කරුණු කිහිපයක් මුල් කැරගෙන සිය නීතිඥවරුන්ද සමග ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් ඉවතට ගියේ පාර්ලිමේන්තු කාරක සභාව කෙරෙහි විශ්වාසයක් නැති බව කියමිනි. විනිසුරුවරයකු පත් කිරීම හා ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 107 වගන්තිය මෙසේය. අධිකරණයේ ස්වාධීනත්වය 107. (1) අග‍්‍ර විනිශ්චයකාරවරයා ද අභියාචනාධිකරණයේ සභාපතිවරයා ද ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ වෙනත් සෑම විනිශ්චයකාරවරයෙක් ද ජනරජයේ ජනාධිපතිවරයා විසින් ස්වකීය අත්්්සන යටතේ වූ අධිකාර පත‍්‍රයක් මගින් පත් කරනු ලබන්නාහ. (2) ඉහත කී සෑම විනිශ්චයකාරවරයෙක් ම යථා පැවැත්මෙන් සිටිනා තාක් ධුරය දරන්නේ ය. ඒ යම්කිසි විනිශ්චයකාරවරයකු ඉවත් කිරීම සඳහා ඔප්පු වී ඇති විෂම පැවැත්ම හෝ අබලතාව හෝ පදනම් කොටගෙන (නොපැමිණි මන්ත‍්‍රීවරයන් ද ඇතුළුව) පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීවරයන් සංඛ්‍යාවෙන් බහුතර සංඛ්‍යාවක් විසින් සම්මත කරන ලද පාර්ලිමේන්තුවේ යෝජනාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් කරන ලද නියමයකින් හැර ඒ විනිශ්චයකාරවරයකු ඉවත් කළ නොහැක්කේ ය. එසේ වුව ද එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා වූ යෝජනා සම්මතය පිළිබඳ දැන්වීම පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීවරයන් සංඛ්‍යාවෙන් යටත් පිරිසෙයින් තුනෙන් එකක් විසින් අත්සන් තබා ඇත්නම් හා චෝදිත විෂම පැවැත්ම හෝ අබලතාව පිළිබඳ සම්පූර්ණ විස්තර එහි දක්වා ඇත්නම් මිස කථානායකවරයා විසින් එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා වූ කිසිම යෝජනා සම්මතයක් භාර ගැනීම හෝ පාර්ලිමේන්තුවේ න්‍යාය පත‍්‍රයට ඇතුළත් කිරීම හෝ නොකළ යුත්තේ ය. (3) ඒ යෝජනා සම්මතය සම්මත කිරීමේ කාර්ය පටිපාටිය ද ඇතුළුව එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධව වූද චෝදිත විෂම පැවැත්ම හෝ අබලතාව විමර්ශනය කිරීම සහ ඔප්පු කිරීම සම්බන්ධව වූ ද විනිශ්චයකාරවරයාට පෞද්ගලිකව ම හෝ නියෝජිතයකු මගින් හෝ පෙනී සිටීමට සහ කරුණු දක්වා සිටීමට ඇති අයිතිය සම්බන්ධ වූද සියලූ කාරණා සඳහා පාර්ලිමේන්තුව විසින් නීති මගින් හෝ ස්ථාවර නියෝග මගින් හෝ විධිවිධාන සැලැස්විය යුත්තේ ය. (4) අග‍්‍ර විනිශ්චයකාරවරයා වශයෙන් හෝ අභියාචනාධිකරණයේ සභාපතිවරයා වශයෙන් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ නැතහොත් අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයකු වශයෙන් හෝ පත් කරනු ලැබූ නැතහොත් ඒ ධුරයක වැඩ බැලීම සඳහා පත් කරනු ලැබූ සෑම තැනැත්තකුම ජනාධිපතිවරයා ඉදිරියේ, හතරවන උප ලේඛනයේ දැක්වෙන ප‍්‍රතිඥාව හෝ දිවුරුම හෝ දී ඊට අත්සන් තබන තෙක් ධුරයේ කාර්යයන්හි නොයෙදිය යුත්තේ ය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ හරි (ස)
දේශපාලනය විද්‍යාව කරන ළමයින්ට වැදගත් ලිපියක් (දී)
කරන්න බැරිව තිබුණු එකම දේ ගැහැණියක් මිනිහෙක් කරන එක පමණයි. ඒකත් කළා නම් මේක මොකක්ද? (නි)
වටිනා ලිපියක්
අගවිනිසුරුතුමියනි, ඔවුන් සමග නොගැටී වෙන් වීම හැර වෙන කළහැකි දෙයක් නැත. (නි)
කාලින මාතෘකාවක්
බඩුම තමයි (ස)
ගැහැණියගේ නුවණ හැදි මිටේ දිග බව අද ලංකාවේ මේ වන විට දෙදෙනෙකු විසින් සනාථ කර ඇත. (නි)
"ඔසන් සලාම් කොහොමත් රටක මෙවැනිම උසස් නිලතලවලට ගැහැණුන් පත්කිරීම එතරම් සුදුසු හෝ නුවණැති කාර්යන් නොවන බව මගේ අදහසයි." ඔයාලගේ නුවන ගැන විහිලු කතා අපි අහලා තියෙනවා (ස)
ගැහැණියගේ නුවණ හැදි මිටේ දිග බව අද ලංකාවේ මේ වන විට සනාථ කර ඇත." මේ රට පාලනය කරපු අති බහුතර පිරිමින්ගේ උදලු මිටේ දිග නුවණින් කරපුවා තමා අපි මේ විඳවන්නේ. (ස)
එහෙම ඕන ඕන දේවල් කරලා බලන්න (දී)
මට පේන්නේ එතුමියට පොදු අපේක්ෂිකාවක් වෙන්න හිතිලා වගේ (ස)
මේ කෙරිගෙන යන වැඩ දිහා බැලුවාම විශ්වාසයක් නැහැ තමයි. රැඳිලා ඉන්නවාට වඩා දාලා යන එක තමා හොඳ. (නි)
නීතියක් තියේනම් ඒ නිතියට අනුව වැඩ කරන්නේ නම් මැනවි, (ජිවිතයේ ඕනෑම දෙකදී ) (දී)
මෙම කාරණා ටික හෙළි දැක්වීම ගැන ලංකාදීපයට මල් මිටක් ! (නි)
මේකත් කලින් එක වගේද (ස)
අන්න ඒ ක්‍රමය දැන ගත්ත එක හොදයි (දී)
ජයවේවා....ජයවේවා.... අන්න එහෙම තමයි කරන්න ඕනේ (දී)
මේවා හරියට ක්‍රියාත්මක කරන්න ඕනේ (දී)
වීර කාන්තාවක් පලායයි (ස)
මේක පුදුම වැඩක්නේ ඇත්තට. (නි)
හරි හෝ වැරදි හෝ වේවා, ප්‍රශ්නයට මුහුණ දීමයි වැදගත්. (නි)
වටිනා ලිපියක්
නීතියක් කියන්නේ එකට තමයි
නිතියට් අනුව ක්‍රියා කරනවානම් කිසි ප්‍රශ්නයක නැහැ (දී)
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ වෙයිද? (නි)
ඒකට ක්‍රම පටිපාටියක් තියෙනවා (දී)
ඔසාම් , මේක ලංකාව ගොඩක් දේවල් දියුණුයි අරාබියට වඩා (ස)
නියමාකාර ක්‍රම පටිපාටියක් තියෙනවා ඊට (දී)
එහෙනම් ලේසියෙන් ඉවත් කරන්න පුළුවන් වේවි (ස)
