අශෝක අබේසිංහ, පාලිත තෙවරප්පෙරුම, පාලිත රංගේබණ්ඩාර යන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීහු ද, ශිරාල් ලක්තිලක හා මෛත්‍රී ගුණරත්න යන පළාත් සභා මන්ත්‍රීහු ද වාරණයක් ඉල්ලා ගල්කිස්ස දිසා අධිකරණයේ නඩුවක් ගොනු කළහ. කොළඹ හයික් පිටියේදී පසුගියදා සරත් ෆොන්සේකාගේ රැස්වීමකට අනවසරයෙන් ගිය බව පවසමින් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීය. දිසා විනිසුරු ප්‍රදීප් එම් අබේරත්න මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, ලේකම් තිස්ස අත්තනායක, නියෝජ්‍ය නායක සජිත් වික්‍රමසිංහ සහ ජාතික සංවිධායක දයා ගමගේ යන වගඋත්තරකරුවනට නොතීසි නිකුත් කරමින් පැවසුවේ ලබව 15 වැනිදා දෙපාර්ශ්වය අධිකරණයට කැඳවා වාරණයක් නිකුත් කරන්නේද නැද්ද යන්න තීරණය කරන බවයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර ලොක්කන් වරින් වර ජනාධිපති මන්දීරයට යන - එන එකට වාරණ නියෝගයක් දාලා, පක්‍ෂ විනය නීති උල්ලංගනය කිරීම වෙනුවෙන් තනතුරෙන් ඉවත් කරන්න බැරිද? (නි)
මෙහෙම නමක් තියන නියෝජ්‍ය නායකයෙක් මම ඇහුවමයි. (නි)
එජාපයට මිනිසුන් ආදරය කරන්න නම් පළමුව පක්ෂයේ පිරිසිදු බව රැකගත යුතුයි. දෙවනුව පක්ෂ නායකත්වයට ගරු කරන්න ඕනෑ. (නි)
එයාලව පක්ෂයෙන් ඉවත් කරන්න. (නි)
තම තමන් නඩු කියා ගනිද්දී ඉතින් කොහොමද රටේ ප්‍රශ්න ගැන බලන්නේ? හැම එකටම වාරණ. අනික් දේවල් ඔක්කොම නවත්තල තමන්ගේ අවුල ලිහා ගන්නේ නැත්තේ අයි? මේ මිනිස්සුන්ට මොනවා වෙලාද මන්දා? මිනිස්සු මේ අයට ඡන්දයක් දෙයිද? (නි)
යන්න ආණ්ඩුවට සෘඡුවම. (නි)
ඒ මිනිස්සුන්ට ඕන ඕන දේ කරන්න බැහැ පක්ෂය ඇතුලේ
මොකද්ද ඒ වැඩේ තේරුම
ලංකාව කියන්නේ ප්‍රජාතන්ත්‍ර වැඩි රටක්
ලංකාවට මොකද වෙන්නේ
මොන ප්‍රශ්න තිබුනත් සජිත් රනිල් එක්ක පක්ෂයට ආදරෙන් වැඩ කරාවි. මේ අය නම් පක්ෂය ගැන හිතන අය නොවෙයි. පක්ෂය කියන්නේ රනිල් හෝ සජිත් හෝ නොවන බව තේරුම්ගත යුතුයි. මේ අය විපක්ෂයේම ඉන්න එක හොඳයි. නඩු කිය කියා ඉන්න. මීළඟ ඡන්දය පැරදුණහමත් රනිල්ටම බණින්න. (නි)
විපක්ෂය දෙකඩ වෙලා (දී)
මොනවාද මේ වැඩ
අයියෝ සල්ලි