ලන්ඩන් බෞද්ධ විහාරයේ වාර්ෂික කාන්තා දිනය සංඝමිත්තා දිනය මෙවරත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්, දවස පුරාම බුද්ධ පුජා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා මෙන්ම භාවනා වැඩසටහන් ද පැවැත්විණි. ශ්‍රී ලාංකික මෙන්ම ලන්ඩන් බෞද්ධ විහාරයේ යුරෝපීය දායකයෝ පින්කමට සහභාගීවුහ. ලන්ඩන් බෞද්ධ විහාරයේ හිටපු විහාරාධිපතීන්වහන්සේ වූ ආචාර්ය මැදගම වජිරඥාන නාහිමියන්ගේ හය වැනි ගුණ සමරුව වෙනුවෙන් උන්වහන්සේට පිං පැමිණවීමේ සාංඝික දානයක් ද පැවැත්විණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සනයි (ස)
හොද දෙයක්.සාධු... සාධු... සාධු...! (නි)