IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ලෝක විනාශ ඕපාදූපය විනාශ වේ

ලෝකයේ අවසානවය අද යැයි පතල වූ බිය ජනක ඕපාදූපය, ඕපාදූපයක්ම යැයි ඇමෙරිකා රජය බ්ලොග් අඩවියකින් ප්‍රකාශයට පත් කළේය. දෙසැම්බර් 21 වැනිදා අද ලෝකාවසානය වෙතියි ඒත්තු ගත් දහස් ගණනක් ඇමෙරිකාවේ ජාතික ගගණ හා අජටාකාශ (නාසා) විද්‍යාඥයන්ට ලියුම් එවා ඇත. ඔවුන් ඒ මිත්‍යා මතය ලැබී ඇත්තේ පුරාණ මායා දිනදර්ශනයෙනි. යෝධ වල්ගාතරුවක් පෘතුවියේ හැපෙතියි ඇතැමෙක් විශ්වාස කළහ. තවත් ඇතැමෙකුගේ මතය වූයේ මහ පොළොව තවත් ග්‍රහලෝකයක ගැටෙන බවයි. තරුණයන් බොහෝ දෙනකු කියා ඇත්තේ බයිබලයේ සඳහන් පරිදි ලෝක විනාශය සිදුවන නිසා තමන් සිය දිවි නසා ගැනීමට අදහස් කරන බවට තරුණයන් කිහිප දෙනෙකුගෙන් තමන්ට ලිපි ලැබුණැයි නාසා ආයතනය කියයි. 2012 දෙසැම්බර 21 අද හෝ 2012 වෙනත් දිනයක ලෝකය විනාශ නොවන බව එම බ්ලොග් අඩවිය කියයි. දෙසැම්බර් 21 වැනිදා ලෝකය විනාශ වන බවට මායා කැලැන්ඩරය ප්‍රකාශ කර නැති බවත්, නිබිරු නම් ග්‍රහයා පොළොව දෙසට යතියි කියන කතාව මිත්‍යාවක් බවත්, එවැනි ග්‍රහයකු තාරකා විද්‍යාඥයන් විසින් සොයාගෙන නැති නාසා විද්‍යාඥයෝ කියති. ලෝක විනාශය ගැන අනාවැකි කියන්නන්ගෙන් වැසියන් බේරා ගැනීමට වෙහෙසෙනුයේ ඇමෙරිකාව පමණක් නොවේ. ලෝක විනාශයක් ළඟ නැති බව රුසියාව ද මහජනයාට දැන්වීය. දකුණු ප්‍රශයේ ගුප්ත බලයක් ඇතැයි කියන ගමකට සරණාගතයන් ලෙස අද පැමිණීමට සැරසෙතියි කියන පිරිස්වලට එම පෙදෙස් තහනම් කැර ඇත. අදින් පසු ලොව ඉවරයැයි අන්තර්ජාල වෙබ් අඩවි, මිනිසුන් බිය ගන්නා වාසි ගන්නා අය බොරු කතා පතුරුවන බව ඇමෙරිකාව කියයි. බෙල්ජියමේ ආධුනික තාරකා විද්‍යාඥයකු බව කියාගත් පැට්‍රික් ජෙරිල් නැමැත්තෙක් එවැනි ඔන්ලයින් වෙබ් අඩවියකින් කියනුයේ තෙසතියකින් ලෝකය නැති වන බවයි. සපත්තු ‍කුට්ටම් පහළවක් විස්සක් එකතු කර ගන්නා ලෙසත්, හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටින ලෙසත් ඔවුනට උපදෙස් දෙයි. ඔහුගෙන් සමූඛ සාකච්ඡාවක් ඉල්ලූ විට පැවසූයේ සමූඛ සාකච්ඡා සඳහා කාලයක් නැති බවයි. ‘අපේ ශිෂ්ටාචාරයේ අවසන් දින කිහිපයේ ජොලියෙන් ඉන්න ඕනෑ‘ යැයි ඔහු ඇමෙරිකා බ්ලොග් අඩවියට විද්‍යුත් තැපෑලෙන් දැන්වීය.



