ඩුබායි ගුරු ගෙදරක වසර 12ක් ගෘහසේවිකාවක වූ ශ්‍රී ලාංකික කතක රුපියල් එක්කෝටි අසූ ලක්ෂයක් වටිනා රන් අබරණ හා වෙනත් බඩා භාණ්ඩ සොරකම් කිරීමේ වරදට ඩුබායි අධිකරණය හය මාසයක සිර දඩුවමක් නියම කළේය. තිස් හතර හැවිරිදි මේ කත සිර දඩුවම අවසානයේ ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිතය. 42 හැවිරිදි ගුරුවරයා සාක්කි දෙමින් පැවසුවේ මාසයකට ඩිරාම් 4000ක් හෙවත් රුපියල් 144000ක් වැටුප් ගත් ඇය වසර 12 නිවසේ සේවය කළ බවයි. ගුරුවරයා පැවසුවේ තම අසල්වැසියාගේ නිවසේ මෙහෙකාරිය ඇය හමුවීමට පැමිණ ගෙදරට ඉඩු මුට්ටු වගයක් යැවීමට උදව් කරන ලෙසයි. ‘ඇය බෑගයකට මොනවාදෝ දැම්මා. මට සැකයක් ඇති වුණා. මගේ හා මගේ දරුවන්ගේ රෙදිපිළිත් එහි තිබුණා. මගේ දරුවන්ගේ කාමරයේ රන්බාණ්ඩ පෙට්ටියේ යතුරත් එහි තිබුණා. රන් බාන්ඩ සොරකම් කළ බව පිළිගත්තා. ඩිරාම් 2500ක් (රුපියල් 90000ක්) වටිනා අත්පළඳනාවක් ආපසු භාර දුන්නා. ‘ යැයි ගුරුවරයා සිය සාක්කියේදී සඳහන් කළේය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයත් දකුණේ කෙනෙක්ද දන්නේ නෑ (ස)
වසර 12 ක්ම හිරේටත් දැම්මනම් තමයි හොඳ (ස)
අයියෝ සල්ලි
චික් විතරක් !අපටත් ලැජ්ජයි (ස)
අද සමහර ඉන්ජිනේරුවන්ටවත් නෑ ඔය තරම් පඩියක් . ලංකාවම ඉවරයි (ස)
උල තියන්න ඕනි (ස)
මෙහෙම දඩුවම් දීලා මදි. අවුරුදු 6 ක් වත් හිරේ තියන්න ඕනි (ස)
මේකනම් විශ්වාස කරන්නත් අමාරුයි . මාසික පටිය රු. 144000 ක්. හිතාගන්නත් අමාරුයි (ස)
අයියෝ සල්ලි
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ (ස)
ලංකාවේ හැමෝම මේ රටට ගියානම් අවුරුදු දෙකක් වැඩ කලා නම් ඇති. මන්ත්‍රී කෙනෙක්ටවත් ලංකාවේ මෙච්චර පඩියක් නැහැනේ. (ස)
අනිත් රටවලින් එන ගෘහසේවිකාවන්ට දෙන පඩියට සාපේක්ෂව මෙය ඉතා සුළු පඩියක්. පිලිපීනය ,ඉන්දුනීසියාව වගේ රටවලින් එන අය එහෙ තානාපති කාර්යාලවලින් එවන්නේ ඩිරාම් 800ක අවම කොන්දේසි මත . නමුත් කියන්න ලැජ්ජයි අපේ ඒජන්සිකරුවන් තමයි මේවගේ අඩු පඩියකට සේවිකාවන් සපයන්නේ. ඩිරාම් 400 ලංකාවේ මුදලින් රුපියල් 14400ක් පමණයි. (නි)
වැටුප හොද නැත්නම් ඇයි එච්චර කාලයක් හිටියේ? (නි)
දෙන්නෙක් රැකියාව කරන තැනක මේ වැටුප ගෙවන එක මහ ලොකු දෙයක් නෙමෙයි. (නි)
කිරි කළේට ගොම බිංදුවක් වැටුණා වගෙයි. (නි)
අපේ මිනිස්සුන්ගේ කොතෙකුත් වැරදි තිබුණත් මේ කතාව නම් විශ්වාස කරන්න අමාරුයි. (නි)
මාසික පඩිය 144000ක් ඩුබායිවල?? (නි)
ලංකාවේ නම වනසනවා මෙයාලා (ස)
අයියෝ සල්ලී (ස)
හොඳ හාම්පුතෙක්, ලොකු වැඩපකුත් දීලා තියෙන්නේ . මාස 6 ක් නෙමෙයි අවුරුදු 6 ක් සිරගත කරන්න ඕනි (ස)
තන්හාය ජායතී සෝකෝ (ස)
පුරුද්ද අතහරින්න බෑනේ (ස)
වරදට දඩුවම
දුකයි
හොඳ වැටුපක් දීලත් මදි වුණාද ? ඩුබායි නිසා බේරුනා සෞදි එහෙම වුණානම් බලාගන්න තිබුණා දඩුවම (ස)
මොනවා කරන්නද
අයියෝ සල්ලි
කන්න දෙන අත හපාකනවා කියන්නේ ඕකට තමයි (ස)
කනගාටුයි
ගොඩක් හොඳ වැටුපක් දීලත් හොරකම් කරන්නේ ඇයි. අත කපන්න එපැයි (ස)
හොරුන්ට ප්‍රසිද්ධ රටක් වෙලා මේක (ස)
වැරදි කරන්න එපා පිර රට ගිහිල්ලා (දී)
කාපු තැන පහරන මිනිස්සු (ස)
අයියෝ සල්ලී , කොහොම උනත් හොරකම, හොරකමම තමයි... ඒකට මෙයාට ලැබුනු දඩුවම හොදටෝම මදී..... මාස 6 ක් කියන්නෙත් කාලයක්ද...? අනික ප්‍රධානම දේ මේයා අපේ රටේ නමත් කැත කරලා.. මෙයාට මෙච්චර හොද වැටුපකුත් ලැබිලා ඒ තැනටම මේහෙම දෙයක් කරපු එක කොච්චර කැතද..? (ස)