ලන්ඩන් බෞද්ධ විහාරයේ කඨින පින්කමට විහාරාධිපති මහා බ්‍රිතාන්‍යෙය් සංඝනායක බෝගොඩ සීලවිමල නා හිමියන් ප්‍රමුඛ ලන්ඩන් අවට පන්සල්හි භික්ෂූහු 18 නමක් පමණ වැඩම කැර සිටියහ. දොස්තර ප්‍රීති සහ නිමල් පීරිස්, දොස්තර චන්ද්‍රනි පීරිස්, මහාචාර්ය සමන් හා රංජනී වර්ණකුලසූරිය, මහාචාර්ය අමල් හා සුජාතා ගුණසේන, මහාචාර්ය ඩී.වයි.ඩී. සමරවික්‍රම, හා පද්මා සමරවික්‍රම, දායකත්වය දැරූහ. දේදුණු පිටියේ උපනන්ද හා කොන්වැව ආරියරත්න හිමිවරු ධර්ම දේශනා පැවැත්වූහ. ලන්ඩනයේ ශ්‍රි ලංකා මහා කොවසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් හා නියෝජ්‍ය මහා කොමසාරිස් නෙවිල් ද සිල්වා මහත්වරු ද මේ පින්කමට එක්වූහ.