
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව සඳහා වතිකාන තානාපතිවරයා ලෙස නම් කරන ලද මොන්සිනියර් ඇන්ඩ්‍රි ජොස්වොවිච් මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
තානාපතිවරයා පිළිගත් අග්‍රාමාත්‍යවරිය ඔහුට සුබපැතුම් පිරිනැමූ අතර, ශ්‍රී ලංකාව සහ වතිකානය අතර පසුගිය දශක පහක කාලය පුරා පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ අධ්‍යාත්මික සහයෝගීතාවය පිළිබඳව සිය ප්‍රසාදය පළ කළේය.
ශුද්ධෝත්තම දාහතර වන ලියෝ පාප් වහන්සේගේ නව නායකත්වය යටතේ කතෝලික සභාවේ අඛණ්ඩ මැදිහත්වීමෙන් දෙරට අතර පවතින මිත්‍රත්වයේ බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශවයම එකඟතාව මෙහිදී පළ කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd