
(රංජිත් රාජපක්ෂ)
හැටන් රුවන්පුර මටුකැලේ ජනපදයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් අයකු ජීවිතක්ෂයට පත් වී තවත් 5 දෙනකු දික්ඔය මුලික රෝහලේ ප්රතිකාර ලබන බව හැටන් පොලිසියේ නිළධාරියෙක් පැවසිය.
දික්ඔය මුලික රෝහලට ඇතුළත් කළ තුවාලකරුවන් 06 දෙනාගෙන් බරපතල තත්වයේ සිටි එක් අයකුගේ මහනුවර ශික්ෂණ රෝහලට යවා ඇති අතර ඔහු ජීවිතක්ෂයට පත් වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.
මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ හැටන් රුවන්පුර ජනපදයේ මටුකැලේ වත්තේ පදිංචිව සිටි 39 හැවිරිදි තිදරු පියෙකි.
එම ජනපදයේ ජල නළ මගින් ලබා දී ඇති පානීය ජල ගැටළුවක් සම්බන්ධයෙන් දෙපාර්ශවක් අතර ඉකුත් (24) දින අවස්ථා කිහිපයකදී බහින්බස් වීමක් ඇති වී ඇති බවත්, පසුව එය ගැටුමක් දක්වා වර්ධන විමෙන් පසු දෙපාර්ශවය අතර ඇති වු ගැටුම සිදුව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd