IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ලන්ඩන් පිරිත් පින්කම පැවැත්වේ

බ්‍රිතාන්‍යෙය් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ වාර්ෂික පිරිත් පින්කම ලන්ඩන් බෞද්ධ විහාරාධිපති හා මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මහින්ද රාජපක්ෂ ජනපතිටත්, ශ්‍රී ලංකා වාසීනටත් සෙත් පැතීම සඳහා පැවති මේ පින්කමට ලන්ඩනයේ ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී නාහිමි, බර්මින්හැම් මහා විහාරාධිපති විතාරන්දෙනියේ කස්සක නාහිමි, නැගෙනහිර ලන්ඩනයේ ලුම්බිනි විහාරාධිපති මාකුරේ මංගල නාහිමි, ලෙච් වර්ත් ධම්ම නිකේතනාධිපති අකුරල සමිත නාහිමි ඇතුළු ලන්ඩනයේ බෞද්ධ හිමිවරු ඊට වැඩම කර සිටියහ. ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස්, නියෝජ්‍ය කොමසාරිස් නෙවිල් ද සිල්වා මහත්වරු ද, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ ද, ලන්ඩනයේ ශ්‍රී ලංකා වාසීහුද  මේ පින්කමට එක් වූහ. සර්ව රාත්‍රික පිරිත් දේශනයක් සහ සාංඝික දානයක් පින්කමට ඇතුලත් වූහ.  



අදහස් (0)

ලන්ඩන් පිරිත් පින්කම පැවැත්වේ

හිල්මි Monday, 19 November 2012 12:17 AM

මේවා පෙන්නලා එංගලන්තේ සුද්දන්ව මෙයාලා රවට්ටනවද දන්නේ නෑ (ස)

:       0       0

සිල්වා Sunday, 18 November 2012 12:19 PM

සාධාරණත්වය ලොව රජයන විට ඉතිරි වන්නේ ධාර්මික මිනිසුන් පමණි. (නි)

:       0       0

සම්පත් Monday, 19 November 2012 03:55 AM

එතකොට පන්සල් කීයකින්ද හාමුදුරුවරුන් වැඩම කරලා තියෙන්නේ. එන්ගලන්තයේ පන්සල් දාහතරක් විතර තියෙනවානේ. ඒ කියන්නේ අනික් පන්සල් වලින් වැඩම කරලා නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site