදු බව රැකගත යුතුයි. දෙවනුව පක්ෂ නායකත්වයට ගරු කරන්න ඕනෑ. (නි)
ෆිරෝස් Thursday, 08 November 2012 12:42 PM
එයාලව පක්ෂයෙන් ඉවත් කරන්න. (නි)
ලුම්බිණි Thursday, 08 November 2012 01:09 PM
තම තමන් නඩු කියා ගනිද්දී ඉතින් කොහොමද රටේ ප්‍රශ්න ගැන බලන්නේ? හැම එකටම වාරණ. අනික් දේවල් ඔක්කොම නවත්තල තමන්ගේ අවුල ලිහා ගන්නේ නැත්තේ අයි? මේ මිනිස්සුන්ට මොනවා වෙලාද මන්දා? මිනිස්සු මේ අයට ඡන්දයක් දෙයිද? (නි)
විශ්මිත Thursday, 08 November 2012 01:17 PM
යන්න ආණ්ඩුවට සෘඡුවම. (නි)
අශෝක Thursday, 08 November 2012 01:17 PM
ඒ මිනිස්සුන්ට ඕන ඕන දේ කරන්න බැහැ පක්ෂය ඇතුලේ
මාධව Thursday, 08 November 2012 01:52 PM
මොකද්ද ඒ වැඩේ තේරුම
ආනන්ද Thursday, 08 November 2012 01:45 PM
ලංකාව කියන්නේ ප්‍රජාතන්ත්‍ර වැඩි රටක්
ලසන්ත Thursday, 08 November 2012 01:56 PM
ලංකාවට මොකද වෙන්නේ
හේමන්ත Thursday, 08 November 2012 03:02 PM
මොන ප්‍රශ්න තිබුනත් සජිත් රනිල් එක්ක පක්ෂයට ආදරෙන් වැඩ කරාවි. මේ අය නම් පක්ෂය ගැන හිතන අය නොවෙයි. පක්ෂය කියන්නේ රනිල් හෝ සජිත් හෝ නොවන බව තේරුම්ගත යුතුයි. මේ අය විපක්ෂයේම ඉන්න එක හොඳයි. නඩු කිය කියා ඉන්න. මීළඟ ඡන්දය පැරදුණහමත් රනිල්ටම බණින්න. (නි)
කිර්ති Thursday, 08 November 2012 02:54 PM
විපක්ෂය දෙකඩ වෙලා (දී)
කනිෂ්ක Thursday, 08 November 2012 07:26 PM
මොනවාද මේ වැඩ
කනිෂ්ක Thursday, 08 November 2012 07:26 PM
අයියෝ සල්ලි