ආසියානු යොවුන් බර ඉසිලීමේ තරගාවලියට සහභාගිවීම සඳහා මියන්මාරය බලා යමින් සිටි ශ්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සිවුදෙනා බැංකොක් ගුවන් තොටුපළේ රැදී සිටියදී ශ්‍රී ලාංකිකයකු විසින් ඔවුන්ට එතෙක් අඩුවක්ව පැවැති ක‍්‍රීඩා පාවහන් ඒ මොහොතේදීම බැංකොක් ගුවන් තොටුපළේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයෙන් මිලදී ගෙන ඔවුන්ට ලබාදීමට කටයුතු කර තිබේ. මෙම ශ්‍රී ලාංකිකයා වන්නේ නිශාන්ත මීගල්ල මහතායි.
මීගල්ල මහතා ජපානය බලා යෑමට එම අවස්ථාවේදී තායිලන්තයේ බැංකොක් ගුවන් තොටුපළේ රැුදී සිටි බවත්, ඔහු වසර ගණනාවකින් පසුව මුණ ගැසුණු තමාගේ මිතුරෙකු බවත් මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකා පිලේ කළමනාකරු ලෙස කටයුතු කළ පූර්ණ කාහිංගල මහතා ‘ලංකාදීපයට’ පැවසීය.
මීගල්ල මහතා සමග තරග සංචාරය පිළිබඳව සාකච්ඡුා කරමින් සිටියදී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ දුෂ්කරතා අසා ඒ ගැන අවධානය යොමු කළ ඔහු මෙම පරිත්‍යාගය කිරීමට ඉදිරිපත් වු බව කාහිංගල මහතා වැඩිදුරටත් පැවසීය.
මීගල්ල මහතා කළ මෙම පරිත්‍යාගයෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දිරිමත් වු බවත් කාහිංගල මහතා පවසයි. ශෂික ඒකනායක, ඉසුරු සේනාධීර, දිනුදා අබේසේකර සහ ඞී.වී.පලගසිංහ මෙම බර ඉසිලීමේ තරගාවලියට සහභාගිවුහ.
ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාව සහ ක‍්‍රීඩකයන් තිදෙනා කොළඹින් පිට පළාත්වලින් තරගාවලියට සුදුසුකම් ලබාගත් බවත්, ඔවුන් මෙම තරග සංචාරයට සහභාගිවීමේදී ආර්ථික අපහසුතා රැසකට මුහුණ දුන් බවත් කාහිංගල මහතා පැවසීය.
රටවල් 34 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහභාගීත්වයෙන් පෙරේදා (11) අවසන් වු මෙම තරගාවලියේ්දී ශෂික ඒකනායක කිලෝග‍්‍රෑම් 50 බර පංතියෙන් (පිරිමි) රන් පදක්කමක් සහ රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත්විය.
ශ්‍රී ලංකා බර ඉසිලීමේ පිල ඊයේ (12) දිවයිනට පැමිණියේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දන්නවා මෙයා , පොළොන්නරුවේ නේද හිටියේ 1998 ජපානෙට ගියා...(ස)
මෙන්න නියම ලාංකීය මහත්තයෙක් .බොරු කයිවාරු කාරයින්ට ඔබතුමා ආදර්ශයක්. මේ වගේ අහිංසක දරුවන්ට ඔබතුමා මිහිපිට දෙවියෙක් , බුදු සරණයි (ස)
ඔන්න නියම මිනිස්සු . එතුමාට තවත් පරිත්‍යාගයන් කරන්න වාසනාව, ධෛර්‍ය , ශක්තිය ලැබේවා !! (ස)
ඔබට වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..ජය වේවා (ස)
කොටන් අදින අලියි, පෙරහැරේ යන අලියි අතර තියෙන්නෙත් ඔය වෙනසම තමයි (ස)
විශිෂ්ට ශ්‍රී ලාංකිකයෙක් !! ක්‍රීඩා අමාත්‍යාංශයේ ඇස් ඇරේවා (ස)
නැති අවස්ථාවෙදි පිහිට වීම තමයි උතුම්ම දේ. (නි)
ඔබගේ උතුම් වැඩේ සාර්ථකයි. අපේ කොල්ලෝ ටික දිනුවා. (නි)
හොද ශ්‍රී ලංකාවක්. (නි)
ඇත්තටම සන්තෝෂයි. ඔහොම මිනිස්සු අඩුම ගණනේ 50ක් වත් හිටියා නම්? (නි)
රගර් මැච් වලට වියදම් කරන්න නම් සල්ලි ඕනෑතරම්. (නි)
මිනිසුන් අතර දෙවි කෙනෙක්. උතුම් සත්ක්‍රියාවක්. (නි)
ඔය විවිධ ක්‍රීඩා කරන්නේ නැතුව අර 'අපේ පුතාලා' කරන ක්‍රීඩා කරන්නකො. (නි)
මෙවන් මිනිසුන් අද සමාජයේ සොයාගැනීම ඉතා අපහසුයි. (නි)
සියල්ලන් අතරින් සුවිශේෂී පුද්ගලයෙක්. (නි)
