ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය 17 වැනි වතාවටත් සංවිධානය කළ "ලෝක සාමය උදෙසාවූ අන්තර් ආගමික සමුළුව" විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි.
මේ වසරේ සමුළුවට බෞද්ධ, කිතුනු, හින්දු, ඉස්ලාමීය,යුදෙව්, සව්රාෂ්ට,චාන් අහිංසක විතය පරමාර්ථ කොටගත් ක්‍රිස්තියානි නිකාය සහ මහාවීර පදනම ද නියෝජනය කැරිනි.
ආගමික නියෝගිතවරු ඔවුන්ගේ ආගමානුකුල යාච්ඥා පැවැත්වුණ අතර ආගමික සහජීවනයේ අවශ්‍යතාවය පැහැදිලි කළ දේශනා පැවැත්විණ.
සද්ධාතිස්ස විහාරස්ථානයේ නේවාසික භික්ෂුන්වහන්සේ සෙත්පිරිත් දේශනා කර පැමිණ සිටි සියල්ලටම සෙත් පැතුහ.
.jpg)
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙටම සාමය ලැබේවා (දී)
සුසිල් මිලානෝ , ඔබ හරි. ආගමික අරමුණකින් කටයුතු කරන්නේ බුදුදහම, ජෛන දහම වැනි ආගම් පමණයි. (නි)
හැමදාමත් බෞද්ධ භික්ෂුන් වහන්සේ සාමයට මුල් වුණා. නමුත් අද දවසේ මැද පෙරදිග අප්‍රිකාවේ ඇෆ්ඝනිස්ථානේ යුද්ධ වලට මුල් වෙලා තියෙන්නේ වෙනත් අය. කතෝලික මුස්ලිම් ආගමික නායකයන් තමයි මේ විනාශයන්ට එරෙහිව පෙරමුණ ගන්න ඕනෑ. වතිකානුවයි මක්කමයි ජෙරුසුලමයි එකතු වුණා නම් ලෝක සාමයට කොතරම් දෙයක් කරන්න පුලුවන්ද? නමුත් ලෝකයේ දේශපාලන බලාධිකාරය විසින් මේ ආගමික ආයතනත් වසාගෙන දැන් බොහෝ කලක් වෙනවා. ඉතින් කොහොමද ලෝක සාමය ඇති කරන්නේ? (නි)
ඉක්මනින් ලෝක සාමය උදාවේවා ! (ස)
ඔබ සියලු දෙනාගේම සියලු පැතුම් ඒ ආකාරයෙන්ම ඉටු වේවායැයි ප්‍රාර්ථනා කරන්නෙමු (ස)