අදහස් (0)

ලෝක විනාශ ඕපාදූපය විනාශ වේ

සුමනා Saturday, 22 December 2012 08:19 AM

බටහිරින් එන ඕනෑම දෙයක් පිළිගන්න මිනිස්සු මේකත් පිළිගත්තා. ‍ඇමරිකාවටත් මෙච්චර දවසක් ගතවුණා මේක බොරුවක් බව දැනගන්න. (නි)

:       0       0

චමත් Saturday, 22 December 2012 08:54 AM

මේකත් ලොකු බොරුවක් (ස)

:       0       0

පාලිත Saturday, 22 December 2012 08:59 AM

තමන් උපද්දවපු දරුවො මරණවනම් ඒ දෙමාපියන් නොවෙයි දෙමවුපියන් වෙසින් සිටින යක්ෂයෝ. ලෝකය හා මිනිසුන් මවපු දෙවියන් ලෝකය විනාශකරයිද ඒවිදියට බැලුවොත්. ආත්මශක්තියක් නැතිවුනාම මනෝවිකාර හැදෙනවා . (ස)

:       0       0

තිලක් Saturday, 22 December 2012 06:44 PM

අනේ මේ කටකතා පතුරවපු අය කිව්වෙ නැහැනේ අර වදකහ සුදිය වගේ ලෝක විනාශයෙන් බේරෙන්න ජාපාල ඇට කන්න කියලා..!(නු)

:       0       0

රුවන් Saturday, 22 December 2012 09:54 AM

වැඩක‍ට නැති අය ඉවත් කර අලුත් ලොකයක් ආරම්භ කරමු (ස)

:       0       0

කැලුම් Friday, 21 December 2012 06:04 PM

පරිසරයට ආදරය කරන්න. නැත්නම් ලෝක විනාශය වැඩි ඈතක නොවේ. (නි)

:       0       0

රිස්වාන් - සවුදි Friday, 21 December 2012 06:01 PM

ලෝකය විනාශ වන දිනය දන්නේ අල්ලාහ් දෙවියන් පමණි. (නි)

:       0       0

හිල්මි Friday, 21 December 2012 06:19 PM

අන්තිම දවස් ටිකේ හොදට කාලා, බීලා ‍විනෝද වුණා නම් හරි. (නි)

:       0       0

සපුමල් Sunday, 23 December 2012 12:04 AM

දෙවියන්ට ලෝකය පාලනය කරන්න පුළුවං නම් ඇයි දෙවියෝ මිනිසුන් දිහා බලන්නෙ නැත්තෙ..? අද කාලෙ ඉන්න මිනිස්සු ගොඩක් මෝහයෙන් මත්වෙලා..!(නු)

:       0       0

හේමසර Friday, 21 December 2012 06:38 PM

එහෙම වුණා නම් ඉතින් බුදු බණ බොරු වෙන්න ඕනෑ. (නි)

:       0       0

මොහොමඩ් Friday, 21 December 2012 06:42 PM

අල්ලාහ් දෙවියන් වහන්සේ කුරාණයේ පවසා තිබෙනවා ලෝක විනාශයට කලින් වෙන්නේ මොනවාද කියලා. (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Friday, 21 December 2012 07:12 PM

මේ ඉන්න ටිකේ හොඳට ඉඳිල්ලා... අපි අද මැරෙයිද හෙට මැරෙයිද කියලා දන්නෙ නෑ... ධාර්මිකව කටයුතු කරන්න.. (නි)

:       0       0

මංජු Sunday, 23 December 2012 02:45 AM

දෙයියො තමයි ඕව දන්නෙ අයි ඩොන්ට් නෝ වයි..?(නු)

:       0       0

අජිත් Friday, 21 December 2012 07:38 PM

දුර්මත දුරුකර දැහැමිව ජීවත් වෙමු. (නි)

