කොළඹ කොටුව දුම්රිය පොළේ දී වවුනියා මහේස්ත්‍රාත් ඇලෙක්ස් රාජා මහතාගේ පොකැට්ටුව සොරකම් කළ බව කියන හමුදා බුද්ධි අංශ සෙබළකු වන ආර්.ඒ. දිනේෂ් හා සුනිල් සිල්වා ලබන 14 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා අද නියෝග කෙළේය. ඔහුගේ පසුම්බියේ ඇමෙරිකා ඩොලරයක් හා ඕස්ට්‍රේලියා ඩොලර් 50ක් තිබූ බව පොලිසිය සොයාගෙන ඇත.