බ්‍රිතාන්‍යෙය් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ වාර්ෂික පිරිත් පින්කම ලන්ඩන් බෞද්ධ විහාරාධිපති හා මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මහින්ද රාජපක්ෂ ජනපතිටත්, ශ්‍රී ලංකා වාසීනටත් සෙත් පැතීම සඳහා පැවති මේ පින්කමට ලන්ඩනයේ ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී නාහිමි, බර්මින්හැම් මහා විහාරාධිපති විතාරන්දෙනියේ කස්සක නාහිමි, නැගෙනහිර ලන්ඩනයේ ලුම්බිනි විහාරාධිපති මාකුරේ මංගල නාහිමි, ලෙච් වර්ත් ධම්ම නිකේතනාධිපති අකුරල සමිත නාහිමි ඇතුළු ලන්ඩනයේ බෞද්ධ හිමිවරු ඊට වැඩම කර සිටියහ.
ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස්, නියෝජ්‍ය කොමසාරිස් නෙවිල් ද සිල්වා මහත්වරු ද, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ ද, ලන්ඩනයේ ශ්‍රී ලංකා වාසීහුද මේ පින්කමට එක් වූහ.
සර්ව රාත්‍රික පිරිත් දේශනයක් සහ සාංඝික දානයක් පින්කමට ඇතුලත් වූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණත්වය ලොව රජයන විට ඉතිරි වන්නේ ධාර්මික මිනිසුන් පමණි. (නි)
මේවා පෙන්නලා එංගලන්තේ සුද්දන්ව මෙයාලා රවට්ටනවද දන්නේ නෑ (ස)
එතකොට පන්සල් කීයකින්ද හාමුදුරුවරුන් වැඩම කරලා තියෙන්නේ. එන්ගලන්තයේ පන්සල් දාහතරක් විතර තියෙනවානේ. ඒ කියන්නේ අනික් පන්සල් වලින් වැඩම කරලා නැද්ද? (නි)