
(සුජිත් හේවාජුලිගේ )
පුරප්පාඩු වී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් තනතුරට විශ්‍රාමික විනිසුරුවරයකු පත් කිරීම කෙරෙහි එම සභාවේ අවධානය යොමුවී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයට මෙතෙක් පත් කෙරුණේ සේවයේ සිටින පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාය. මේ අනුව නව ලේකම්වරයා පත් කිරීම සඳහා පුවත්පත් දැන්වීමක් පළකිරීමට එම සභාව තීරණය කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා පසුගියදා හදිසියේම එම තනතුරින් ඉල්ලා අස්විය. ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය බාර දෙමින් පැවසුවේ පෞද්ගලික හේතු මත තනතුරින් ඉවත් වන බවයි.
ධම්මික දස නායක මහතා පාර්ලිමේන්තු මහ ලේකම් ධූරයෙන් පසුගිය 2023 වසරේදී විශ්‍රාම ලැබීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් තනතුරට පත්කෙරිණ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවමෙරට පරිපාලන ව්‍යුහයේ වැදගත් තීරණාත්මක ආයතනයක් ලෙස සැලකේ. නීතිපති, පොලිස්පති, ඉහළ උසාවිවල විනිසුරුවරුන් යනාදීන් පත් කිරීම අනුමත කරනු ලබන්නේ මෙම සභාවෙනි.
2025 දෙසැම්බර් මස 04
800
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ව්‍යවස්ථා සභාවේ ලේකම් පුටුවට විනිසුරුවරයෙක්
ගුණරත්න Sunday, 18 May 2025 08:36 AM
මම ඊයේ බැලුව, අදත් බැලුව, එත් කිසිම තැනක මේ නිවුස් එක නැහැ. ඊයේ තමයි ලංකාවේ අවුරුදු 30 ක යුද්ධය අවසන් වූ දවස, එක සැමරීමක් ආණ්ඩුවෙන් කලේ නැහැ, ඇයි ඒ?