IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ලෝක විනාශයෙන් ගැලවීමට පිටසක්වල යානයක්?

මායාවරුන්ගේ දින දර්ශනයක දැක්වෙන සංකේත පදනම් කර ගෙන එළඹෙන 21 වැනිදා පෘථිවියේ අවසානය නොහොත් ලෝක විනාශය සිදුවන බවට ලෝකවාසී ඇතැම් පිරිස් විශ්වාස කරති. ලෝක විනාශයෙන් කිසිවෙකුටත් ගැලවිය නොහැකි බවට ඇතැමුන් මත පළ කරද්දී තවත් පිරිසක් පවසන්නේ ලෝක විනාශයෙන් තම දිවි රැක ගත හැකි ස්ථාන දෙකක් පවතින බවයි. දකුණු ප‍්‍රංශයේ පිහිටි බුගාරැක් සහ තුර්කියේ ගම්බද පෙදෙසක් වන සිරින්ස් මායා කැලැන්ඩරයෙන් පැවසෙන බව කියන ලෝක විනාශය විශ්වාස කරන්නවුන්ගේ දිවි සුරැකීමට උපකාරීවන ප‍්‍රදේශ දෙක ලෙස සැලකේ. දෙසැම්බරයේ අවසන් දින කිහිපයට එළඹ සිටින මේ මොහොතේ ලෝක විනාශය තරයේ අදහන්නවුන් දහස් ගණනක් මෙම නගර දෙකට වැලනොකැඞී ඇදී එන බවට මාධ්‍ය වාර්තා පළවෙයි. ඉකුත් සති අන්තය වන විට දකුණු දිග ප‍්‍රංශය දක්වා පියාසර කරන ගුවන්ගමන් වාර ගණන සියයට 41කින් වැඩි කිරීමට එරට ගුවන්සේවා බලධාරීහු පියවර ගත්හ. මීට සමාන තත්ත්වයක් දක්නට ලැබෙන සිරින්ස් නගරයට පැමිණීම සඳහා ගුවන්ගමන් වෙන් කළ පිරිස සියයට 30න් වර්ධනය වී ඇත. පැරැුණි ගී‍්‍රක නගරයක් වන එපිසස් ආසන්නයේ පිහිටි සිරින්ස් මිනිසුන් 600 දෙනකු වාසය කරන ගම්බද පෙදෙසකි. ලෝක විනාශය සිදු වන්නේ යැයි යන මතයෙහි තරයේ එල්බ ගෙන සිටින කණ්ඩායම් පවසන්නේ මේරි කන්‍යා සොහොයුරිය දෙව්ලොවට සම්ප‍්‍රාප්ත වූයේ සිරින්ස් ගමට යාබදව පිහිටි ස්ථානයකදී බවයි. සිය දිවි ගලවා ගැනීමට ලොව ඇති උචිතම ස්ථානය සිරින්ස් ලෙස සිතීමට මෙම පිරිස පෙළඹ වූ සාධකය කිතුණුවන් විශ්වාස කරන මෙකී සිදුවීම ඉවහල්වී ඇති බවට ඉතිහාසඥයෝ මත පළ කරති. මෙම ගමට පැමිණෙන සංචාරකයන් පිරිස හැටදහස ඉක්මවිය හැකි බවට තුර්කි බලධාරීහු පවසති. සංචාරක ආකර්ශනයක් වන සිරින්ස් ධනපති පැළැන්තිය සඳහාම වෙන් වූ සංචාරක හෝටල්වලින් සමන්විතය. ලෝකය විනාශ වෙතැයි කියන මිත්‍යාවෙහි ගිලී සිටින තුර්කියට පැමිණෙන්නන් වෙනුවෙන් ‘‘වයින් ඔෆ් ඇපොකැලිප්ස්’’නමින් වයින් පානයක් දෙසැම්බර් 21 වැනිදාට සූදානම් කිරීමට තුර්කි ව්‍යාපාරිකයකු කටයුතු කරමින් සිටින බව එරට නිදහස් අදහස් දරන පුවත්පතක් ‘ඬේලි රැඩිකල්’ සඳහන් කරයි. නව අවුරුද්ද උදා වන මොහොතේ සිරින්ස්හි ව්‍යාපාරිකයන්ගේ ආදායම මෙම සිදුවීම නිසා නොසිතූවිරූ ලෙස ඉහළ යනු ඇතැයි තුර්කි මාධ්‍ය පවසයි. උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ තුර්කි සංස්කෘතික සහ සංචාරක ඇමැති අර්ටුගුල් ගූනේ සඳහන් කළේ විද්‍යාත්මක දත්ත සහ සිදු කරන ලද අධ්‍යයනයන්ට අනුව දෙසැම්බර් 21 ලෝක විනාශයක් සිදු නොවන බවත් ලොව සුන්දරම ස්ථානයක් වන සිරින්ස් වෙත පැමිණෙන සංචාරකයන්ට එහි ඇති විචිත‍්‍රත්වය අත්විඳ ගැනීමට මෙය කදිම අවස්ථාවක් බවත්ය. බුගාරැුක්හි තත්ත්වය ද මීට සමානය. ලෝක විනාශයෙන් ගැලවීමට මෙම නගරයට පැමිණෙන්නන් විශ්වාස කරන්නේ ඩි බුගාරැක් කන්දෙන් පැමිණෙන පිටසක්වළ යානයක් බුගාරැක් නගරවාසීන් ආරක්ෂිත ස්ථානක් කරා කැඳවා ගෙන යන බවයි. ලෝක විනාසය පිළිබඳ මතය කරළියට පැමිණෙන්නේ 1960 වසරේදී මෙක්සිකෝ බොක්ක ආසන්නයේ පිහිටි ටැබැස්කෝ රාජ්‍යයේ පුරාවිද්‍යා භූමියකින් වසර 1300ක් පැරැණි ගල් පුවරුවක් හමුවීමත් සමඟය. මෙහි දැක්වෙන සංකේත ඇසුරින් ලෝක විනාසයක් සිදුවන බවට ඇතැම් පිරිස් අදහස් දක්වන අතර තවත් පිරිසක් පවසන්නේ එය දින දර්ශනයක දැක්වෙන කාල චක‍්‍රයක අවසානය බවයි. මායාවරුන්ගේ ශිෂ්ටාචාරය කි‍්‍රස්තු පූර්ව 2000 සහ ස්පාඤ්ඤ ආක‍්‍රමණිකයන් එම භූමියට පා තැබූ 16 වැනි ශතවර්ෂය දක්වා කාලය තුළ පැවැති අතර එහි උච්චතම කාලපරාසය ලෙස සැලකෙන්නේ කි‍්‍ර.ව. 300ත් කි‍්‍ර.ව. 900ත් අතර කාලයයි. දකුණු ප‍්‍රංශයේ බුගාරැක් නගරයතුර්කියේ සංචාරක ආකර්ශනයක් වන සුන්දර සිරින්ස් ගම්මානයවසර දහස් ගණනක් පුරා පැවැති මායා ශිෂ්ටාචාරයට අයත් දෙවොලක්...



අදහස් (0)

ලෝක විනාශයෙන් ගැලවීමට පිටසක්වල යානයක්?

සුරංජි Thursday, 20 December 2012 01:00 PM

බුදුදහම අනුව බොරුවක් කියලයි මට හිතෙන්නේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site