මහා බි‍්‍රතාන්‍යයේ මහ මෙව්නා භාවනා අසපුවේ වස් අවසාන පිංකම වෙනුවෙන් සත් බුදු වන්දනාමය පින්කමක් සර්බිටන් හිදී පැවැත්විණි
සියයකටත් වඩා පිරිස ඊට එක්වූහ. පසුගිය කල්ප සියයේ බුදුන් වහන්සේ සත් නම වෙනුවෙන් ගිලන්පස පූජා පවත්වා අනතුරුව ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් සංවිධානය කර තිබිණි.






1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට පල්ලියක් වගේමි. හොඳ වෙලාවට බුදු පිළිම ටිකක් දැක්කේ (ස)
බොහොම වැදගත් අගය කල යුතු වැඩක් තෙරුවන් සරණයි, බුදු සරණයි (දී)
ගොඩාක් පින් සිද්ද වෙන පින් කමක් (දී)
සාධු...සාධු...සාධු... (දී)
ලෝකය විනාශ වෙන්න කිට්ටු වෙනකොට මිනිස්සුන්ට හරි වෙරැද්ද පැටලෙනවා. මිත්‍යා මතධාරීන් වැඩි වෙනවා. (ස)
ලෝකයම සාමයෙන් බැබලේවා (දී)
සාදු ! සාදු ! සාදු !! (ස)
අහෝ.. ශ්‍රියානි..! තමන් යමක් නොදන්නේනම් නිහඩව සිටින්න. නැතිනම් විමසා බලා අදහස් ප්‍රකාශ කරන්න. සත්බුදු වන්දනාව යනු ඔබට අලුත් දෙයක් වුණාට එය මහත් වු ආනිශංස ලැබ දෙන පූජාවක් බවත් එය ශ්‍රී මුඛ බුද්ධ දේශනාවක් බවත් බුද්ධිමත් බොදුනුවන් හොදින්ම දනී.යහපත් දෙ යපත් ලෙස දකින්න පුරුදු වන්න. මෙම වන්දනාවෙන් කුසල් අත් කරගත් පිරිස කොපමණ ඇතිද . ඒවා බලා අනුමෝදන්වන්න. අකුසල් කරගන්න එපා. ඔබට නුවණ පහළ වේවා..! තෙරුවන් සරණයි..! (ස)
ඒ කියන්නේ සංජීව කරන්නේ දෙවිවරුන්ගේ වැඩ. නිකන් මිනිස්‌සු මුලා කරනන එපා! ඇයි ඇම්ඩන් මහත්මයා පින්වත් නැද්ද? (ස)
සත්බුදු වන්දනාව ගැන සමහරු කරුණු කියන්නෙ ඒ ගැන හොදින් සොයාබැලීමෙන් පසු නොවේ මමද මුල්කාලයේදී සිතුවේ මේවා අලුත් මෝස්තරයක් කියා නමුත් අටානාටිය සුත්‍රය ඇසු පසු මට මගෙ ඇස් අදහාගැනීමට නොහැකිවූයේ සිවුවනක් පිරිසට මොනතරම් ආරක්ෂාවක් දීමට නොපෙනෙන ලෝකයේ පින්වත් දෙවිවරු උත්සහා කරනවාද කියා ඒ දෙවිවරු එය පටන් ගන්නේ කල්ප 100 ක් ඇතුලත පහල වූ බුදුන් වහන්සේලා සත්නමක් වන්දනා කිරීමෙන් ඒ නිසයි සත්බුදු වන්දනාව කියන්නෙ පින්වත් ශ්‍රියානි මහත්මිය පින්වත් සූරියප්පෙරුම මහත්මයා පින්වත් නිස්සංක මහත්මයා ඔබ සියලුදෙනා මේ ගැන හොදින් සොය බලා බුද්ධිමත් තීරණයක් ගන්න ඔබ සියලු දෙනාට තුණුරුවනේ අනන්ත ගුණ බලයෙන් සෙතක්ම වේවා (ස)
කට නිසා ගොඩක් අය අපායෙ යනව. සැමට මේ ජිවිතයෙදිම ධර්මය අවබෝධ කරන්න හෑකි වේවා. සාදු .. සාදු ... සාදු ... නමෝ බුද්ධාය !!! (ස)
