ඉතා අඩු ගාස්තූ යටතේ යුරෝපයේ ගූවන් ගමන්වල යෙදෙන අයර්ලන්තයට අයත් රයන් ඵයාර් ගූවන් සමාගම තම ගුවන් යානාවල ගමන් ගන්නා මගින්ට අඩු ගාස්තූවක් ගෙවා හිටගෙන යෑම සදහා යානයේ පසුපස ස්ථානයක් වෙන් කිරිමට අදහස් කරයි. ස්ටර්ලින් පවුමකට (රුපියල් 200කට පමණ) හිටගෙන යෑමට හැකිවන බව සමාගමේ බලධරයෝ කියති. ගුවන් යානා අනතුරකදි ආසන පටියක් පැලද සිටීමෙන් ජිවීතයක් බේරාගත් පුද්ගලයකු ගැන වර්ථා නොවන බවද යානයක් ගොඩබැස්සිමේදි හා ගුවන්ගත කිරිමේදි ආසන පටියක යමි අවශ්‍යතාවයක් ඇතිවුවද තම ගුවන් යානා තුල හිටගෙන යන මගින්ට ඵ් සදහා අල්ලා ගැනීමට ඇන්දක් සකසන බව ද එම සමාගම කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්ටාලින් පවුම් එකක් කියන්නේ රු.200 ක් (ස)
මේවට කැමති අයත් ඉදිවි..!(නු)
ඉතාලි වලට හිටගෙන එනවද? ඉදගෙන එනවද? හිතාගන්නවත් බැහැ. (නි)
දැනුත් ලංකාවේ පුද්ගලික බස් රියදුරන් ඒවා එළවන්නේ ගුවන් යානා වගේ තමයි. (නි)
බස් වල වගේ පොල්ල අල්ලගෙන ඉස්සරහට යන්නත් කියාවිද දන්නේ නැහැ නේද? (නි)
මෙය සාර්ථක ක්‍රමයක් නොවේ. (නි)
මගදී තේ බොන්න නවත්වයිද දන්නෙ නැහැ. (නි)
ටිකට් කඩන්න ගන්නේ අපේ කොන්දොස්තර මල්ලිලාද? (නි)
මේකනම් විශ්වාස කරන්න බෑරි දෙයක්. (නි)
අඩු වියදමින් ගුවන් ගමන් යන්න මට පුළුවංද මගේ බිරිද ඔඩොක්කුවෙ තියාගෙන යන්න..?(නු)
හේත්තුවක් දාන් සැපට යන්න පුළුවන් (ස)
පවුම් එකට නම් යන්න බැහැ.. එහෙම කිව්වත් ස්ථාවර බදු ගාස්තු තියෙනවා.. අන්තිමට ටිකට් එකත් පවුම් පහක් දහයක් විතර වෙනවා. අනික ආසන වෙන්කිරීම් මාස ගානකට පෙර කළ යුතුයි.. ඒත් තාම්ත් රයන් එයා හරි ලාබයි.. ඒත් රයන් එයා එයාර්පෝට් තියෙන්නේ ප්‍රධාන නගරයෙන් තරමක් ඈතින්.. ඉතිං ගොඩබිම ගාස්තු සාමාන්‍යෙය්න ගුවන් ගාස්තුවලට වඩා වැඩියි.. මේවා තමයි නොකියන පැති.. ඒත් තාම ලාබයි..!(නු)
අපේ රටේ ප්‍රයිවට් බස්වල හිටගෙන යන මිනිස්සු කොහොමත් යන්නේ උඩින්නේ...ඉතින් ඕවා මොකටද ? (ස)
අදහස නම් හොදයි. ඒත් ඉතිං අපේ කට්ටිය ගුවනේදිත් ගැහැණු පාර්ශවයට කරදර කරයිද දන්නෙ නැහැ. (නි)
හා හා හා! අපේ බස් සේවය කොපි කරලා නේද? (නි)
ඒ රටේ හිටගෙන යන බවලත් උදවියට කරදර නැතුව ඇති මගෙ හිතේ. (නි)
ගුවන්යානාවල කාන්තාවන්ට සහ පිරිමින්ට වෙනත් ස්ථාන සාදන්න වෙයි..!(නු)
සුද්දන්ට එන්න කියමු, අපේ රට බලන්න කියමු,බලාලා ඉගෙන ගන්න කියමු අපි, සුද්දන්ට ටියුෂන් දෙමුකො අපී (ස)
පයිලට් අතර මගදි දුම්වැටි පානය කරාවිද ??(ස)
