ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් පිටියේ අද දෙවැනි තරඟය ඇරඹෙද්දී 150ක් පමණ වූ දෙමළ ජනයා ශ්‍රී ලංකාවට එරෙහිව පෙළපාළි ගියහ.
රජය දැඩි දෝෂ දර්ශනයට පත් කරමින් ඔවුන් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව යුද අපරාධ කර ඇති බවයි.
ශ්‍රී ලංකාවේ කැත නම ක්‍රිකට් ක්‍රීඩාවෙන් වසා ගැනීමට යතියි ද ඔවුහු චෝදනා කළහ.
යුද අපරාධ සම්බන්ධයෙන් ස්වාධීන විභාගයක් පවත්වන තුරු ඕස්ට්‍රේලියාව සමග ක්‍රිකට් නොගසන්නැයි ට්‍රෙවර් ග්‍රාන්ට් නම් හිටපු ක්‍රිකට් ලේඛකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ විතරද ඉන්නේ (ස)
මේ ගොල්ලන්ගේ පාස්පෝට් එකේ තියෙන රටේ නම ශ්‍රී ලංකා නෙමෙයිද දන්නෙ නැහැ..!(නු)
මේ ගැන රජය විසින් වහා සොයා බලා ඕස්ට්‍රේලියා රජයට දැනුම් දිය යුතුයි. (නි)
කිසිදිනෙක ඔවුන්ව විශ්වාස නොකරන්න. (නි)
දෙමළ ජනතාවගේ අවශ්‍යතාවය අපිට වැටහෙනවා. මීට සුදුසුම රට ලෙස මම යෝජනා කරන්නේ ඉන්දියාවයි. (නි)
අන්තිමට සිංහලයන්ට ලෝකයෙන්ම කොන් වෙන්නයි වෙන්නේ. (නි)
උදවු කරන හැම රටකින්ම කෑල්ලක් දමිළ ජනතාවට දෙමුද? (නි)
ඕස්ට්‍රේලියාවෙ ආරක්ෂක අංශයක් ඇත්තෙම නැද්ද?(නු)
කල්තැබුමුත් බලු වලිගය උණ පුරුකේ ස්වල්පයක්වත් ඇද යන්නේ නැත ඒකේ... (නි)
කොහොම වෙතත් ඒ මිනිසුන්ගේ එකමුතුබවක් පවතිනවා. ඒකයි මේකට හේතුව. (නි)
67,000k නරඹන්නන් සිටියා. නමුත් ඒ කිසිකෙනෙක් මේ කළගුණ නොදන්න කට්ටියගේ නාඩගම් ගණන් ගත්තේ නැහැ. (නි)
මෙල්බෝන් ඉන්න සිංහල මිනිස්සුත් ලාබෙට බඩු ගන්න යන්නේ දෙමළ කඩ වලට. (නි)
මම කිලිනොච්චියේ වැඩකරන්නේ. මෙහෙට ඇවිත් බලන්න ආණ්ඩුවෙන් කරලා තියෙන සංවර්ධනය. බොරු බයිලා කියන්නේ නැතුව... (නි)
මේ අයගේ ක්‍රියා බහුතරයක් දෙමළ ජනතාව හෙළා දකිනවා. (නි)
ඕස්ට්‍රේලියාවේ සිංහල අය නෑද්ද? (නි)