විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතුයි. රටට හානි කරන කෙනකු ඒ තනතුරට පත්වීම වළක්වාගත යුතුයි. ජනතාවට එපා වූ මේ ක්‍රමය තිබුණොත් රටට තවත් ප්‍රශ්න ඇති වේවි. තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහා නාහිමියෝ දිනේෂ් ගුණවර්ධන ඇමැතිට මහනුවර දි එසේ කීහ. දෙමළ ජනයාට සාධාරණය ඉටු කළ යුතු බවත් පළාත් සභා ක්‍රමය හා වත්මන් ඡන්ද ක්‍රමය රටට නොසුදුසු බවත් මහා නාහිමියෝ කීහ. සංවර්ධන මුවාවෙන් වෙනත් දේ සිදු නොවිය යුතු බව මහා නාහිමියෝ පැවැසූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික කාලෙකින් සේරම බලාගන්න පුළුවන් අපිට. එතකන් ඉන්නකෝ (ස)
චතූ වගේ මෝඩ කතා කියන අය ලංකාවේ තවත් නෑ (ස)
ඕවා බීරි අලින්ට කරන වීණා වාදන වගේ. ඔය ඇමතිතුමා ඉන්දියාවේ විද්‍යුත් ඡන්ද ක්‍රමයක් අධ්‍යයනය කලා. එය එදා ක්‍රියාක්මක කලා නම් ජිල් මාට් මොකුත් බැහැ. කෝ කලාද? (ස)
චතු ප්‍රධාන නාලිකවක සැබෑ ප්‍රේක්ෂකයෙකු බව පෙනෙයි. (ස)
විධායක ක්‍රමය නිසා යුද්ධය දිනුව කියන අය දන්නේ නැතුව ඇති මේ රටේ 87-89 දකුණේ යුද්ධය ඇතිවෙලා පාරවල් ගානේ මල මිනී පිච්චුනේ හට දාහක් තරුණයෝ මරුනෙත් මේ ක්‍රමයට පින් සිද්ද වෙන්නම තමා. ඒවගේම 83 කැරැල්ල ඇති වුනේත් ඊට පසු උතුරේ වසර තිහක යුද්ධය ඇති උනෙත් මේ ක්‍රමයේ අනුහසින්ම තමා. ඕක නොතිබුණානම් ඔය යුද්ධ දෙකම මේ රටේ ඇතිවෙන්නේ නැහැ. අර 77 ට කලින් තිබුන ක්‍රමේ තව ටිකක නවීකරණය කලානම් හොදටම ඇති මේ පුංචි තිතක් වගේ තියන ලංකාවට. ඇමෙරිකාවේ ක්‍රමේ නිසා තමා 30 වසරක් අපි දුක් වින්දේ. (ස)
තව අවුරුදු 100 කට වත් මේ ක‍්‍රමය වෙනස් කරන්න බැහැ. අපි නිකං මේ බොරුවට වාද කරනවා විතරයි. (නි)
හොඳයි එහෙනම් අහෝසි කරන්නකො පුළුවන් නම් විධායකේ. ශ‍්‍රී දේවීට දවල් හීන පෙනිලා. (නි)
මල්ලිකා,ලුම්බිණි,ලලිත්, කන්නෙ පුන්නක්කුද? මේ කට්ටිය මෝඩයින් බව පෙනෙනවා. නමුත් හැම වෙලේම උම්බෑ කියන්න ඵපා. (නි)
මම චතූගේ කතාවට තරමක් එකගයි. (නි)
හාමුදුරුවනේ, ඔය දේශපාලකයිගෙන් හරියට යමක් කර ගන්න ඕනෑ නම්,සෑම දේශපාලන මුණ ගැසීමක්ම නවත්තනවා කියා බය නැතිව කියන්න.අර කාදිනල් තුමා කීවේ ඒ වගේ. (නි)
කාදිනල් තුමා කිව්වනේ ඕක අහෝසි කරන්න කියලා.. හෙට ඉදලාම අහෝසි කරන්න පටන්ගන්නවා..!(නු)
පීරිස් වගේ අයට හොදයි විධායකය..!(නු)
චතුගේ කථාවත් ඇත්ත නේන්නම්. (ස)
ඔබවහන්සේ වදාරණ අයුරින් වෙයි කියලාද හිතන්නේ.. මේ දක්වා ම වදාල අයුරින් සිදු උනා එක දෙයක් තියෙනවානම් දැනගන්න කැමතියි..!(නු)
නායක හාමුදුරුවනේ.. ඕක දිනේෂ් ඇමතිතුමාට කියලා වැඩක් නැහැ.. (නු)
ඒක නැතිකරලා කොහොමද? අපේ හාමුදුරුවනේ.. ආයෙත් ඡන්දෙ ඉල්ලනකොට දෙන්න තියෙන පොරොන්දුව ඒකනෙ..(නු)
සිංහලයා රැකෙන්නේ විධායකය නිසයි (ස)
පිරිස්, මෝඩයින් හඳුනාගන්නේ උම්බෑ කීමෙන්ද? ඔබගේ ප්‍රඥාවන්ත නුවණින් මෙන්න මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්නකො එහෙනම්. (ස)
කොහොමද දැලිපිහිය වදුරෙකුට ගියොත්..!(නු)
