රුපියල් 350කට යූරියා පොහොර මිටියක් මිලට ගන්නා විටදී රුපියල් 150ක වගා රක්ෂණයකට අනිවාර්යයෙන්ම දායක වන්නට මෙවර අයවැයෙන් ගොවීන්ට සිදුවී ඇතැයි ද, මෙය ගොවියා කබලෙන් ළිපට ඇද දැමීමක් යැයි ද ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. මෙම කාරණා නොකියා ගොවීන්ට රක්ෂණ අරමුදලක් පිහිටුවන බව කියා රජය සිදුකර ඇත්තේ තනිකරම ආර්ථික ඇස්බැන්දුමක් යැයි එහි ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප‍්‍රවෘත්ති සාකච්චාවකදී කීය. රක්ෂණ අරමුදලක් පිහිටුවිය යුත්තේ වගා කරන බිම් ප‍්‍රමාණයට මිස වගාවට යොදන පොහොර ප‍්‍රමාණයට නොවන්නේ යැයි ද සඳහන් කළේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණයා සෑමවිටම තැලෙ
මොනවද මේ කියන කතා? දහස් ගානක් වටින පොහොර රු. 350 ට දෙන්නේ. එහෙම දීලත් ගොවියාගේ පැත්තෙන් පොඩි හරි කැපකිරීමක් කරන්න බැරිද? හැම තිස්සෙම හැමදේම නිකන් හරි අඩුවට ඉල්ලන්නේ. ගොවීන් කරන්නෙත් ඇත්තටම ව්‍යාපාරයක්. ගොවීන්ගේ නිෂ්පාදන වලට ඉල්ලන ගානක් දීල කන්න බොන්න වෙලා තියෙන්නේ පාරිභෝගික අපිට. ඔය සහනාදාධාර හැම එකකටම යොදාගන්න බදු වලට (අදායම්, වාහන,....) කරගහන අපි වගේ පෞද්ගලික අංශයේ සේවකයින් ගැන කිසිම කෙනෙක් බලන්නේ නැහැ. (නි)
අසරණ මිනිස්සු
හරි හරි ඔය රක්ෂණය නොකියා පොහොර මිල රු.500 කරා කිව්වනම් හරිනේ (ස)
කියන්නා කෙසේ කිවුවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි (නි)
රක්ෂණය ෆුල් ඔෆ්ෂන්ද? තර්ඩ් පාටිද? (නි)