පින්වත් ශ්‍රියානි මහත්මිය, අනුකම්පාවෙන් කියන්නට කරුණක් තියෙනවා ! ඔබගේ සිත ආරක්ෂා කරගන්න උත්සහ කගන්න. මෙවැනි අදහස් දැමීමෙන් ඔබ නොදැනුවත්වම ඔබට පව් පිරේවි. පවට වග කියන්න වෙන්නේ ඔබට මිස අන් කවරෙකුටවත් නොව්! ඔබ බුද්ධිමත්ව සිතන්නේනම් මා අදහස් කල දෙය වැටහේවා! ද්වේෂ නොකරත්වා! නමෝ බුද්ධාය! (ස)
ඉස්සර තිබුණෙ අටවිසි බුද්ධ පූජා විතරයිනේ. බුදුන් පුදන එක හොදයි. ඒත් ජනප්‍රිය අංක එකතුකරන්නේ යටි අරමුණු ඇතිවයි.අපි අනෙක් අයට වඩා වෙනස් කියල පේනවා බැලූ බැල්මට(ස)
ශ්‍රියානි සත්බුදු වන්දනාව අලුත් එකක් නෙමෙයි ...සතරවරම් දෙවිවරු පවා සත්බුදුරජානන් වහන්සේලාට නමස්කාර කරනවා ...ඔබ අහන්න අටානාටිය සුත්‍රය.. එහි සතරවරම් දෙවිවරු භාග්‍යතුන්වහන්සේට අටානාටිය සුත්‍ර ආරක්ෂාව ගැන කියන්නේ සත්බුදු රජාණන් වහන්සේලාට නමස්කාර කිරීමෙන් අනතුරුවයි... (විපස්සිස්ස නමත්තු , චක්කු මන්තස්ස සිරීමතෝ ) 277 කොටස පහත සබැඳියේ http://deeghanikaya.blogspot.sg/2010/06/blog-post_12.html (ස)
මේවා ලෝකෙටම ආදර්ශ (දී)
නිර්මල බුදුදහම තව කොපමන කලක් පවතීද? මෙවන් විච්චුර්න සන්විධානාත්මක දෙවල් මහානායක හමුදුරුවරුන්ගෙ නෙත ගැටේවා!!!(ස)
ශ්‍රියානි මහත්මියණි, අටවිසි බුදුවරුන් පිදුවත්, සත් බුදුවරුන් පිදුවත් පුදන්නේ අන්නතගුණ ඇති බුදුරජාණන් වහන්සේ ගේ ගුණයටයි. සත් බුදුවරුන් ගැන සූත්‍ර පිටකයේ ආටානාටිය, මහානිදාන ආදී සූත්‍රවල සදහන් වෙනවා. ඒ වාගේ ම සූත්‍ර පිටකය තුල සදහන් වෙන්නේ සත් බුදුවරුන් වහන්සේලා ගැන පමණයි. ඊට අමතරව බුදු රජාණන් වහන්සේලා ඕනෑම ප්‍රමාණයක් අතීතයේ පහළ වී වැඩ සිටින්නට ඇති. එමෙන්ම කඳ පිරිත තුළත් නමෝ සත්තානං සම්මා සම්බුද්ධන්ති කියා වන්දනා කර ඇත්තේ මේ සත් බුදු වරයාණන් වහන්සේලා උදෙසායි. එනිසා ඕනෑම පිංකමක් දෙස බලා සිතපහදාගෙන අනුමෝදන් වීමෙන් ඔබතුමියටත් බොහෝ පිං රැස් කරගත හැකියි. ඔබ තුමිය මේ කරුණු නොදන්නා නිසා මෙවැනි අදහසක් ඇති වූවායැයි සිතා එය දැනගැනීම පිණිසයි අප මෙම සටහන කරේ. තුණුරුවන් සරණයි!!! (දී)
සැමටම තෙරුවන් සරණයි (දී)
සංජීව මහත්මයා මේ ධර්මය තියෙන්නේ කපටි නැති වංචා නැති අවංක ප්‍රංඥාවන්ත අයට “ප්‍රංඥා වන්ත“ අයටයි මේ ධර්මය... ඒ නිසා ඕවා කියා දෙන්න යන්න එපා...(ස)
සාඳු !! සාදු !! සාදු (ස)