බ්‍රිතාන්‍යයයේ දේශපාලන රැකවරණ පැතූ තවත් ශ‍්‍රී ලංකිකයෝ 29 දෙනකු එරටින් පිටුවහල් කරනු ලැබ බ්‍රිතාන්‍ය ආගමන විගමන හා පොලිස් නිලධාරීන් විසින් ඊයේ(07) මෙහි ගෙන එනු ලැබූහ. බ්‍රිතාන්‍ය රජය මොවුන්ගේ සරණාගත අයදුමිපත් ප‍්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව එරට සංක‍්‍රමණික කඳවුරු කිහිපයක රඳවා සිටි මෙම පිරිස් විශේෂ කුලී ගුවන් යානයකින් ලන්ඩන්හි හීතෘ ගුවන්තොටුපොළේ සිට මෙහි ගෙන අයේ දැඩි රැකවල් මධ්‍යයේය. බ්‍රිරිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයය සහ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංක‍්‍රමණිකයින් සඳහා වූ සංවිධානය මැදිහත්ව මොවුන් මෙරටට ගෙන්වීම සඳහා කටයුතු කර තිබුන අතර පිටුවහල් කැරුණු එක් පුද්ගලයකු වෙනුවෙන් දෙදෙනෙකු බැගින් බ්‍රිතාන්‍ය ආගමන විගමන නිලධරයෝ ද පොලිස් නිලධරයෝ ද ආහ. ඔවුන් අතර දෙමළ ජාතිකයෝ විසිපස්දෙනෙක් ද , මුස්ලිමි ජාතිකයෙක් ද සහ සිංහල ජාතිකයෝ තිදෙනෙක් වූහ. මොවුන් අතර පිරිමි විසිහය දෙනෙක් ද කාන්තාවෝ තිදෙනෙක් ද වූහ. .මොවුහු කිලිනොචිචිය, යාපනය, මඩකලපුව, වවිනියාව, කොළඹ සහ වත්තල ආදි ප‍්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මින් සමහර දෙනකු අධ්‍යාපනය හෝ රැකියා සඳහා බ්‍රිතාන්‍යයට ගොස් වීසා කාලය ඉක්මවූ පසුත් එහි රැුදී සිට අය වෙති. වූවෝ වෙති. තවත් පිරිසක් මෙරට පැවති යුධමය වාතාවරණය හේතුවෙන් දේශපාලන රැකවරණ පතා එරටට ගොස් විවිධ රැකියාවල නියුක්ත වුවෝ වෙති. මොවුන්ගෙන් බහුතරයක් වසර 01 කේ සිට වසර 4,05,06,10 දක්වා කාලයක් සරණාගතයින් ලෙස රැදී සිටිම්න් එරට විවිධ රැකියා කළ වූවන් වන අතර ශ‍්‍රී ලංකාවට නැවත පැමිණීමට අකමැති වූවෝ වෙති මීට පෙර අවස්ථා හයකදී බ්‍රිතන්‍යයෙන් පිටුවහල් කරන ලද ශ‍්‍රී ලාංකිකයෝ දෙසීයකට අධික පිරිසක් මෙලෙස මෙරටට ගෙනු එනු ලැබූහ. ඇත. ශ‍්‍රී ලාංකික සරණාගතයින් මෙලෙස බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කිරීම ආරමිභ කරනු ලැබූයේ 2011 වසරේදීය. එම වසරේ ජූනි 16, සැප්තැමිබර් 28, දෙසැමිබර් 15 සහ මෙම වසරේ පෙබරවාරි 28 සහ මැයි 31 දාත් සරණාගතයින් ලෙස කල්ගෙවූ ශ‍්‍රී ලාංකිකයෝ මෙරටට ගෙන එනු ලදහ. බ්‍රිරතාන්‍ය නිලධාරීන් විසින් මොවුන් මෙරට ආගමන විගමන නිළධාරීන්ට බාර දුන් පසුව කරන ලද විමර්ශනවලින් අනතුරුව මොවුන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අපරාධ විමර්ශන අංශයට බාර දෙන ලදී. රහස් පොලිසියෙන් සහ රාජ්‍ය බුද්ධි අංශයෙන් කරන ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙම පිරිස මුදා හැරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
837
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
ලන්ඩන් ගිය 29 යානයක පටවා එවති
දමින්ද Friday, 07 December 2012 03:24 PM
ඇයි බන්ඩාරට විතරද එංගලන්තේ ඉන්න පුළුවන් (ස)
කැටවල Saturday, 08 December 2012 01:33 AM
බොරු කියපු අයට බුදු සරණයි! (නි)
සෑම් Friday, 07 December 2012 04:28 PM
බණ්ඩාරට ඉරිසියාද අනිත් මිනිස්සු එංගලන්තෙ ඉන්නවට? ඔච්චර දුෂ්ට වෙන්න එපා අනේ.... (ස)
අජිත් කරු Saturday, 08 December 2012 06:18 AM
හම්බකරගත්ත සල්ලි තියෙන නිසා මේ දවස්වල කොළඹ පැත්තේ ඉඩම් විකුණන වෙලාව නිසාත් යාපනේ යන්නේ නැතිව මෙහෙම පදිංචිවෙන්න පුළුවං..!(නු)
කුමාර Friday, 07 December 2012 04:33 PM
බලන්න ලැජ්ජාව
සෑම් Saturday, 08 December 2012 04:48 PM
යනකොට හිතුවද (දී)
පිටිගල මිලානෝ Friday, 07 December 2012 05:32 PM
මෙහෙම බලනකොට ඉතාලි ආණ්ඩුව කොච්චර හොඳද, (අ)
උපුල් Friday, 07 December 2012 06:47 PM
ඇයි බන්ඩාර එහේ රැජින ඔයාගේ නෑදෑ කෙනෙක්ද ?(ස)
ලෝහිත Saturday, 08 December 2012 10:44 AM
යූ.කේ. වලට සල්ලි වැඩිවෙලාද මන්දා. (නි)
අනුර Friday, 07 December 2012 02:25 PM
සාධරයෙන් පිළිගනිමු. දැන් රටේ යුද්ධයක් නැහැ .හොඳින් ජීවත් වෙන්න නිදහස තියෙනවනේ (ස)
චතුල වෙරෝනා Friday, 07 December 2012 02:38 PM
එද්දි ඇපල් මිදි වගේ දේවල් ගෙනත් නැත්ද?(ස)
රවින්ද්‍ර Friday, 07 December 2012 09:30 PM
පරික්ෂා කරාන්න (දී)
බන්ඩාර Friday, 07 December 2012 02:37 PM
අනේ හොඳයි ඔක්කොම පටවල යවන්න (ස)
රවින්ද්‍ර Friday, 07 December 2012 09:31 PM
අයියෝ සල්ලි