:       0       0

ගැමුණු Sunday, 23 December 2012 05:09 AM

ලෝක විනාශය ඕපදූපයක් කළේ අපිද?(නු)

:       0       0

දම්සර Friday, 21 December 2012 07:58 PM

බුදු දහම හරිහැටි දැනගත්තානම් මේවගේ මිත්‍යාදුෂ්ටික මතවාද වල එලබීගෙන කාලය විනාශකරන්නේ නැත. මේවාහොදයි වැඩක් නැති මිනිසුන්ට කථාකරකර ඉන්න. තව මොක්කහරි ප්‍රලාපයක් ආයිත් පටන්ගනීවී. බුදුදහමට අනුව ජීවත් වුණානම් ඔය කිසිම විනාශයකට බියවියවන්නේ නැත. (ස)

:       0       0

ගැමුණු Sunday, 23 December 2012 05:11 AM

එතකොට දෙවියන් වහන්සේ‍ මැව්වෙ කවුද?(නු)

:       0       0

අජිත් Friday, 21 December 2012 07:55 PM

බොරු මොටද? මම නම් ටිකක් සැකෙන් හිටියේ. මොකද මට තව වගකීම් තියෙනවා ඉටුකරන්න. (නි)

:       0       0

බමුණුසිංහ Sunday, 23 December 2012 05:39 AM

දෙවියන් මැවුවේද මිනිසාමය. මිනිසා නොමැති නම් දෙවියෙකුද නැත. (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 22 December 2012 02:49 PM

ඇමරිකාවේ මේ තරම් මෝඩ අය ඉන්නවා කියලා දැන්නේ මම දන්නේ (ස)

:       0       0

ෆයීස් Friday, 21 December 2012 08:44 PM

පිස්සු කතානේ... (නි)

:       0       0

පෙරේරා Friday, 21 December 2012 10:12 PM

ලෝක විනාශය දැන් නිශ්පාදකයන්ගේ වෙළද ඝාතයක් බව ඔප්පු වී හමාරය. (නි)

:       0       0

අසේල Sunday, 23 December 2012 10:06 AM

ගැමුණු, සපුමල් සහ බමුණුසිංහ ඇත්තෙන්ම නිවැරදියි. (නි)

:       0       0

තනූජා Saturday, 22 December 2012 03:49 PM

ලොව මැවූ දෙවියන් වහන්සේ විතරයි දන්නේ ලෝකය විනාස වන දිනය (ස)

:       0       0

අමිල කටුනායක Friday, 21 December 2012 11:36 PM

20වැනි සියවසේ තරුණ කාලය පැමිණ ඇත. (නි)

:       0       0

රෝහණ සල්ගාදු Friday, 21 December 2012 11:59 PM

මම මුල සිටම ලෝක විනාශය ගැන සදහන් කළේ බුදුරජාණන්වහන්සේ දේශනා කරන ලද සප්ත සූර්යෝගමන සූත්‍රය අනුසාරයෙනි.. එය සත්‍යයි. මින් ඉදිරියටත් එය ‍එසේමයි.. ඒත් තව වසර මිලියන ගණනකින් එය සිදුවනු ඇත. සියළු සත්වයන්ට සත්‍යාවබෝධ වේවා..තෙරුවන් බලයෙන්..!(නු)

:       0       0

රෝහණ Friday, 21 December 2012 11:54 PM

කෝ වෙනවා කියපුවා මොකුත් වුණේ නැහැනේ (නි)

:       0       0

චමින්ද Saturday, 22 December 2012 01:59 AM

මේ බොරුවෙන් කී දෙනෙක් මල්ල තර කර ගත්තාද? මේ ලෝකය කවදා හරි විනාශා වෙන්නේ වෙන කවුරුත් හින්දා නොව, මිනිස්සුම හින්දයි. (නි)

:       0       0

තිළිණ Saturday, 22 December 2012 05:00 PM

තනුජා.. එයාගෙන් පොඩ්ඩක් අහලා කියන්න පුළුවංද?(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site