ලංකාවට මේ ක්‍රමය මුලින්ම දෑම්මා නම් ගොඩබස්සන්න ඉස්සෙල්ලා බහින හෑටිත්, නග්ගනකොට දුවලා නගින හැටිත් බලාගන්න තිබුණා. (නි)
චාමි, ඔයාට මේක වැදගත් වේවි. http://www.oanda.com/lang/sv/currency/converter/ (නි)
හේත්තුව දාන අයට පොඩි අවස්ථාවක් තියෙනවා (ස)
අපේ පුද්ගලික බස් වල හිටගෙන යන කට්ටියට ගාස්තුවෙන් භාගයක් ගන්න ක්‍රමයක් හදුන්වලා දෙන්න ඕනෑ. (නි)
තව ටික දවසක් යනකොට තටු දෙකේ එල්ලිලා යන්න පුළුවන් වේවි (ස)
මිහින් ලංකා එකෙත් මේ වැඩේ පටන් ගනීවිද? (නි)
ෆුට් බෝර්ඩ් එකෙත් ගෙනියවී පස්සේ (ස)
මේ ක්‍රමය ලංකාවේ "පුද්ගලික බස් සේවාව" 1978 දී හඳුන්වලා දුන්නේ.හැබැයි ලාබෙ ලබන්නේ නම් මඟියා නෙමේ. "පේටන්ට්" නොකරපු එකේ වැරැද්ද. (ස)
මෙම ගුවන් සේවයේ සේවාව අන්තිමයි...(ස)
ඔන්න ගුවන් යනා වල හිටගෙන යන එක විතරයි අඩුවකට තිබුනේ. ඒකත් හරි ගියා එහෙමනම්. (ස)
මටක් ඔකේ කවදා හරි යන්න හිතෙනවා (ස)
කොහොම හරි යන්න ඕනි (ස)
ස්ටර්ලින් පවුම් එකක් කියන්නේ කීයක්ද? (නි)
ස්ටර්ලින් පවුමකට (රුපියල් 2000කට පමණ) ???? (ස)
ඉස්සර වාඩි වෙලා...දැන් හිටගෙන..අනාගතේදී පාපුවරුවේ වගෙත් බැරිවෙන එකක් නෑ (ස)
ලංකාවේ පෞද්ගලික බස් ආදර්ශයට අරගෙනද කොහෙද ? (ස)
ලංකාවේ බස් වලින්ද දෙයියනේ මේක ඉගෙන ගත්තේ (ස)
සුද්දෝ අපෙන් ඉගෙනගෙන නේද මේ (ස)
බලාගෙන යද්දි හිටගෙන යන එකත් සැපයි (ස)
රුපියල් 200/= ද 2000/= ක්ද ?? (ස)
නියමයි. මේ ක්‍රමය අපේ රටේ බස් වලට හදුන්වලා දුන්නේ 1950දී විතර. (නි)
ගැටකපන්නොත් යයිද දන්නෙ නැහැ නේද? ලාබෙට ගිහිං පොකට් එකටත් තට්ටු වෙයිද දන්නෙ නැහැ..!(නු)
අපේ ගැමුණු මහත්තයා එහෙම රයන් එයා එකේ කොටස් ගත්තාද?(නු)
දැං රයන් එයාර් ලංකාව අනුගමනය කරනවා වගේ..!(නු)
ගැහැණු උදවියටයි පිරිමි උදවියටයි මුල ඉදලම වෙන වෙන්ව හිටගෙන යන්න සලස්වන්න ඕන.. නැත්නම් හේත්තුඋනා කියලා මගදි පොලිසිගානෙ රස්තියාදු වෙන්න වෙයි..!(නු)
ලංකාවෙ නම් තවම තියෙන්නේ ගල් යුගයනේ. (නි)
මේකෙ ඉදගෙන යන්නත් ගන්නේ යූරෝ පහක් දහයක් අතර එච්චර ලාබයි.. සේවාවන් හොද නැති උනාට.. මෙහෙම ලාබෙයට උඩින් යන්න බැහැනෙ.. හොද වැඩක්..!(නු)
කාන්තා පක්ෂය සහ පුරුෂ පක්ෂය එක පොදියට හිටගෙන යෑමෙන් ඇතුළු වීමේදී හා පිටවීමේදී සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුලුවන්. (නි)
බැරිද ජම්පින් සීට් දාන්න? (නි)
එයාලා අපිව අනුගමනය කරලා..!(නු)
මටත් යන්න ආසයි. තව ටික දවසකින් ලංකාවටත් යන්න පුලුවන් වෙයි. (නි)