චීනයේදී පැවැත්වෙන 5 වැනි ලෝක සාම්ප‍්‍රදායික වුෂු තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට අද (8) සමත්වුහ. මොරටුව වේල්ස් කුමර විදුහලේ වී.ඞී.චතුරංග නැන්ගුවාන් ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගත්තේය. ගුංෂු ඉසව්වේදී ඞී. එම්. එච්. කරුණාරත්න ලෝකඩ පදක්කමක් දිනාගත් අතර කාන්තා කුයැන්ෂු ඉසව්වෙන් සුමුදු සංජි ලෝකඩ පදක්කම දිනාගත්තාය. රටවල් 50 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 1500 ක් පමණ සහභාගිවන මෙම තරගාවලිය මේ මස 11 වැනිදා දක්වා පැවැත්වේ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට ඔය ඇති. ඊළග පාර මීට වැඩිය පදක්කම් ගනිමු. (නි)
නියමයි. (නි)
ජයග්‍රාහකයන්ට මගෙන් සුබපැතුම් (ස)
චතුරංග ඔබට මගෙන් සුබ පැතුම් .ඉදිරියටම යන්න . ජය වේවා (ස)