පීරිස් නම් හොදට කඩේ යනවා..!(නු)
චතුගෙ කතාව හරි.. හාමුදුරුවනේ ෆොන්සේකා පත්වුනානම් ඔහොම කියනවාද? හාමුදුරුවො පක්ෂග්‍රාහී නැහැ නේද?(නු)
පීරිස් , ප්‍රඥාවෙන් බලන්න, කියන්න, ලියන්න (ස)
සහතික ඇත්ත
හොඳයි අපි සලකා බලමු දත්තයන්. යුද්ධය පැවති කාලයේ විධායක ජනාධිපතිවරු 5 දෙනෙක් හිටියා. මේ අනුව තව යුද්ධයක හට ගත්තොත් විධායක ක්‍රමය නිසා එය නිම කිරීමේ සම්භාවිතාව 20% යි. එම නිසා විධායක ක්‍රමය නිසා යුද්ධය නිම කල බව සනාත කල නොහැක.(ස)
දැන් ඕකත් බලය ලබා ගැනීමේ ඡන්ද ගුණ්ඩුවක් බවට පත් වෙලා. බලයට ආවට පස්සෙ කවුරුත් ඕක අයින් කරන්න උනන්දු වෙන්නෙ නැහැ. එම නිසා මේ රජය යටතේවත් අපේ ජනාධිපතිතුමා ඔය දේ කළොත් ඉතිහාසගත වෙයි, යුද්ධයේ ශාපය මෙන්ම ඒකාධිපතිවාදයේ ශාපයත් ඉවත් කළා කියලා. (නි)
ලොව බලවත්ම ජනපති පදවිය ශ්‍රී ලාංකික ජනපති පදවියයි. (නි)
දිනේෂ් මහත්තයාට කියලා හරියන්නේ නැහැ.. අපේ හාමුදුරුවනේ..(නු)
ජේ. ආර් මහත්තයට බැන බැනත් ඕක අත හරින්නේනම් නෑ නේ (ස)
හා හා කට කට ............ ඇහෙයි (ස)
අනේ අපේ හාමුදුරුවනේ පන්සලට එන එන එක්කෙනාගෙ හිත සතුටු කරන්න කරුණු කියන්න එපා........ විධායක ජනාධිපති ක‍්‍රමය නිසා තමයි අපි 30 වසරක කුරිරු යුද්ධය ජයගත්තෙ ඒක නැති කළොත් ආයෙත් යුද්ධයක් ඇති කරයි (ස)
හාමුදුරුවනේ, ඔය ප්‍රකාශ කළ දේ ක්‍රියාත්මක කිරීමට අපත් සමග පෙරට එන්න (නි)
අපේ හාමුදුරුවෝ දේශද්‍රෝහිය වේවි ඕව කතා කරන්න ගියොත් (ස)
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා තමා මේකට නායකත්වය අරන් වැඩ කරන්න ඕන.. මොකද ජනතාව කියන දේට වැඩ හාමුදුරුවන් කියන දේ ඉහළ අය අහනවා..!(නු)
අනේ හාමුදුරුවනේ, බලාගෙනයි (නි)
නරකෙයි ඔය විධායක තුමාටම ඕක කිව්වනම් බැහැදකින්න අපු වෙලාවක? (ස)
ඔබ වහන්සේට අපේ අය විශ්වාසභංගයක් ගෙනේවි ....(ස)
ඇට නැති දිව ඕනැ පැත්තකට හැරෙනවලුනේ. (නි)
අනේ හාමුදුරුවනේ, ඔය වචනේ නම් වෙනස් කරන්න එපා. (නි)
චතු විධායක ජනාධිපති ක්‍රමේ නිසා නෙමේ අපේ විර කෙල්ලෝ කොල්ලෝ ( යුධ හමුදාව ) නිසා යුද්දේ ඉවර වුනේ. විධායක ජනාධිපති ක්‍රමේත් මිට වසර 30 කට කලින් ඉදන් තිබුණා. විධායක ජනපති ක්‍රමයේ අසිමිත් බලතල අනිවාර්යෙන් ඉවත් කල යුතුයි. (ස)
එහෙමයි අපේ හාමුදුරුවනේ (ස)
ෆොන්සේකා මහත්තයා පත් වුණා නම් හොදයි. (නි)
මුසාවාද නොවදාරනු මැන! (නි)
අපේ හාමුදුරුවනේ පරිස්සමින් (ස)
වහාම දෝෂාභියෝගයක් ගේන්න වේවි (ස)
දෝෂාභියෝගයක් ගෙනේවි ...බලාගෙන (ස)
අයියෝ සල්ලි
කේන්ද්‍රය බලවාගත්තනම්............(ස)
අහෝසි නොකර සංශෝදනය කරන්න (ස)
අනේ අපේ හාමුදුරුවනේ ඕවා දේශනා කරලා වැඩක් නැත..!(නු)
විධායක ජනාධිපති ක්‍රමය තමයි යුද්ධය දිනන්න එකම හේතුව කියනවා නම් ඒක මුලාවක්. එහෙම නම් හමුදා මොකටද? යුධ උපක්‍රම මොකටද? මේ ක්‍රමය වැරදි බව ඔප්පු වෙලා තියෙනවා.ඉතින් මොකද වෙන්නේ වෙනස් කලාම. (ස)
බලය ගන්නකල් ඔහොම කිවුවට ගත්තට පස්සේ සද්දයක් නැතිවෙයි. (නි)
ඒ කතාව් හරියටම හරි