ජාතික ස්ක‍්‍රැබල් ශූරයා වන ලක්‍ෂාන් වන්නිආරච්චි සහ යොවුන් ක‍්‍රීඩක යෙෂාන් ජයසුරිය එක්ව ස්ක‍්‍රැබල් ලෝක වාර්තාව අභිබවා යෑමට සමත්වුහ.
ස්ක‍්‍රැබල් ක‍්‍රීඩාව යනු අකුරු යොදා ගනිමින් හරස් පද ප‍්‍රහේලිකාවක ආකාරයෙන් කෙරෙන ජාත්‍යන්තර ක‍්‍රීඩාවකි. ඉංග‍්‍රීසි භාෂාව ඇතුළු භාෂා ගණනාවකින් ලොව පුරා ක‍්‍රියාත්මක වන මෙහි අකුරු 100 ක් යොදා ගනිමින් වචන සෑදීම කළ යුතුය. සකසන වචන අනුව ලකුණු පිරිනැමේ. ශ්‍රී ලංකාවේදී ඉංග‍්‍රීසි භාෂාවෙන් මෙම ක‍්‍රීඩාව ක‍්‍රියාත්මකවේ.
2002 වසරේදී බි‍්‍රතානයේ ක‍්‍රීඩකයන් දෙදෙනකු පිහිටුවා තිබු ලෝක වාර්තාව මෙම වසරේ ජුලි මස ඕස්ටේ‍්‍රලියාවේ ක‍්‍රීඩකයන් දෙදෙනකු විසින් අභිබවා යන ලදි. බි‍්‍රතාන්‍යයේ ක‍්‍රිස් හෝකින්ස් සහ ඔස්ටින් ෂින් පැය 24 කදී 185 වාරයක් ක‍්‍රීඩා කරමින් ලකුණු 162,171 ක් ලබා නිල වාර්තාවට හිමිකම් කියති. ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයෝ දෙදෙනා පැය 24 කදී 195 වාරයක් ක‍්‍රීඩා කරමින් ලකුණු 170,682 ක් ලබා ලෝක වාර්තාව අභිබවා ගියහ.
ලක්‍ෂාන් සහ යෙෂාන් එක්ව පැය 24 කදී 224 වාරයක් ක‍්‍රීඩා කර ලකුණු 196,525 ක් ලබා ලෝක වාර්තා දෙකම අභිබවා යාමට සමත්වුහ. ලෝක ගිනස් කමිටුවේ නීතිරීතිවලට අනුව ලෝක ඉංග‍්‍රීසි ස්ක‍්‍රැබල් ක‍්‍රීඩකයන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා ස්ක‍්‍රැබල් ලීගයේ නිලධාරීන්ගේ අධීක්‍ෂණයෙන් කොළඹදී මෙම තරගය පැවැත්විණ.
සම්පත් බැංකුවේ මුල්‍ය පිළිබඳ මහජන සම්බන්‍ධතා කළමනාකරු ලෙස සේවය කරන ලක්‍ෂාන්, ජාතික ස්ක‍්‍රැබල් ශූරතාව හත් වරක් දිනාගත් ක‍්‍රීඩකයාය. ලෝක ස්ක‍්‍රැබල් තරගාවලි හයක් ඇතුළු ජාත්‍යන්තර තරග රැුසකට ද ලක්‍ෂාන් සහභාගිවී තිබේ.
ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ ඉගෙනුම ලබන 17 හැවිරිදි යෙෂාන් පසුගිය වසරේ දක්‍ෂතම පාසල් ස්ක‍්‍රැබල් ක‍්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය. යෙෂාන්, ලෝක යොවුන් ස්ක‍්‍රැබල් තරගාවලියේදී (2011) සිවුවැනි ස්ථානය ලබා තිබේ.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලක්‍ෂාන් - යෙෂාන් ස්ක‍්‍රැබල් ලෝක වාර්තාව අභිබවා යති