මත්තෙගොඩ හා කහතුඩුවේ හැදූ නිවාස කිහිපයක් හිටපු නිවාස සංවර්ධන ඇමැති විමල් වීරවංශ මහතාගේ පවුලේ ඥාතීන් අතර බෙදාගෙන ඇතැයි කියන සිද්ධියක් ගැන බරපතල වංචා සහ දුෂණ චෝදනා පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම පරික්ෂණයක් ආරම්භ කොට ඇත.
වීරවංශ මහතාගේ මස්සිනාවරුන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනකුගේ ප‍්‍රකාශද ලබාගෙන ඇත.
කුණ්ඩසාලේ පදිංචි වසන්තා රූපසිංහ, මහරගම වත්තේගෙදර ආනන්ද ප‍්‍රියදර්ශන, මාතර නාවිමන මාලගොඩ ඩබ්.හේමසිරි, සහ හඟරම්මුල්ල ඌරූගමුවේ මිලින්ද රත්නායක ප‍්‍රජා විශෝධන නිලධාරිනියක වන අනුෂා නිරෝෂිණි නනායක්කාර ගෙන්ද කොමිසම කටඋත්තර ලබාගෙන ඇත.
විශාල වටිනාකම් වලින් යුතු රජයේ නිවාස ඉතාම අඩු මිල ගණන් වලට නිසි ක‍්‍රමවේදයකින් තොරව තම ඥාති හිතවතුන්ට ලබා දී ඇති බව මුලික පරික්ෂණ වලදී හෙළි වී ඇතැයිද කොමිසමේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරම් පාර හතකට ගෙවල් දෙන්න ඇති.(හේ)
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. (බ)
මේ ඉතින් අපේ දේශප්‍රේමියෝනේ! (නි)
දුන්නට පස්සේ මස්සිනාල උනාද කියල කව්ද දන්නේ? (ස)
විමලේ සහෝදරයා කට්ටිය එකතුකරගෙන කොටුවේ දුම්රියපොළ ඉදිරිපිට විශාල උද්ඝෝෂණයක් කරාවි මේක බටහිර අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් කියලා. කවදද ඉතින් අනෙක් අය ඔහොම හැන්ද අතේ තියාගෙන නෑදෑයන්ට ඇතිවෙන්න බෙදුවේ? (නි)
දැන් බලනකොට විමල් මහත්තයා ලොකු වැඩක් කරලනේ.(හේ)
සෙරෙප්පු දෙකක් නැතිව හිටපු විමල් අවරුදු 5-6 කදී රුපියල් කෝටි ප්‍රකෝටි වටිනා අධිසුඛෝපබෝගී නිවාස 2-3 හෝටල් දෙක තුනකට හිමිකම් කියන්නේ කොහොමද කියලත් සොයන්න. (බ)
මේවා අධිරජ්‍යවාදින්ගේ කුමන්ත්‍රණ .(හේ)
ඒ අය අන්ත දුප්පත් උදවිය. යන්තන් කහට කෝප්පයකින් වෙලා පිරිමහගන්නේ. (හේ)
අනිත් ඔක්කොටම දීල දීල, වෙන දෙන්න කෙනෙක් නැතිනිසා මෙයාලට දෙන්න ඇති මයේ හිතේ. (බ)
මේක විදේශීය කුමන්ත්‍රණයක් (බ)