IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වෙනසක හැටි

එංගලන්තයේ බටහිර සසෙක් හි බොග්නෝර් රෙගිස් නගරයේ රේස් ඔට්ටු ඇල්ලීමට එන කාන්තාවක් අවුරුදු හතරක් වයසැති තම දියනිය බලූ පැටවකු මෙන් බුකිය ඉදිරිපිට ගැට ගසා ඔට්ටුපොළට ඇතුළු විය. මිනිත්තු කීපයක් ඇය එහි බැඳ තැබූ මව ඔට්ටු අල්ලා ආපසු ඇවිත් ඇය ඇය ලිහාගෙන ගියාය. දැරිය ලණුව ලිහා ගැනීමට උත්සාහ කළත් බැරිවිය. තට්ටු නිවාස සංකීර්ණයක කාර්යාල සේවක පිරිසක් මෙම සිදුවීම වීඩියෝ ගත කළහ. කුඩා දරුවන් රේස් බුකියකට රැගෙන යාම නීතියෙන් තහනම් වෙයි. මේ අතර රුසියාවේ සෝවිඉන් රුසියා සතුන් වත්තේ මව අහිමි කොටි පැටවුන් තිදෙනකුට කිරි දෙන මවක් සොයා ගැනීමට එහි පාලකයින් අන්තර්ජාලයේ පිහිට පැතීය. දින කීපයකට පසුව ඔවුන්ගේ එම උත්සාහය සාර්ථක වූ අතර පැටවු තිදෙනාට මවක් සොයා ගැනීමට හැකිවිය. ඇය බැල්ලියකි. එහි පාලකයන් කියනුයේ එම බැල්ලිය කොටි පැටවුන් තිදෙනා ඉතා ආදරයෙන් රැක බලා ගන්නා බවය. කොටි පැටව් තිදෙනාද බැල්ලිය නැතිව එක මොහොතක් හෝ තනිව නොසිටින බව සත්වෝද්‍යාන පාලකයෝ කියති.



අදහස් (0)

වෙනසක හැටි

රන්දිකා රත්නායක Tuesday, 27 November 2012 02:20 PM

පිස්සු හැදෙනවා මේවා දැක්කාම...(නු)

:       0       0

රාජා Tuesday, 27 November 2012 03:00 PM

බටහිරට වඳින ලංකාවෙ අම්මලත් ලගදිම මේ ක්‍රමය අනුගමනය කරාවි.(නු)

:       0       0

ඇන්ඩි Tuesday, 27 November 2012 03:20 PM

බටහිර නිසා ලැබුණු දේවල්වලට ස්තුතිවන්ත වෙනවා.. නමුත් මෙවැනි දේවල් කොහෙත් වැරදියි.. ඒ බව මුළු ලෝකෙම දන්නවා..!(නු)

:       0       0

ලංකාසිරි Tuesday, 27 November 2012 03:33 PM

බලු අම්මට වැඩි ආයුෂ නැහැ වගේ..!(නු)

:       0       0

බණ්ඩාර කුවේට් Tuesday, 27 November 2012 04:03 PM

තිරිසනා මනුෂ්‍යත්වය අභිබවා ගිහිං...!(නු)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 28 November 2012 12:06 AM

දැරිය කවදාහරි අම්මට කරන්නෙත් ඔය දේම තමයි. (නි)

:       0       0

සුබාෂිනි Wednesday, 28 November 2012 03:51 AM

බටහිර රටවල අම්මලා ඔහොමයි. මැරුණත් වැඩි දුකක් නෑ එයාලට (ස)

:       0       0

සෙලනිකස් Tuesday, 27 November 2012 05:14 PM

මෙයා කළ එකම වරද ළමයා මිනිත්තු කීපයකට හරි ගැට ගසා තිබීම විතරනෙ. ලංකාවේ තාත්තලා ඕනෑ තරම් බුකී , බාර් ඇතුළට ළමයි ගෙනියන්නේ. ඒක ලංකාවේ ගණන් ගන්නේවත් නැහැනේ. සමහර අයට දෙකක් දාගත්තම ළමයත් අමතකයි. (නි)

:       0       0

රොහාන් Tuesday, 27 November 2012 06:42 PM

ලංකාවේ කොටියෝ මීට කලින් බලු කිරි බිව්වේ (ස)

:       0       0

මධු Tuesday, 27 November 2012 06:44 PM

කොටි පැටවු ටික තව ලොකු වුණහම බලු අම්මව දඩයම් කරාවිද? (නි)

:       0       0

මුතු Tuesday, 27 November 2012 07:44 PM

සත්වයින් අතුරින් උත්තරීතරම සත්වයා තමයි මනුෂ්‍යත්වයා නමුත් මේවා ශාක කෙරෙහි අවධානය යොමු කරලා හරි හැදෙනවා නම් හොදයි? (ස)

:       0       0

සුනිල් Tuesday, 27 November 2012 07:50 PM

බටහිර රටවල් නිසා අපිට බොහෝ දේ අහිමි වුණා (ස)

:       0       0

ප්‍රසන්න Tuesday, 27 November 2012 08:00 PM

කොටීන්ට කිරි පෙව්ව අය අපේ රටේ ඕනි තරම් හිටියා (ස)

:       0       0

ප්‍රසන්න Tuesday, 27 November 2012 08:11 PM

මේක අපේ රටේ සිදුවුණානම් ළමා අයිතිවාසිකම් නෑ කියලා කට්ටිය ලංකාවට ඇවිත් බෙරිහන්දෙන්න ගනීවී (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site