සැප කැමැත්තෝ පින් කෙරෙත්වා! (නි)
ලක් මවගේ පින්බර පුතුණුවනි ඔබට සඳා ජය (ස)
ආදර්ශවත් ශ්‍රී ලංකා පුතෙක්. ඔබට තෙරුවන් සරණයි! (නි)
ගොඩක් සතුටුයි (ස)
ඔබට වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා (ස)
රජයේ වියදමින් තමන්ගේ දරුවන්ට ක්‍රිකට් පිති පවා සාදා දුන් දේශපාඥයින් ඉන්නවා අපේ රටේ. (නි)
දරුවෝ හතර දෙනාගේ ඉදිරි අනාගතය වෙනුවෙන් සහ ලක් මවගේ කීර්ති නාමය වෙනුවෙන් ඔබ කළ උදවුවට අපගේ උත්තමාචාරය! (නි)
රේසින් කාර් වලට දීපු සහනය ඇයි මේ වගේ දේවල් වලටත් දෙන්න බැරි? (නි)
සුභ පැතුම්! ඔබට දෙවි පිහිටයි මහත්මයාණෙනි. (නි)
නිශාන්ත අයියේ, ස්තූතියි. හුගක් දවසකට පස්සේ උත්තමයෙක් දැකගත්තේ. (නි)
නියම ශ්‍රී ලාංකිකයෙක්. (නි)
නිශා, ඔබට මගෙන් සුභ පැතුම්! (නි)
ඉතා හොද මහත්තයෙක්. රටට ආඩම්බරයක්. (නි)
ඔබගේ කාරුණිකභාවයට ස්තූතියි. (නි)
අයියෝ සල්ලි
වාසනාවක් නොවෙයි කනගාටුවට කාරණාවක් මොකද ස[පත්තු නැතුවද තරගෙට ගියේ (දී)
මේක නම් බොහොම හොද වැඩක්.ඔබට පින්. (නි)
රට විනාස කරන මුදල් වලින් රට වෙනුවෙන් ක්‍රීඩාකරන ක්‍රීඩකයන්ට උදව්කරන්න මැති ඇමතිවරුන්ගේ සිත් යොමු වේවා ...(ස)
මිනිසුන් අතර මිනිසෙක්........හොද මහත්මයෙක්...
පදක්කම් ගත්තු නිසා මීගල්ල මහත්තයාගේ නම කියවුණා. (අ)
හිත හොඳ ලක් පුතෙක් (අ)
ඔන්න නියම මිනිස්සු. ලංකාවේ ක්‍රීඩාව හරිනම් තියෙන්න ඕනෑ මීට වැඩිය බොහොම ඉදිරියෙන්. (නි)
නියම ලාංකිකයෙක්. ඔබතුමාට බොහෝ පින්. (නි)
ඔබට වැඩිවැඩියෙන් ලැබේවා! (නි)
ශශික, ඔබ දැයට කිරුළක්. (නි)
හිත උණුවන මහතෙක්. ඇත්තමයි හරි සතුටුයි. (නි)
ඒ සපත්තු බලන්න ලස්සන ඇති. කෝ ඉතිං අපිට ඒ වාසනාව නැහැනේ. (නි)
පුදුමයි. සපත්තු නැතුව කොහොමද තරගයට ගියේ? (නි)
අයියෝ සල්ලි හොදයි හොදයි
ඔබ වැනි පුද්ගලයින් අපගේ ක්‍රීඩා පරිපාලනයේ නොසිටීම කණගාටුවට කරුණකි. (නි)
අපේ අය පදක්කම් ගෙන්වන්න කතාකරාට අපේ ක්‍රීඩකයොන්ට ඕනි සපත්තුවත් නෑ..අනේ මේවා කාටද කියන්නේ (ස)
නියම වැඩක් (ස)
මීගල්ල මහතාණෙනි, ඔබ වැනි අය තව තවත් ලක් මවට වාසනාවන් ! (ස)
හොද පින්වත් වැඩක්. ඔබට සදා ජය! (නි)
නියම වැඩක් (ස)
අයියෝ සල්ලි
ඔබතුමාට වැඩි වැඩියෙන් ලැබේවා (ස)
සපත්තු දෙකක්වත් අරගෙන දෙන්න බැරි අමාත්‍යංශද අපිට තියෙන්නේ? (නි)
ක්රීඩා ඇමතිතුමා මේ අඩුපාඩු දන්නේ නැද්ද (ස)
හොද මහත්තයෙක්. (නි)
හොඳ කියාවක් මේ මහත්මයා කරලා තියෙන්නේ (ස)
සන්තෝසයි නොවෙයි අපි කනගාටු වෙන්න ඕනේ
ඔය බර උසුලන තරඟ දැන් කවුරුවත් ගණන් ගන්නේ නැහැ. ඇයි මේගොල්ලන්ව රේසිං කාර් පදින තරඟ වලට යොමු කරන්න බැරි ??(ස)
ජපානය බලා යන ගුවන් මාගියෙකුගෙන් සපත්තු කුට්ටම් ලබා ගැනීමට තරම් අපේ ක්‍රීඩා අමාත්‍යංශය පහත් මට්ටමකද ඉන්නේ..ජනතාවගේ බදු මුදල් වලට මොනවාද කරන්නේ.. මේකද ආශ්චර්යය..!(නු)
අන්න නියම සිංහල ලේ (ස)
සහභාගි වුණූ සියලු ක්‍රීඩකයන්ට සුබ පැතුම්! මහතාණෙනි, ඔබට පින්. (නි)
ලංකාවේ ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් සපත්තු වගේ දේවල් බදු වලින් නිදහස් කළා නම් හොදයි. (නි)
උතුම් පරිත්‍යාගයක්. උදවුවක් කළ යුත්තේ උදවුවක් ලැබිය යුතු අයටයි. (නි)
දැන්නම් සල්ලි නැතුව ඇති මෙයා, තිබ්බ ටික අධිවේගට දැම්මනේ. වරද්දනේ නැතුවම ආශ්චර්යයට ගියගමන් සපත්තු අරන් දෙයි. (නි)