( බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්නෙන් මේ වන විට පුද්ගලයින් තිදෙනෙක් අතුරුදන් වී තවත් පිරිසක් රෝහල් ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.
ගින්නෙන් පිලිස්සුම් තුවාල ලැබූ පනහකට ආසන්න පිරිසක් ගල් පාත ප්‍රාදේශීය රෝහලට සහ හොරණ මූලික රෝහල් වෙත ඇතුළත් කරඇත. ගින්න නිවීම සඳහා හොරණ නගර සභාවේ ගිනිවීමේ ඒකකයේ කටයුතු කරන බව පොලිසිය සඳහන් කරයි.

( චමිලා අල්විස්)
බටගොඩ ප්‍රදේශයේ පිහිටි මවුපිය සෙවණ වැඩිහිටි නිවාසයක අද (03) ගින්නක් හටගෙන ඇති බව අඟුරුවාතොට පොලිසිය පවසයි.
ගින්න හටගත් අවස්ථාවේදී එහි කාන්තා හා පුරුෂ වැඩිහිටියන් පනස් දෙනකු පමණ රැඳී සිට ඇති අතර, ඔවුන්ගෙන් 45 දෙනකු පමණ ආරක්ෂිතව මුදාගෙන ආරක්ෂිත ස්ථානයකට යොමු කර ඇති බව පොලිසිය සඳහන් කළේය.
තවත් වැඩිහිටියන් කිහිප දෙනකු ගොඩනැගිල්ල තුළ රැඳී සිටින බවත්, ඔවුන් මුදා ගැනීම සඳහා පොලිසිය සහ සහන කණ්ඩායම් මෙහෙයුම් සිදුකරමින් සිටින බවත් වාර්තා වේ.
හොරණ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමේ කටයුතුවල නිරතව සිටිති.
ගින්න හටගත් අවස්ථාවේදී වැඩිහිටි නිවාසයේ තිබූ ගෑස් සිලින්ඩරයක් ද පුපුරා ගොස් ඇති අතර, එම හේතුවෙන් ගින්න තවදුරටත් ව්‍යාප්ත වී ඇති බව පොලිසිය කියයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අඟුරුවාතොට පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd