IMG-LOGO

2024 මැයි මස 10 වන සිකුරාදා


ලංකාවට ගොල්ෆ් වලින් ජය පිට ජය

`ජාත්‍යන්තර තරගයකින් රන් පදක්කමක් ලබා ගත් පළමු අවස්ථාව මෙය බවත් මෙම ජයග්‍රහණය ලබා ගැණිමට තමා සිතූ තරම් අපහසු නොවූ බවත්` ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති අටවෙනි එන්.සී.ආර් ගොල්ෆ් කුසලාන ශූරතාවලියේ කේවල ශූරතාවය සහ කණ්ඩායම් ශූරතාවය දිනාගනිමින්  දිවයිනට පැමිණි විජිත බංඩාර කටුනායකදී එසැණට කීය.
අදාල තරගාවලියේ කේවල ශූරතාවය විජිත බංඩාර විසින් දිනාගත් අතර විජිත බංඩාර සහ සිසිර කුමාර එකතුව කණ්ඩායම් ශූරතාවය දිනාගත්හ.
ශ්‍රී ලංකාවට ගෞරවයක් එක්කර දෙමින් දිවයිනට පැමිණි මෙම ක්‍රීඩකයන්ව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  ඉතා උනුසුම් අන්දමින් පිළිගනු ලැබූහ.
තරගාවලිය  ඉන්දියාව, අයර්ලන්තය, පාකිස්තානය, නේපාලය, ජර්මනිය සහ ශ්‍රී  ලංකාව යන රටවල්හි   ක්‍රීඩකයෝ  හැත්තෑ පස් දෙනෙකුගේ  සහභාගීත්වයෙන් පසුගිය 26 වෙනිදා සිට 01 තෙක් නවදිල්ලියේදී පැවැත්විණි.
 කේවල ශූරතාවය දිනාගත් විජිත බංඩාර මහනුවර කෙංගල්ල විද්‍යාලයේ ආදි සිසුවෙක් වන අතර සිසිර කුමාර බොරුල්ල එස්.ඩබිලිව්.ආර්.ඩී බන්ඩාරනායක විද්‍යාලයේ ආදි සිසුවෙකි.
තම පියා ගොල්ෆ් ක්‍රීඩාව හා සම්බන්ද රැකියාවක් කරන බැවින්  කුඩා කල සිට ක්‍රිඩා කිරීමට අවස්ථාව ලැබුන බවත් එසේම තම පුහුණු කරුවූ ජගත් කල්දේරා මහතාගේ නිවැරදි මග පෙන්වීමත් නිසා මෙම ජයග්‍රහනය  පහසුවෙන් ලබා ගත හැකි වූ බවත් ඔහු කීය.
තමා වසර දහයක් පමණ තිස්සේ කරන ලද පුහුණු වීමේ ප්‍රථීඵලය අද ලැබී ඇති බවත්  එළඹෙන දකුණු ආසියානු තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ගෞරවයක් ලබා දීමට  බලාපොරොත්තුවෙන් සිටින  බවත් කීය.

 

 

 

 

 

 



අදහස් (0)

ලංකාවට ගොල්ෆ් වලින් ජය පිට ජය

ඉෂාර Monday, 04 March 2013 09:00 AM

ගියා දන්නෙත් නෑ, සෙල්ලම් කලා දන්නෙත් නෑ,ආවා දන්නවා. (ස)

:       0       0

දිමුතු Sunday, 03 March 2013 06:05 PM

නියමයි ,සියලු දෙවිපිහිටයි ඔබ සියලුම දෙනාට.ඉදිරියටත් මෙවැනි ජයක්ග්‍රහණ අපේ රටට ගෙන එන්න ලැබේවායි පාර්ථනා කරමි.(නදී)

:       0       0

ඉසුරු Monday, 04 March 2013 10:16 AM

ජයවේවා ..... ලංකා ..... ජයවේවා (දී)

:       0       0

ප්‍රනීත් Sunday, 03 March 2013 07:54 PM

දිනලා එද්දි තමයි අපේ අයියලට මෙයාව මතක් වෙලා තියෙන්නේ. ඒකනේ සෙල්ලම් කරන පොටෝ නැත්තේ.(නදී)

:       0       0

ධම්මිකා Sunday, 03 March 2013 11:11 AM

උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

රූපා Sunday, 03 March 2013 11:32 AM

ෂා... නියමයි මල්ලී! (නි)

:       0       0

ගාමිණී Sunday, 03 March 2013 11:29 AM

ගෝල්ෆ් ක්‍රීඩකයන්ට උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

ඉරේෂ් Sunday, 03 March 2013 11:51 AM

නියමයි පුතා. ඔහොම යමු. (නි)

:       0       0

අමිල Sunday, 03 March 2013 01:51 PM

කුමක් හෝ හොද දෙයකින් ශ්‍රී ලංකාවට ගෞවරයක් ලැබීම අපේ සතුටයි.(නදී)

:       0       0

මහින්ද Sunday, 03 March 2013 02:14 PM

මීටපෙරත් අපි කිහිප වරක්ම ජාත්‍යන්තර ජයග්‍රහණ ලබලා තියෙනවා නේද? (නි)

:       0       0

මහින්ද Sunday, 03 March 2013 02:14 PM

ඔබට සුභ පැතුම්! (නි)

:       0       0

ලලිත් Sunday, 03 March 2013 02:54 PM

ජය වේවා දරුවනි! ජයම වේවා! (නි)

:       0       0

අනූ Sunday, 03 March 2013 03:11 PM

සුභ පැතුම්! (නි)

:       0       0

තුසිත Monday, 04 March 2013 07:26 AM

නියමයි පුතා නියමයි. (නි)

:       0       0

චන්ද්‍රමිරි Sunday, 03 March 2013 03:32 PM

ජය වේවා! උනුසුමි අන්දමින් පිලිගෙන නැහැ.(නදී)

:       0       0

පිටිගල Sunday, 03 March 2013 03:40 PM

සැමදා පරදින ක්‍රකට් වලට වියදම් කරන සල්ලි මෙන්න මේවට වියදම් කරන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ගෙවීම් ඉහළ දමයි
2024 මැයි මස 10 197 0

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගාස්තු වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ බවත් ක්‍රීඩකයන් 41 දෙනෙක් වාර්ෂික කොන්ත්‍රාත්තුවට ඇතුළත් කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට්


කට්ටි පැන්න කොන්ත්‍රාත්කාරයන්ට කෝටි හතක් පුදලා
2024 මැයි මස 10 360 0

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදුවී ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට පොදු ව්‍යාපාර පිළිබඳ


සභාපතිකම ඉල්ලා මෛත්‍රි උසවි යයි
2024 මැයි මස 10 924 2

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ අතුරු නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා අභියාචන පෙත්සමක් හි


වලස්මුල්ල රෝහලට අකුණු සැරෙන් හානි
2024 මැයි මස 10 795 1

වලස්මුල්ල මූලික රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට අකුණු සැර වැදීමෙන් එම ඒකකයට දැඩි හානි සිදුව ඇති බව වලස්මුල්ල පොලීසිය පවසයි.


බෙහෙත් බඩු කඩෙන් කප්පම් ගත් පොලිසියේ තුනක් මාට්ටු
2024 මැයි මස 10 777 1

මෝදක ගුලි අලෙවි කළේ යැයි කියන සිංහල බෙහෙත් බඩු වෙළඳසල් හිමියා අත් අඩංගුවට නොගෙන මුදා හැරීමට රුපියල් ලක්ෂ එක හමාරක් ගත් බව කියන පොලිස් නිලධාරීන් තිදෙන


ඩයනාගේ පෙත්සමට දින දෙයි
2024 මැයි මස 10 1900 0

පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට සමගි ජන බලවේගය ගත් තීරණය බලරහිත කිරීමේ තීන්දුවක් ඉල්ලා හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කර තිබූ පෙත්සම මේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 587 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2078 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1820 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site