සිය හැත්තෑවැනි ජන්ම දිනය නිමිත්තෙන් මතුගම හොරවල සිට අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය දක්වා පා පැදියෙන් ගොස් වන්දනා කිරීමට හොරවල ප්‍රදේශයේ පුද්ගලයකු කටයුතු කළේය
හොරවල අඳුන්වත්තේ කරුණාතිලක රූපසිංහආරච්චි වන ඔහු හොරවල ශෛලශේකරාරාමයෙන් අද උදැසන 6.30 මේ සඳහා සුබ මොහොතින් ගමන් ඇරඹුවේය
මෙම ගමනේ ප්‍රථම දිනය කුරුණෑගල ඇත්කඳ විහාරය දක්වාද දෙවනුව ජය ශ්‍රි මහා බෝධිය අභියසට පිටත් වීමට සිතා සිටින අතර නෑබඩ - හොරණ- පාදුක්ක- පස්යාල- වරකාපොළ- පොතුහැර- කුරුණෑගල-යන මාර්ග ඔස්සේ ගමන් කිරීමට සිතා සිටී
දුම්වැටි මත්පැන් වලින් තොරව දිවිය ගෙනයන කරුණාතිලක මහතාට මේ සඳහා පිටත්විමට පෙර ශෛලශේකරාරාම විහාරාධිකාරී මාහිංගොඩ විජය මෛත්‍රිහිමියන් විසින් පිරිත් නුල් ගැට ගසා ආශිර්වාද කළ අතර ප්‍රදේශවාසි සුබ පතන්නන් රැසක්ද විහාරස්ථානයට එක්ව සිටියහ
.jpg)
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ ජයබිමට සිතුසේ ළගාවීමට ශක්තිය ලැබේවා! (නි)
සීයාට දීර්ඝායු! (නි)
සහයට කවුරුහරි ගියානම් තමයි හොද. සුභ ගමන් සහ ඔබට තෙරුවන් සරණයි තාත්තේ.(නදී)
ඉතාමුත් හොදින් මෙම කටයුත්ත නිමා කිරීමට ශක්තිය ලැබේවා.. ! (ස)
ජය වේවා! මම මේ මාමා වරකාපොල පහුකරනවා දැක්කා... (ස)
එළ කොල්ලෙක්නෙ ආ. ජයවේවා!!! (ස)
සුභ පැතුම්! අපිට හරි සතුටුයි. (නි)
ඔබට තෙරුවන් සරනයි.(නදී)
පුද්ගලික බස්, ටිපර්, ට්‍රක් රථ සහ ත්‍රීරෝද රියදුරන්ගෙන් පරිස්සම් වෙන්න.(නදී)
ඔබේ ගමන සාර්ථක වේවයි පතමි. (නදී)
දයාබර පියතුමනි, ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නි)
සපත්තු දෙකක් අරන් දෙන්නයි තිබුනේ. සෙරෙප්පු වලට වඩා හොදයි.(නදී)
ඔබට සුභ ගමන් අයියේ. හිතට දිරිය ගන්න. (නි)
අතීතයේ වස විෂ නැති හොද සෞඛ්‍ය සම්පන්න ආහාර වල විශ්මය! (නි)
බුදු සරණයි... ! ඔබට ජය ! (ස)
මේ ගත සිත සවිය ඇති රත්තරන් තාත්තාට මගේ සුබ පැතුම්.. මෙය කියවන කවුරුන් හෝ ලංකාවේ යමක් කල හැකි අයෙකුට සම්බන්ධයක් ඇත්නම් මොහුට හැම පොලිස් බල ප්‍රදේශයකදීම අනතුරකින් තොරව යෑමට පොලිස් ට්‍රැෆික් බයික් එකකින් ආරක්ෂාව ලබා දීමට අවධානය යොමු කර දෙන්න. (ස)
තාත්තේ, සපත්තු දෙකක් දාගන්න. ඔබට දීර්ඝායුෂ! (නි)
ප්‍රතාපවත් යුග පුරවැසියෙක්. ඔබට දීර්ඝායුෂ! (නි)
අපේ රටේ මෙහෙම අය තවම ඉන්න එක ගැන අපිට ආඩම්බරයි. (නි)
ඔබට ජීවන ගමනේ 100වැනි සැතපුම් කණුව පසුකිරිමට වාසනාව ලැබේවා! (නි)
ඔබට දීර්ඝායු පතමි. (නි)
ඔබට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා! (නි)
නිදුක් නිරෝගී සුවය පතමි. සුභ ගමන්! (නි)
සුභ පැතුම්! (නි)
බුදු සරණයි මාමේ ඔබට! (නි)