IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


විජිත එන්. එස්. ආර් ගොල්ෆ් ශූරතාව දිනාගනී

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති අටවෙනි එන්. එස්. ආර් ගොල්ෆ් ශූරතාවලියේ කේවල ශූරතාව සහ කණ්ඩායම් ශූරතාවය දිනාගැනීමට ශ‍්‍රී ලංකාව සමත් විය.

ශී‍්‍ර ලංකාවේ සිටින අංක එකේ ආධුනික ගොල්ෆ් කී‍්‍රඩකයා වන විජිත බණ්ඩාර විසින් මෙම තරගාවලියේ කේවල ශූරතාවය දිනාගන්නා ලද අතර විජිත බණ්ඩාර සමග එක්වූ සිසිර කුමාර කණ්ඩායම් ශූරතාවයද දිනාගත්හ. 

එන්. එස්. ආර් ගොල්ෆ් ශූරතාව පිට පිටම දෙවැනි වරටත් ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයකු සතු වූ අතර පසුගිය වසරේදී එන්. තංගරාජා විසින් මෙම ශූරතාව දිනාගන්නා ලදි.

ඉන්දියාව, අයර්ලන්තය, පාකිස්තානය, නේපාලය, ජර්මනිය සහ ශ‍්‍ර‍්‍ර‍්‍රී ලංකාව යන රටවල් හයේ  ක‍්‍රීඩකයන් 75 දෙනෙකුගේ සහභාගිත්වයෙන්  තරගාවලිය පසුගිය 26 වෙනිදා සිට 01 තෙක් නවදිල්ලි ගොල්ෆ් පිටියේදී පැවැත්විණි. තරගාවලිය සඳහා  ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ක‍්‍රීඩකන් දෙදෙනකු පමණක් සහභාගී වූ අතර කළමනාකරු ලෙස ආනා පුංචිහේවා මහතා සහභාගී විය.

කේවල ශූරතාවය දිනාගත් විජිත බණ්ඩාර, මහනුවර කෙන්ගල්ල විද්‍යාලයේ ආදි සිසුවකු වන අතර සිසිර කුමාර බොරැල්ල එස්. ඩබ්ලිව්. ආර්. ඞී බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි සිසුවෙකි. මෙම කී‍්‍රඩකයන් දෙදෙනාම ගොල්ෆ් පිටියට අවතීර්ණ වන්නේ ගොල්ෆ් සහායකයන් වශයෙන් වන අතර සිසිර කුමාර තවමත් ගොල්ෆ් සහායකයකු ලෙස කටයුතු කරයි.

තම ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ විජිත බණ්ඩාර පැවසූවේ ජාත්‍යන්තර තරගයක් ජයගත් පළමු අවස්ථාව මෙය බවත් මෙම ජයග‍්‍රහණය ලබා ගැණිමට සිතූ තරම් අපහසු නොවූ බවත්ය.

ශ‍්‍රී ලංකාවට ගෞරවයක් එක්කර දෙමින් දිවයිනට පැමිණි මෙම ක‍්‍රීඩකයන්ව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඔවුන්ගේ ශාරීරික සහ මානසික අභ්‍යාසකවරයා වන ජගත් කල්දේරා මහතා විසින්  ඉතා උණුසුම් අන්දමින් පිළිගනු ලැබිණ.

(ඡයාරූප : දීපා අදිකාරි)

විජිත බණ්ඩාර සහ සිසිර කුමාර ඊයෙ (03) දිවයිනට පැමිණි අවස්ථාවේදී ඔවුන්ගේ අභ්‍යාසකවරයා වන ජගත් කල්දේරා මහතා සමගින් කටුනායක ගුවන් තොටුපොළේදී.



අදහස් (0)

විජිත එන්. එස්. ආර් ගොල්ෆ් ශූරතාව දිනාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 802 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site