වන්දි ගෙවන්නට පෙර වැලිගම පෞද්ගලික ඉඩම් කිහිපයක් උඩින් අදිබල විදුලි රැහැන් අදින්නට ආ විදුලි සේවකයන් පිරිසක් පහරකෑමට ලක්වී රෝහල් ගත කළ බව පොලීසිය කියයි. ඒ අතර විදුලි අධිකාරීවරු දෙදෙනෙක් ද වෙති. පහර දුන් බව කියන කිහිපදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. බලධරයන් කියනුයේ පෞද්ගලික ඉඩම්වලට වන්දි ගෙවන බවයි. ඒ කාරිය ඇරඹී ඇති බවද ඔවුහු කියති.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වන්දි පාස් වෙලා නම් ගෙවලා ඉවරවෙලාම, රැහැන් අදින්න ආවා නම් හරිනේ. (නි)
ගහපු අයගේ කරන්ට් කපන්න (ස)
ගහපු අයට විදුලිය අල්ලන්න ඕනි (ස)
හා හා හොඳ වැඩේ (ස)
මීට සම්පූර්න වගකිවයුත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයි. කිසිදු සැලැස්මකින් තොරව ක්‍රියා කරයි. මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයද මීට නොදෙවෙනිය. 2000 වර්ශයේ අධිවේගී මාර්ගය සදහා අත්පත් කරගත් ඉඩම් සදහා තවමත් වන්දිලබාදී නොමැත. අතිගරු ජනපතිතුමන්ට කොපමන ලිපි ඉදිරිපත් කලද තවමත් කිසිදු ප්‍රතිචාරයක් නොමැත. මාගේ ඉඩම අත්පත් කරගැනීමට පැමිනියහොත් පහර දෙනුහැර වෙනත් විකල්පයක් මාහටද නැත.(ර)
රට අවනීතියට ගියාම මිනිස්සු නීතිය අතට ගන්නවා (ස)
අනේ මන්දා
නීතිය හැමදෙනාටම එක වගේ නැති නිසා මෙවැනි දේවල් ගණන් ගන්න එපා. (නි)
ඒක නම් හොදයි
Ranganatha මහතා කියන කතාව සමග අකමැත්තෙන් වුනත් එකඟ වීමට සිදු වෙනවා අද අපට අහන්නට ලැබෙන ප්‍රචණ්ඩ හැසිරීම් බොහොමයක් පිටුපස තියෙන්නේ රජයේ නිලධාරීන්ගේ අකාර්යක්ෂම බව නිසා ඇතිවී තිබෙන මහජන අතෘප්තියයි. මොවුන්ට මහජනයාට සිදුකල යුතු ගෙවීම් කිරීමට මුදල් ප්‍රතිපාදන නැති වුනාට අවුරුද්ද අවසානයේ 'ඉතිරි වී ඇති' මුදල් වලින් විදෙස් සවාරි යන්න නම් පුළුවන්. එහෙම යනකොට පක්ෂ විපක්ෂ සේරම යනවා. මට පෙනෙන්නේ කවදා හරි වැඩ අවුල් කරන නිලධාරීන්ට ගුටිකන්න වෙන බව අනිවාර්යයක් වූ දාට මේ රටේ මීට වඩා වගකීමකින් වැඩ කරන්න පෙළඹෙයි. මොකද දේශපාලකයින් අවුරුදු හයකට වරක් වත් මහජන උදහස හමුවට ආවත් මොවුන් විශ්‍රාම ගිය දාකවත් විනිශ්චයකට ලක් වෙන්නේ නැති ජාතියක්නේ...(ර)
පිස්සුද දමිත් (ස)
ගම් වැසියන්ට වන්දි දීලා ඒ ප‍්‍රදේශයෙන් ඒ අයව ඉවත් කරලානේ කම්බි අදින්න ඕනෙ, පුදුම හදිස්සියක්නෙ කම්බි අදින්න තියෙන්නෙ, හොඳ වැඬේ කම්බි කරයින්ට - දෙන්න තිබ්බෙ පාර කමබියෙ එල්ලලා - අත් අඩංගුවට ගත් ගම් වැසියන් වහාම නිදහස් කල යුතුයි (ස)
මොකද්ද මොකද්ද
යහපතක් ඇතිවෙන විදියට කළා නම මෙහෙම ප්‍රශ්න ඇතිවෙන්නෙ නැහැ. (නි)
මගෙ මස්සිනාටත් සළකලාද දන්නෙ නැහැ. (නි)
ගොඩක් අයට ඔය ප්‍රශ්නය තියෙනවා. (නි)
මිනිස්සුන්ට වන්දිත් ගෙවලා, සාධාරණ කාලයකුත් දෙන්න ඕනෑ අයින් වෙන්න. (නි)
රාජ්‍ය සේවයේ දුර්වලතා... (නි)