අග විනිසුරුතුමියගේ හා ඇයට පෙනීසිටි නිතිඥ කණ්ඩායම අද එම පාර්ලිමේන්තු දෝෂාභියෝග නඩු විභාගයෙන් ඉවත්වු බව ගැන අහනකොට මට නම් පුදුම හිතෙනවා. මේ අය ජනතා (මොන විදියට කීවත් ජනතාව පත්කරගත් නියෝජිතයන් නිසා)ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පත්වු අය නිසා එම කාරක සභාවේ අණට අවනත විය යුතුයි. මෙම විභාගය ගැන ඉංග්‍රීසි පුවත්පත් වල නියම විවේචන පළවුවත් සිංහල පුවත්පත් බොහෝවිට තදබල විවේච්න පළකරනවා අඩුයි. (නි)
එවැනි විනිශ්චයකාරවරයෙකුට එරෙහිව චෝදනා විමර්ශනය කළ යුත්තේ කුමන සුදුසුකම් යටතේ සිටින හා කුමනාකාරයෙන් පත්කරන ලද මඩුල්ලක් ඉදිරියේද යන්නද සදහන් කරන්නේ නම් මැනවි. (නි)
මෙන්න විධිහ
මැඩම්ට ජයවේවා! (නි)
ලොකු ක්‍රියා මාර්ගයක් නේද (දී)
අත හරින්න නම් එපා මැඩම්. (නි)
අනේ මට කියලා දෙන්නකෝ, ඇමතිවරයෙක්ව ඉවත් කරන්නේ කොහොමද කියලා? (නි)
ව්‍යවස්ථාවේ 107.3 ඡේදය හරියටම කියෙවුවාද කියන එකයි මට තියෙන ගැටලුව. (නි)
ව්‍යවස්ථාවේ 107.3 හරියටම තියෙනවනේ, “ ඒ යෝජනා සම්මතය සම්මත කිරීමේ කාර්ය පටිපාටිය ද ඇතුළුව එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධව වූද චෝදිත විෂම පැවැත්ම හෝ අබලතාව විමර්ශනය කිරීම සහ ඔප්පු කිරීම සම්බන්ධව වූ ද, විනිශ්චයකාරවරයාට පෞද්ගලිකව ම හෝ නියෝජිතයකු මගින් හෝ පෙනී සිටීමට සහ කරුණු දක්වා සිටීමට ඇති අයිතිය සම්බන්ධ වූද , සියලූ කාරණා සඳහා පාර්ලිමේන්තුව විසින් නීති මගින් හෝ ස්ථාවර නියෝග මගින් හෝ විධිවිධාන සැලැස්විය යුත්තේ ය.“ කියලා. ඉතින් තාමත් ඒ නීති හදලත් නැතිනම්, ස්ථාවර නියෝග හදලත් නැත්නම්, කොහොමද මේ කේස් එක ඉස්සරහට අරගෙන යන්නේ? (නි)
අන්න ක්‍රමය
අපි සියලු දෙනා නීතියට අනුවයි සියලු කටයුතු කළ යුත්තේ. එක එක්කෙනාට එක එක විදියට සළකන්න හොද නැහැ. අගවිනිසුරුතුමියට ජය! (නි)
ඔය ක්‍රම පොතේ ක්‍රම. ඕව වැඩක් නැහැ (දී)
පාසලේ දේශපාල විද්‍යා විෂය හදාරන ළමයින්ට හොද පුවතක් (දී)
ඒක දන ගත්ත එක හොදයි (දී)
ඔබතුමිය ඉල්ලා අස්වෙන්න එපා. ඉදිරි අනාගතයේදී මේවාට දඩුවම් ලැබෙයි. (නි)
ශාන්ත, ටිකක් බුද්ධිමත් වෙන්න. (නි)
ප්‍රීති, ඔබ හරියටම හරි. (නි)
මෙරටේ නීතිය පත්වෙමින් යන විනාශයට අවසානයක් තිබිය යුතුයි. (නි)
ඔසාන් සමඟ මාත් එකඟයි (ස)
කොහොමත් රටක මෙවැනිම උසස් නිලතලවලට ගැහැණුන් පත්කිරීම එතරම් සුදුසු හෝ නුවණැති කාර්යන් නොවන බව මගේ අදහසයි. (නි)
නීතිමය පසුබිම