IMG-LOGO

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා


ලොකු ලූණු අස්වැන්න කුණු ගොඩට

(චින්තක ක්‍රිෂාන්ත බාලසූරිය)

අනුරාධපුර ගලෙන්බිදුණුවැව ගොවීන් යල කන්නයේ වගා කළ අක්කර දහස් ගණනක ලොකු ලූනු අස්වැන්න නිවෙස්වල ගොඩ ගසා තිබීමෙන් කුණු වී කිලෝ දහස් ගණනක් ඉවත දැමීමට සිදුව ඇතැයි හුරුළුනිකවැව ගොවීහු පවසති.

ගුණාත්මක බීජ නොමැතිකම හෝ යහපත් කාලගුණයක් නොමැතිවීම හේතුවෙන් සිය අස්වනු කුණුවීමට ලක් වෙනවාද යන්න සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොමැති බවත් මේ වනවිට දෛනිකව තම අස්වැන්න තම ගබඩාවලින් තෝරා ප්‍රයෝජනයට ගත නොහැකි ලූනු ඉවත් කිරීමට සිදුව ඇති බව ගොවීහු පෙන්වා දෙති.

ලූනු බීජ කිලෝ එකකින් ලූනු අසවැන්න ආසන්න වශයෙන් කිලෝ 3000 ක් බලාපොරොත්තු වන බව පෙන්වා දෙන ගොවීන් චෝදනා කරන්නේ මේ වන විට එක් ගොවියකු ආසන්න වශයෙන් අස්වැන්න කිලෝ පන්සියයකට ආසන්න ප්‍රමාණයක් ඉවත දමා ඇති බවයි.

දැඩි දුෂ්කරතා මධ්‍යයේ පසුගිය යල කන්නයේ ලූණු වගා කළ හුරුළුනිකවැව ගොවීන් පෙන්වා දෙන්නේ ලූනු කිලෝවක් සදහා තොග වෙළඳපොලේ රුපියල් 80 - 100 කට ආසන්න මුදලකට පැවතීම කනගාටුදායක බවයි.

ගොවීන් මෙලෙස වගා කළ ලොකු ලූනු අඩු මුදලකට අලෙවි කිරීමෙන් මොවුන්ට කිසිදු ලාභයක් නොමැති බවත් , එමගින් කන කර උගසට තබා වගාව සඳහා ලබාගත් ණය මුදල් ගෙවා දැමීමටවත් නොහැකි වන බවත් ගොවීහු පෙන්වා දෙති.

පිටරටින් ලොකු ලූනු ආනයනය කිර තිබීම හේතුවෙන් , වෙළෙඳපොළේ ලූනු කිලෝවක් සඳහා අඩු ඉල්ලුමක් හා නිසි මිලක් නොපවතින ගොවීහු පවසති,



අදහස් (7)

ලොකු ලූණු අස්වැන්න කුණු ගොඩට

Perakum Liyanagama Friday, 10 October 2025 09:24 PM

මෙතෙක් පැවැති කිසිදු රජයක් විද්‍යාත්මකව වගා සංවිධානය කිරීමට කටයුතු නොකර හිතුමතේ කෘෂි නිෂ්පාදන ආනයනය කිරීම සුලබව දක්නට ලැබේ. මාලිමා රජය මේ ගැන විශේෂ අවධානයක් නොකලොත් ගොවියා අනාථයි...

:       2       23

ukran Friday, 10 October 2025 09:51 PM

දැන් එයාලාම පත්කරගත් ජනාධිපති නේද ඉන්නේ? එයාලාගේම ගොවි නායකයා නේද කෘෂිකර්ම ඇමැති... ? කටින් බතල කොළ හිටුවන අයට දුන්නාම ඕක තමයි වෙන්නේ...

:       20       24

Frencis Saturday, 11 October 2025 06:23 AM

ඕන කෙනෙක්ට කියන්න නම් පුලුවන් ඒත් කරන්නනේ බැරි හරියට රජ්ජුරුවන්ට සුදු හකුරු මිනිහා කියපු දේ වගේනේ මම නොදන්නා කමට අහන්නේ ඇයි ඔය ළූණු ගොවියෝ ළූණු ගස් මැරිලා වේලෙන්න ඉස්සර ගලවා කපලා බිම තුනීකර තියන්නේ ළූණු වගාවේ ගස් වියළී ගියාම ගැලෙව්වොත් කුණු නොවෙන්න පුලුවන් නේද? එහෙම කරන්න ගැටලුවක් තිබේද කෘෂිකර්ම උපදේශකලා හා ගමකට එක් අයෙක් බැගින් වැඩක් නොකර පඩිගන්න පර්යේෂණ කරන්න සහකාරකමට ඉන්න අය මොනවත් කරන්නෙ කියන්නේ නැද්ද?

