(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ පනත් කෙටුම්පත ජනාධිපති නීතිඥ මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා පාර්ලිමේන්තුවට අද  (24 )  බාර දුන්නේය.

දරුවන් සමාජ මාධ්‍ය වේදිකාවෙත පිවිසීම පාලනය කිරීම සහ හානිකර අන්තර්ජාල  අන්තර්ගතයන්ගෙන්  ආරක්ෂා කිරීම මෙම පනත් කෙටුම්පතේ  මූලික පරමාර්ථය වේ.

එසේම වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය වේදිකා වෙත ප්‍රවේශ වීම වැළැක්වීමට විෂය භාර අමාත්‍යවරයාට එනම්, ළමා කටයුතු අමාත්‍යවරයාට නියෝග පැනවීමටද  මින්  බලය  ලැබෙනු අැත  

එමෙන්ම දරුවෙකුට දිනකට සමාජ මාධ්‍ය භාවිත කළ හැකි කාලය සීමා කිරීමට හෝ භාවිත කළ හැකි නිශ්චිත වේලාවන් නියම කිරීමටද   මෙම කෙටුම්පතෙන්  අවස්ථාව උදාවේ.

මෙම නීතිය ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය යටතේ බලයලත් කොමසාරිස්වරයෙකු පත්කිරීමටද  මින් යෝජනා කෙරේ

පනතේ සිංහල සහ දෙමළ පිටපත් අතර යම් පරස්පරතාවයක් ඇති වුවහොත් සිංහල පිටපතේ  අන්තර්ගතය  බලපැවැත්වෙන බවද කෙටුම්පතේ  සඳහන් වේ .

මේ සම්බන්දයෙන් අප පාර්ලිමේන්තු ප්‍රධානියකුගෙන් කළ විමසුමකදී ඹහු පැවැසුවේ  මෙවැනි පනත් කෙටුම්පත් ඉදිරිපත්වූ විට  සුදුසු ඉදිරි ක්‍රීයාමාර්ග සදහා අදාල අමාත්‍යංශයට යොමු කරන බවයි