ලෝකයේ අවසානවය අද යැයි පතල වූ බිය ජනක ඕපාදූපය, ඕපාදූපයක්ම යැයි ඇමෙරිකා රජය බ්ලොග් අඩවියකින් ප්‍රකාශයට පත් කළේය. දෙසැම්බර් 21 වැනිදා අද ලෝකාවසානය වෙතියි ඒත්තු ගත් දහස් ගණනක් ඇමෙරිකාවේ ජාතික ගගණ හා අජටාකාශ (නාසා) විද්‍යාඥයන්ට ලියුම් එවා ඇත. ඔවුන් ඒ මිත්‍යා මතය ලැබී ඇත්තේ පුරාණ මායා දිනදර්ශනයෙනි. යෝධ වල්ගාතරුවක් පෘතුවියේ හැපෙතියි ඇතැමෙක් විශ්වාස කළහ. තවත් ඇතැමෙකුගේ මතය වූයේ මහ පොළොව තවත් ග්‍රහලෝකයක ගැටෙන බවයි. තරුණයන් බොහෝ දෙනකු කියා ඇත්තේ බයිබලයේ සඳහන් පරිදි ලෝක විනාශය සිදුවන නිසා තමන් සිය දිවි නසා ගැනීමට අදහස් කරන බවට තරුණයන් කිහිප දෙනෙකුගෙන් තමන්ට ලිපි ලැබුණැයි නාසා ආයතනය කියයි. 2012 දෙසැම්බර 21 අද හෝ 2012 වෙනත් දිනයක ලෝකය විනාශ නොවන බව එම බ්ලොග් අඩවිය කියයි. දෙසැම්බර් 21 වැනිදා ලෝකය විනාශ වන බවට මායා කැලැන්ඩරය ප්‍රකාශ කර නැති බවත්, නිබිරු නම් ග්‍රහයා පොළොව දෙසට යතියි කියන කතාව මිත්‍යාවක් බවත්, එවැනි ග්‍රහයකු තාරකා විද්‍යාඥයන් විසින් සොයාගෙන නැති නාසා විද්‍යාඥයෝ කියති. ලෝක විනාශය ගැන අනාවැකි කියන්නන්ගෙන් වැසියන් බේරා ගැනීමට වෙහෙසෙනුයේ ඇමෙරිකාව පමණක් නොවේ. ලෝක විනාශයක් ළඟ නැති බව රුසියාව ද මහජනයාට දැන්වීය. දකුණු ප්‍රශයේ ගුප්ත බලයක් ඇතැයි කියන ගමකට සරණාගතයන් ලෙස අද පැමිණීමට සැරසෙතියි කියන පිරිස්වලට එම පෙදෙස් තහනම් කැර ඇත. අදින් පසු ලොව ඉවරයැයි අන්තර්ජාල වෙබ් අඩවි, මිනිසුන් බිය ගන්නා වාසි ගන්නා අය බොරු කතා පතුරුවන බව ඇමෙරිකාව කියයි. බෙල්ජියමේ ආධුනික තාරකා විද්‍යාඥයකු බව කියාගත් පැට්‍රික් ජෙරිල් නැමැත්තෙක් එවැනි ඔන්ලයින් වෙබ් අඩවියකින් කියනුයේ තෙසතියකින් ලෝකය නැති වන බවයි. සපත්තු කුට්ටම් පහළවක් විස්සක් එකතු කර ගන්නා ලෙසත්, හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටින ලෙසත් ඔවුනට උපදෙස් දෙයි. ඔහුගෙන් සමූඛ සාකච්ඡාවක් ඉල්ලූ විට පැවසූයේ සමූඛ සාකච්ඡා සඳහා කාලයක් නැති බවයි. ‘අපේ ශිෂ්ටාචාරයේ අවසන් දින කිහිපයේ ජොලියෙන් ඉන්න ඕනෑ‘ යැයි ඔහු ඇමෙරිකා බ්ලොග් අඩවියට විද්‍යුත් තැපෑලෙන් දැන්වීය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බටහිරින් එන ඕනෑම දෙයක් පිළිගන්න මිනිස්සු මේකත් පිළිගත්තා. ඇමරිකාවටත් මෙච්චර දවසක් ගතවුණා මේක බොරුවක් බව දැනගන්න. (නි)
මේකත් ලොකු බොරුවක් (ස)
තමන් උපද්දවපු දරුවො මරණවනම් ඒ දෙමාපියන් නොවෙයි දෙමවුපියන් වෙසින් සිටින යක්ෂයෝ. ලෝකය හා මිනිසුන් මවපු දෙවියන් ලෝකය විනාශකරයිද ඒවිදියට බැලුවොත්. ආත්මශක්තියක් නැතිවුනාම මනෝවිකාර හැදෙනවා . (ස)
