එංගලන්තයේ කොන්වෝල් ප්‍රාන්තයේ උද්භිද උද්‍යානයක ඉපැරණි සම්ප්‍රදායික ගෙවතු තාක්
ගොම පොහොර භාවිතාකරමින් හරිතාගාරයක් අවුරුදු දෙකක් තිස්සේ වවන ලද අන්නාසි ගස් අටක මේ අවුරුද්දී ගෙඩි හටගෙන ඇත. මේ අවුරුදු දෙක ඇතුළත අන්නාසි පැල අට රැක බලා ගැනීම සඳහා උද්භිද උද්‍යානය වියදම්කර ඇති මුදල සහ මිනිස් ශ්‍රමය ගණන් බැලුවිට එක අන්නාසි ගෙඩියක් සඳහා අවම වශයෙන් රුපියල් ලක්ෂ දෙකක් පමණ වැයවී ඇති බව කියති. කෙසේනමුත් මෙම අන්නාසි වගාව වෙළඳපොළට යැවීමට බලාපොරොත්තු නොවන අතර හොඳින් ඉදුණ පසුව උද්‍යානයේ කාර්ය මණ්ඩලය අතරේ බෙදා හැරීමට බලාපොරොත්තුවෙයි.
ලබන වසරේදී මෙම වගාව මීටවඩා විධිමත්ව ක්‍රියාත්මක කිරීමටත් එමගින් සැලකියයුතු ප්‍රමාණයේ අන්නාසි වත්තක් නිර්මාණය කිරීමටත් බලාපොරොත්තු වෙයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ ඕවා මෙහේ අයට කියන්න එපා, අපේ අයත් මෙහේ අන්නාසි රු. 100000 ට විකුණාවි (ස)
මේ කන බොන විෂ යවන්න ඕවයින් විතරක් පුලුවන්ද (ස)
ලංකාවේ මෙහෙම වුණත් එන්ගලන්තෙ එහෙම වෙන්නෙ නැහැ... (නි)
ස්වාභාවික දේ මිල කල නොහැකියි . ලංකාව පුන්‍ය භූමියකි !!! (ස)