එංගලන්තයේ බටහිර සසෙක් හි බොග්නෝර් රෙගිස් නගරයේ රේස් ඔට්ටු ඇල්ලීමට එන කාන්තාවක් අවුරුදු හතරක් වයසැති තම දියනිය බලූ පැටවකු මෙන් බුකිය ඉදිරිපිට ගැට ගසා ඔට්ටුපොළට ඇතුළු විය. මිනිත්තු කීපයක් ඇය එහි බැඳ තැබූ මව ඔට්ටු අල්ලා ආපසු ඇවිත් ඇය ඇය ලිහාගෙන ගියාය. දැරිය ලණුව ලිහා ගැනීමට උත්සාහ කළත් බැරිවිය. තට්ටු නිවාස සංකීර්ණයක කාර්යාල සේවක පිරිසක් මෙම සිදුවීම වීඩියෝ ගත කළහ. කුඩා දරුවන් රේස් බුකියකට රැගෙන යාම නීතියෙන් තහනම් වෙයි.
මේ අතර රුසියාවේ සෝවිඉන් රුසියා සතුන් වත්තේ මව අහිමි කොටි පැටවුන් තිදෙනකුට කිරි දෙන මවක් සොයා ගැනීමට එහි පාලකයින් අන්තර්ජාලයේ පිහිට පැතීය. දින කීපයකට පසුව ඔවුන්ගේ එම උත්සාහය සාර්ථක වූ අතර පැටවු තිදෙනාට මවක් සොයා ගැනීමට හැකිවිය. ඇය බැල්ලියකි. එහි පාලකයන් කියනුයේ එම බැල්ලිය කොටි පැටවුන් තිදෙනා ඉතා ආදරයෙන් රැක බලා ගන්නා බවය. කොටි පැටව් තිදෙනාද බැල්ලිය නැතිව එක මොහොතක් හෝ තනිව නොසිටින බව සත්වෝද්‍යාන පාලකයෝ කියති.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සු හැදෙනවා මේවා දැක්කාම...(නු)
බටහිරට වඳින ලංකාවෙ අම්මලත් ලගදිම මේ ක්‍රමය අනුගමනය කරාවි.(නු)
බටහිර නිසා ලැබුණු දේවල්වලට ස්තුතිවන්ත වෙනවා.. නමුත් මෙවැනි දේවල් කොහෙත් වැරදියි.. ඒ බව මුළු ලෝකෙම දන්නවා..!(නු)
බලු අම්මට වැඩි ආයුෂ නැහැ වගේ..!(නු)
තිරිසනා මනුෂ්‍යත්වය අභිබවා ගිහිං...!(නු)
දැරිය කවදාහරි අම්මට කරන්නෙත් ඔය දේම තමයි. (නි)
බටහිර රටවල අම්මලා ඔහොමයි. මැරුණත් වැඩි දුකක් නෑ එයාලට (ස)
මෙයා කළ එකම වරද ළමයා මිනිත්තු කීපයකට හරි ගැට ගසා තිබීම විතරනෙ. ලංකාවේ තාත්තලා ඕනෑ තරම් බුකී , බාර් ඇතුළට ළමයි ගෙනියන්නේ. ඒක ලංකාවේ ගණන් ගන්නේවත් නැහැනේ. සමහර අයට දෙකක් දාගත්තම ළමයත් අමතකයි. (නි)
ලංකාවේ කොටියෝ මීට කලින් බලු කිරි බිව්වේ (ස)
කොටි පැටවු ටික තව ලොකු වුණහම බලු අම්මව දඩයම් කරාවිද? (නි)
සත්වයින් අතුරින් උත්තරීතරම සත්වයා තමයි මනුෂ්‍යත්වයා නමුත් මේවා ශාක කෙරෙහි අවධානය යොමු කරලා හරි හැදෙනවා නම් හොදයි? (ස)
බටහිර රටවල් නිසා අපිට බොහෝ දේ අහිමි වුණා (ස)
කොටීන්ට කිරි පෙව්ව අය අපේ රටේ ඕනි තරම් හිටියා (ස)
මේක අපේ රටේ සිදුවුණානම් ළමා අයිතිවාසිකම් නෑ කියලා කට්ටිය ලංකාවට ඇවිත් බෙරිහන්දෙන්න ගනීවී (ස)