සේරුනුවර සිරිමංගලපුරයේ අලියකුට විදුලිසැර කවා මරා දැමීයැයි එහි ගැමියෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. අලියා විදුලි සැර වැදී මිය නොගිය බව පෙන්වීමට උලකින් කිහිප පොළකට ඇන ඇතැයි වනජීවි සංර්ක්ෂණ දෙපාර්තමේන්තුවේ කන්තලේ අලිපාලන ඒකකය කියයි. ලේ ගලද්දි අලියාගේ වලිගය කපාගෙන ගොස් ඇතැයි ද එහි නිලධාරිහු කියති.



1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනතරම් පවුද අහිංසක සතුන්ට මේවාගේ කරන එක. මිනිස්සුවන අපිට විතරක් නෙමෙයි මේලෝකේ ජීවත්වීමේ අයිතිය අහිංසක සතුනටද තිබෙනවා බුදුසරණයි....(ස)
තිරිසනෙකුට වඩා වටින මිනිස් ජීවිත කොයිතරම් නම් නැතිවෙනවද? මට දුක අලියා ගැන නෙමෙයි, මේ මනුස්සයා ගැන. (නි)
සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා.... (නි)
අදහස් දමන අය හිතාගෙන ඉන්නේ අලියා කියන්නේ හරිම අහිංසක සතෙක් කියලා. නමුත් අලියාගේ නපුරුකම ගැන දන්නේ අලි ඉන්න පැතිවල මිනිස්සු. (නි)
මිනීකන්නන්ගේ දේශයට මේවත් වැඩද? (නි)
අලියා එයාව මැරුවා නම්? ඒ අලියාගෙන් එයාලට කරදර ඇති. (නි)
ලංකාවෙ ඉන්නේ අධම තිරිසන් මිනිස්සු. මේවා බලද්දි අපේ හදවත් කුපිත වෙනවා. (නි)
මේ පාපිෂ්ඨයින්ට අල්ලා දෙවියන් ඉක්මණින් දඩුවම් දෙනු ඇත. (නි)
සතුන් මරන එක පවක් වුණත් මෙතැන පැති දෙකක් තියෙනවා. අලි වගා පාලුකරලා මිනී මරන්නේ නැද්ද? (නි)
අලින්ගෙන් කරදර වුණ මිනිස්සු විතරයි ඒකේ තියෙන අමාරුව දන්නේ. නිලධාරීන්ට කිවුවා කියලා නිසි විසදුමක් නැහැනේ. (නි)
මේ වගේ දේවල් වලට දඩුවම් විදියට විදුලි පුටුව හොඳයි කියලයි මට හිතෙන්නේ....(ස)
අලිය පව්... මරපු හරි මරුවා කියල සැක කරන හරි ගැමියත් පව්....(ස)
මට මොනවත් කියන්න හිත දෙන්නේ නැ .(ස)
මිනිසුන්ගේ තණ්හාව නිසා තමා මේ හැම දෙයක්ම.හේන් කොටන මිනිහා බලන්නේ ඊලග කන්නේ වෙනකොට තමන්ගේ ඉඩම අඩියක් එහාට ගෙනියන්න. එහෙම කලාම අන්තිමට සතුන්ට තියෙන වාසස්ථාන අහිමි වෙනවා...ලොකු ලොකු උදවිය අක්කර 100 දෙසීය අරගෙන කුට්ටි කරලා විකුණනවා. එතකොට වෙන්නෙත් අහිංක සතුන්ගේ වාසස්ථාන නැතිව යන එක නේද...සත්තුන්ට කතා කරන්න පුළුවන්නම් කියයි...මිනිස්සුන්ගෙන් ඒ අයට වෙන ගැහැට. තිරිසන් මිනිහෙක් අතින් අහිංසක ජීවිතයක් විනාශ වුණා....(ස)
තිරිසනුන්ටත් වඩා අන්තයි මිනිස්සු (ස)
අලි කීදෙනෙක් මිනිසුන් මැරුවද, මොනතරම් වගා පාළු කරාද?, ගෙවල් දොරවල් කීයක් විනාශ කරාද? පාලකයො කවුරුත් මේගැන නිසි පියවරක් ගත්තෙ නෑ නෙ. දැන් ඉතින් මෙහෙම දේවල් වීම වලක්වන්න බෑ (ස)
අලි ඉන්න පැතිවල ඔයාලා හිටියත් ඔය ටිකම තමයි කරන්නේ..ඒ පැතිවල මිනිස්සු විදින දුක ඔයාලා දන්නේ නෑනේ .(ස)
පව් අහිංසක තිරිසන් සතා . කවුරු නමුත් ලොකු පාපයක් කරගෙන තියෙන්නේ (ස)
ඕවාට කතාකරලා වැඩක් නැහැ ලංකාවේ ජිවත්වේන මිනිසුන් අමුතු සත්තු කෙට්ටාසයක් තමන්ගේ ජතික වස්තු ගැන කිසිම හැගිමක් නැහැ. හාමුදුරුවෝ නොවේ බුදුන් හිටියත් අපේ මිනිසුන්ගේ තිරිසන් ගති අරින්න බැහැ.(ස)
මෙහෙම ගියොත් අපේ අනාගත පරපුරට අලියෙක් දකින්න වත් ලැබෙන ඒකක් නැහැ . අලි සම්පත රැක ගන්න නීතිය දැඩි කරන්න(ස)
දෙයියනේ මොකද මේ ? මෙහෙම මිනිසුන්ට නැවත මිනිස් ආත්මයක් නොලැබේවා (ස)
හාමුදුරු නමක් අදහස් දාන්නේ කොහොමද ??? හිමි නමකට කියන්න දෙයක් ඉතුරු කරලා තියෙනවද ? (ස)
සිල්වා බණ අහන හැමෝම මේ වගේ තිරිසන් වැඩ කරනවද ?? බුදුන්ගේ කලෙත් මේ වගේ තිරිසන් මිනිස්සු හිටියා (ස)
හාමුදුරුනමක් මේකේ අදහස් දාලා නෑනේ මෙකේ (ස)
අපේ හාමුදුරුවනේ මිනිසුන්ගේ යහපත් සමාජයක් ගොඩනැගීම සඳහා උදේ හවස බණ කියන රටක ඇයි මිනිස්සුන්ගේ හිත් මේ තරම් දරුණු (ස)
තිරිසන් මිනිහෙක් (ස)
ඔය වගේ පාප කර්ම කරන මිනිස්සුන්ට මැරෙන්න මොහොතක් තියලා හරි ඕවට වන්දි ගෙවන්න වෙනවා (ස)
මොන හිතකින්ද මෙවන් වැඩ කරන්න