:       0       1

Rama Friday, 10 October 2025 10:03 PM

මේක දැක්කම හිතෙන්නේ වෙළඳ ඇමති සහ කෘෂිකර්ම ඇමති දෙන්නවත් මාරු කරන්න ඕනේ කියලා. හොයන්නේ නෑ කතා කරන්නේ නෑ එක්කෙනාට එක්කෙනා මොනවද වෙන්නේ කියලා.. අන්තිමට රටේ ඇතුලේ නිෂ්පාදනය කරලා නියම විදිහට වෙළඳපළක් හදලා දෙන්න පුළුවන් දේකට එහෙම නොකර පිටරටින් බඩු ගෙන්නනවා අනිත් එක්කෙනා රිලව් ගනින්න යනවාද කොහේද?

:       0       1

sunil Saturday, 11 October 2025 06:52 AM

ලංකාවේ ලොකු ලුණු ඉතා හොඳයි. ආනයනික ළූණු පරණ වීම නිසා පුස් බැඳී ඇත. ඒවා සෞඛ්‍යටද අහිතකර විය හැක. එබැවින්, වසරකට වරක් පමණක් නෙලා ගන්නා දේශීය ළූණු මාස කිහිපයක් හෝ තබා ගැනීමට තාක්ෂණය භාවිතා කළයුතුයි. එවිට වෙළඳ පලට ක්‍රමාණුකුලව නිකුත් කිරීමත් එම ළූනු තොග අවසන් වන තෙක් ළූණු ආනයනය නොකිරීමත් කළ යුතුයි. ළූනු අස්වැන්න මාස කිහිපයකට පෙර පුරෝකථනය කෘෂි විද්‍යාත්මකව ගණනය කොට වෙළඳ පොළද කළමනාකරණය කිරීමයි කළ යුත්තේ. පසු අස්වනු තාක්ෂණය, විද්‍යාත්මක පුරෝකථන පමණක් නොව, ආනයනික ළූණු වල මිළ උච්චාවචනය ද සලකා කළමනාකරණය තුලින් සාධාරණ මිලකට පාරිභෝගිකයාට ළූණු සැපයීමට උත්සාහ දැරීම ඉතා වැදගත්.

:       0       2

ගුණරත්න Saturday, 11 October 2025 08:07 AM

ළූණු බිම දාගෙන ඉන්න හොඳ නැහැ, පොළොවේ තෙතමනය උරාගෙන ඉක්මනට නරක් වෙනවා, ඕකට ලී වලින් රාක්ක හදලා රාක්ක වල තුනී කරලා දාන්න ඕනෑ. ඒ රාක්ක වලට හිරිකඩ වදින්න දෙන්න හොඳත් නැහැ, එත් හොඳට වාතාශ්‍රය ලැබෙන්නත් ඕනෑ. කොහොම වුණත් ආණ්ඩුවේ නොහැකියාව ආයෙත් ඔප්පු වුණා. සහල් සම්බන්ධයෙනුත් තඹුත්තේගම පැත්තේ මන්ත්‍රී කෙනෙක් තර්ජනය කළා... අපි හාල් ගෙන්වනවා කියලා. ඔන්න ආණ්ඩු කරන හැටි. ඡන්දයට කලින් විපක්ෂයේ ඉඳගෙන ආණ්ඩු විවේචනය කළා වගේ නොවෙයි දැන්...

:       3       8

මැක්ස් Saturday, 11 October 2025 09:01 AM

මෙය, විහිලුවකටවත් කෙප්ප දෙසා නොබාන, ඇල් වතුරත් නිවා පානය කරන සුදෝසුදු මාලිමා ආංඩුවට විරුද්ධව ලොකු ලූණු ගොවියන් විසින් ආරම්භ කරන කුමන්ත්‍රණයක් දැයි සොයා බැලීමට රංග දිසානායක, ශානි අබේසේකර වැනි මහත්වරුන් පත් කළොත් නරකද වසන්ත සමරසිංහ සහ ලාල් කාන්ත ඇමති සහෝදරවරුනි?

:       4       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 327 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site