එෆ්. අයි. එච්. පිරිමි ලෝක හොකී ලීග් තරගාවලිය නොවැම්බර් 27 සිට දෙසැම්බර් 2 වැනිදා දක්වා දෝහා කටාර්හිදි පැවැත්වේ. තුර්කිය, කටාර්, අසර්බයිජාන් සහ ඕමානය මෙම තරගාවලිය සඳහා 18 දෙනකුගෙන් සමන්විත ශී‍්‍ර ලංකා කණ්ඩායමක් සහභාගි වෙයි. ලීග් තරගයේ ජයග‍්‍රකයෝ තරගාවලියේ දෙවැනි වටය සඳහා සුදුසුකම් ලබති. අංජු හේවගේ ශ‍්‍රි ලංකා පිලේ නායකත්වය දරණ අතර ජේ.ඒ.එන්. පෙරේරා කණ්ඩායමේ කළමණාකරු වෙයි. ශී‍්‍ර ලංකා පිලේ පුහුණුකරුවන් ලෙස එස්.එම්. මුලාෆර් කටයුතු කරති. පළමු තරගයේදී ශී‍්‍ර ලංකා පිල තුර්කිය සමග තරග කිරීමට නියමිත අතර දෙවැනි තරගය ඕමානය සමග නොවැම්බර් 30 වැනි දින පැවැත්වේ. තුන්වැනි තරගය දෙසැම්බර් 1 වැනිදා කටාර් පිලට එරෙහිව පැවැත්වේ. ශී‍්‍ර ලංකා කණ්ඩායම අංජු හේවගේ (නායක), දිලූක වීරසූරිය (උප නායක), ඞී. අබේරත්න, සමීර පෙරේරා, පී.ජී. ජයරත්න, ටී රත්නසිරි, එම්.ටී. මහේෂ්, කේ. ධර්මරත්න, අජිත් බන්ඩාර, තිලිණ පෙරේරා, නලන්ත ද සිල්වා, උපුල් ධනුෂ්ක, කේ.එම්. ගුණවර්ධන, ඞී.එම්. විජේකෝන්, එම්. සපුගස්ගොඩගේ, ආර්.ඒ. රණසිංහ, එම්.එස්.එම්. මුලාෆර් සහ පී දිසානායක නිලධාරීහු ජේ.ඒ.එන්. පෙරේරා (කලමණාකරු), එම්.ඒ.එම්. අමීර්දීන් (සහාය කළමණාකරු), එස්.එම්. මුලාෆර් සහ එච්.එන්.සී.එච්. බණ්ඩාර (පුහුණුකරුවෝ)
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මදි ලෝක තරගයකට රටවල් පහද ඉන්නෙ..?(නු)