දැරනියගල ප්‍රාදේශීය සභාවේ හිටපු දේශපාලනඥයකු තරුණයකු ත්‍රිරොද රියන් බලෙන් බස්නාගල නගරයට ගෙනගොස් මිනිසුන් බලා සිටියදී විකට් පොල්ලක් දෙකට තුනට කැඩෙනතුරු පහරදී ඇතැයි දැරණියගල පොලිසියට පැමිණිලිකැර ඇත. පහරදුන් බව කියන තිදෙනා අත්අඩංගුවට ගනු ලැබ සිටිති. පහර කෑ තරුණයා දැරණියගල රෝහලෙන් අවිස්සාවේල්ල රෝහලට මාරුකරනු ලැබීය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදරට වෙන දෙයක් කියලා ගිහින් මොනවද මේ කරලා තියෙන්නේ හැබෑටම? (නි)
හේතුවත් මේ තරම්ම දරුණුද දන්නේ නෑ (ස)
විකට් පොල්ල - කූරක් වනතුරු දේශපාලනඥයා තරුණයෙකුට පහරදෙයි ලෙස මේ ප‍්‍රවෘත්තිය තිබුණනම් තමයි හොඳ (ස)
මොන පාට කෙනෙක්ද පහරදීලා තියෙන්නේ (ස)
එදත් චණ්ඩියෝ අදත් චණ්ඩියෝ... (නි)
මේ තමයි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ තත්ත්වය... (නි)
පොලිසියට ගහන මහජනතාව දේශ පාලකයන්ට ගහන දවස වැඩි ඈතක නෑ. (ස)
හොඳ වෙලාවට, යකඩ පොල්ලක් උනානම් මරණයක් තමයි (ස)
හොදවෙලාවට හිටපු දේශපාලඥයෙක් වුණේ. නැත්නම් ඉතිං අන්තිමට ගුටිකාපු කෙනා කියයි, එයා විකට් කූරෙන් එයාටම ගහගත්තා කියලා. (නි)
මහජනතාවනි, මේ නාඩගම් අපි තවදුරටත් බලා සිටිමුද? නැතහොත් මේවාට විරුද්ධව නැගී සිටිමුද? (නි)
මෙයා ගෙනිහින් විකට් කූරට තියල ඔළුව ඉලක්ක කරලා වේග පන්දුවක් දැම්මනම් මොලේ තිබුණද කියලා බලන්න තිබුණ ...(ස)
මොන පාට වුණත්, මොන හේතුව වුණත් මේ විදියට කෙනෙකුට සළකන්න කාටවත් අයිතියක් නැහැ. (නි)
ඇයි මෙහෙම දරුණු විදියට දේශපාලනය, මිනිසුන්ට සළකන්නේ? (නි)
හේතුවක් නැතුව මිනිහෙක්ට ගහන්නේ නෑනේ ,මෙයා මොකක් හරි වැරැද්දක් කරලා ඇති (ස)
මෙයාට මන්ත්‍රී තනතුරක් හිමිවේවි ලඟදිම (ස)
මේක මොන දේශපාලන පකෂයෙන් කළාද කියලා හරියටම කියන්න බැරිද? වෙන දේකට නෙමෙයි. කට්ටියගේ අදහස් ටික බලාගන්න. (නි)
පාරා වලල්ලක් වගේ - දේශපාලනඥයාගෙ නෑදෑ කෙනෙක්ද? (ස)
ඔය පැත්තේ ඉන්නවා බොරු චන්ඩියෙක්. මේකත් එයාගේ වැඩක්ද ? (ස)
නුසුදුසු සියල්ලන්වම පළවා හරින්නට දැන් කාලය පැමිණ ඇත. (නි)
මේකයි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ?????? (ස)
බලේ හින්දා තෙලේ වැඩි අයට වැඩි ආයුෂ නෑ ගොයියෝ (ස)
අනේ කාලේ වනේ වාසේ
දෙයියනේ ඇයි මෙහෙම වෙන්නේ
මිනිස්සු මේ හරං නරක උනේ කොහොමද? (දී)
ඕක බොරුවක් . මිනිහා විකට් කූරෙන් එයාටම ගහගෙන ඇති. බලන්න හෙට වෙනකොට එහෙම නොකියාවිද කියලා (ස)
මිනිස්සුන්ට හිතක් පපුවක් නැද්ද? (දී)
අයියෝ සල්ලි
ඔව් ජෙස්මින් අපි නැගී සිටිමු (ස)
හේරත් නැගි සිටින්නේ කොහොමද? කකුල් දෙක කැඩුවහම නැගී සිටින්න බැහැනේ. (නි)
මේ සියල්ල වෙලාවක පුපුරල ගිහිල්ල අවසානයක් වෙයි. අපේ රට දැන් ගමන් කරමින් තියෙන්නේ ඒ දිශාවට. (ස)
ගහපු අයට යහපතක්නම් වෙන්න එපා (ස)
පාරා, මොන වැරැද්ද කළත් දඩුවම් කරන්න ඕනෑ ක්‍රමයක් තියෙනවා. ඔයා කියන විදියට මහ පාරෙ දෙනෝදාහක් ඉස්සරහා ගහන එක හරි නම්, හෙට ඔයාගෙ තාත්තටත් වැරැද්දකට කවුරු හරි ගැහුවොත්, ඔයා ඒකත් මේ විදිහට සාධාරණීකරණය කරනවද....? (නි)
සනීප උනාට පස්සේ මෙයා නෙමෙයි ගැහුවේ කියලා කියාවිද දන්නේ නෑ (ස)
ලංකාවට උසාවි , පොලීසි වගේ දේවල් අවශ්‍ය නෑ .එකපිට එක මරාගෙන ජීවත් වෙන්න හදන්නේ (ස)
අහිංසක මිනිස්සු හැමදාම පීඩා වින්දේ මැර දේශපාලුවෝ නිසා (ස)
කවුද දන්නෙ නැහැ මේ ගුටිකාපු තරුණයා. (නි)
කාට හරි පහර දෙනවානම් ඒක අපරාධයක්
ටික දවසකින් කියයි ඕනකමින් කියලා ගස්සවගත්තේ කියලා (ස)
ගහපු අය වැලිකඩ යවමු (ස)
බැලුවහම අන්තිමට මම විතරයි නැගී සිටින්නේ. අනේ මටත් බැහැ අනේ. (නි)
ලංකාවේ සිද්ධවෙන දේවල් එක්ක බලපුවාම මේක සාමන්‍ය වැඩක්. (නි)
මැර වැඩ පුළුවන් නිසා වෙන්න ඇති අර වගේ තනතුරක් හොබවලා තියෙන්නේ (ස)
අපිට තියෙන්නේ විසදුම් දෙකයි. පළමු එක තමයි මොවුන්ව නැවත මහජන ඡන්දයෙන් බලයට පත්කිරීම. දෙවැන්න නම් කිසිවෙකුට ඡන්දය දීම ප්‍රතික්ෂේප කිරීම. (නි)
මෙහෙම කරන්න හේතුවත් හොයලා කියනවානම් නේද හොඳ ??(ස)
මේවාට කියන්නේ දේශපාලනඥයන්ගෙන් දේශපාලනඥයන්ට බෝවන මායා රෝගය කියලා. (නි)
වැරදිකරුවාට දඩුවම් දියයුතුයි. (නි)
කුමක් හෝ අනිසි යෝජනාවක්වත් කාටහරි කරන්න ගියාද? (නි)
නීතියක් තියෙන රටක වෙන දේවල් තමයි ඔය
අපි නැගී සිටිමු (ස)