අනේ මේ කටකතා පතුරවපු අය කිව්වෙ නැහැනේ අර වදකහ සුදිය වගේ ලෝක විනාශයෙන් බේරෙන්න ජාපාල ඇට කන්න කියලා..!(නු)
වැඩකට නැති අය ඉවත් කර අලුත් ලොකයක් ආරම්භ කරමු (ස)
පරිසරයට ආදරය කරන්න. නැත්නම් ලෝක විනාශය වැඩි ඈතක නොවේ. (නි)
ලෝකය විනාශ වන දිනය දන්නේ අල්ලාහ් දෙවියන් පමණි. (නි)
අන්තිම දවස් ටිකේ හොදට කාලා, බීලා විනෝද වුණා නම් හරි. (නි)
දෙවියන්ට ලෝකය පාලනය කරන්න පුළුවං නම් ඇයි දෙවියෝ මිනිසුන් දිහා බලන්නෙ නැත්තෙ..? අද කාලෙ ඉන්න මිනිස්සු ගොඩක් මෝහයෙන් මත්වෙලා..!(නු)
එහෙම වුණා නම් ඉතින් බුදු බණ බොරු වෙන්න ඕනෑ. (නි)
අල්ලාහ් දෙවියන් වහන්සේ කුරාණයේ පවසා තිබෙනවා ලෝක විනාශයට කලින් වෙන්නේ මොනවාද කියලා. (නි)
මේ ඉන්න ටිකේ හොඳට ඉඳිල්ලා... අපි අද මැරෙයිද හෙට මැරෙයිද කියලා දන්නෙ නෑ... ධාර්මිකව කටයුතු කරන්න.. (නි)
දෙයියො තමයි ඕව දන්නෙ අයි ඩොන්ට් නෝ වයි..?(නු)
දුර්මත දුරුකර දැහැමිව ජීවත් වෙමු. (නි)
ලෝක විනාශය ඕපදූපයක් කළේ අපිද?(නු)
බුදු දහම හරිහැටි දැනගත්තානම් මේවගේ මිත්‍යාදුෂ්ටික මතවාද වල එලබීගෙන කාලය විනාශකරන්නේ නැත. මේවාහොදයි වැඩක් නැති මිනිසුන්ට කථාකරකර ඉන්න. තව මොක්කහරි ප්‍රලාපයක් ආයිත් පටන්ගනීවී. බුදුදහමට අනුව ජීවත් වුණානම් ඔය කිසිම විනාශයකට බියවියවන්නේ නැත. (ස)
එතකොට දෙවියන් වහන්සේ මැව්වෙ කවුද?(නු)
බොරු මොටද? මම නම් ටිකක් සැකෙන් හිටියේ. මොකද මට තව වගකීම් තියෙනවා ඉටුකරන්න. (නි)
දෙවියන් මැවුවේද මිනිසාමය. මිනිසා නොමැති නම් දෙවියෙකුද නැත. (නි)
ඇමරිකාවේ මේ තරම් මෝඩ අය ඉන්නවා කියලා දැන්නේ මම දන්නේ (ස)
පිස්සු කතානේ... (නි)
ලෝක විනාශය දැන් නිශ්පාදකයන්ගේ වෙළද ඝාතයක් බව ඔප්පු වී හමාරය. (නි)
ගැමුණු, සපුමල් සහ බමුණුසිංහ ඇත්තෙන්ම නිවැරදියි. (නි)
ලොව මැවූ දෙවියන් වහන්සේ විතරයි දන්නේ ලෝකය විනාස වන දිනය (ස)
20වැනි සියවසේ තරුණ කාලය පැමිණ ඇත. (නි)
මම මුල සිටම ලෝක විනාශය ගැන සදහන් කළේ බුදුරජාණන්වහන්සේ දේශනා කරන ලද සප්ත සූර්යෝගමන සූත්‍රය අනුසාරයෙනි.. එය සත්‍යයි. මින් ඉදිරියටත් එය එසේමයි.. ඒත් තව වසර මිලියන ගණනකින් එය සිදුවනු ඇත. සියළු සත්වයන්ට සත්‍යාවබෝධ වේවා..තෙරුවන් බලයෙන්..!(නු)
කෝ වෙනවා කියපුවා මොකුත් වුණේ නැහැනේ (නි)
මේ බොරුවෙන් කී දෙනෙක් මල්ල තර කර ගත්තාද? මේ ලෝකය කවදා හරි විනාශා වෙන්නේ වෙන කවුරුත් හින්දා නොව, මිනිස්සුම හින්දයි. (නි)
තනුජා.. එයාගෙන් පොඩ්ඩක් අහලා කියන්න පුළුවංද?(නු)