
(චින්තක ක්‍රිෂාන්ත බාලසූරිය)
අනුරාධපුර ගලෙන්බිදුණුවැව ගොවීන් යල කන්නයේ වගා කළ අක්කර දහස් ගණනක ලොකු ලූනු අස්වැන්න නිවෙස්වල ගොඩ ගසා තිබීමෙන් කුණු වී කිලෝ දහස් ගණනක් ඉවත දැමීමට සිදුව ඇතැයි හුරුළුනිකවැව ගොවීහු පවසති.
ගුණාත්මක බීජ නොමැතිකම හෝ යහපත් කාලගුණයක් නොමැතිවීම හේතුවෙන් සිය අස්වනු කුණුවීමට ලක් වෙනවාද යන්න සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොමැති බවත් මේ වනවිට දෛනිකව තම අස්වැන්න තම ගබඩාවලින් තෝරා ප්‍රයෝජනයට ගත නොහැකි ලූනු ඉවත් කිරීමට සිදුව ඇති බව ගොවීහු පෙන්වා දෙති.
ලූනු බීජ කිලෝ එකකින් ලූනු අසවැන්න ආසන්න වශයෙන් කිලෝ 3000 ක් බලාපොරොත්තු වන බව පෙන්වා දෙන ගොවීන් චෝදනා කරන්නේ මේ වන විට එක් ගොවියකු ආසන්න වශයෙන් අස්වැන්න කිලෝ පන්සියයකට ආසන්න ප්‍රමාණයක් ඉවත දමා ඇති බවයි.
දැඩි දුෂ්කරතා මධ්‍යයේ පසුගිය යල කන්නයේ ලූණු වගා කළ හුරුළුනිකවැව ගොවීන් පෙන්වා දෙන්නේ ලූනු කිලෝවක් සදහා තොග වෙළඳපොලේ රුපියල් 80 - 100 කට ආසන්න මුදලකට පැවතීම කනගාටුදායක බවයි.
ගොවීන් මෙලෙස වගා කළ ලොකු ලූනු අඩු මුදලකට අලෙවි කිරීමෙන් මොවුන්ට කිසිදු ලාභයක් නොමැති බවත් , එමගින් කන කර උගසට තබා වගාව සඳහා ලබාගත් ණය මුදල් ගෙවා දැමීමටවත් නොහැකි වන බවත් ගොවීහු පෙන්වා දෙති.
පිටරටින් ලොකු ලූනු ආනයනය කිර තිබීම හේතුවෙන් , වෙළෙඳපොළේ ලූනු කිලෝවක් සඳහා අඩු ඉල්ලුමක් හා නිසි මිලක් නොපවතින ගොවීහු පවසති,




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතෙක් පැවැති කිසිදු රජයක් විද්‍යාත්මකව වගා සංවිධානය කිරීමට කටයුතු නොකර හිතුමතේ කෘෂි නිෂ්පාදන ආනයනය කිරීම සුලබව දක්නට ලැබේ. මාලිමා රජය මේ ගැන විශේෂ අවධානයක් නොකලොත් ගොවියා අනාථයි...
දැන් එයාලාම පත්කරගත් ජනාධිපති නේද ඉන්නේ? එයාලාගේම ගොවි නායකයා නේද කෘෂිකර්ම ඇමැති... ? කටින් බතල කොළ හිටුවන අයට දුන්නාම ඕක තමයි වෙන්නේ...
මේක දැක්කම හිතෙන්නේ වෙළඳ ඇමති සහ කෘෂිකර්ම ඇමති දෙන්නවත් මාරු කරන්න ඕනේ කියලා. හොයන්නේ නෑ කතා කරන්නේ නෑ එක්කෙනාට එක්කෙනා මොනවද වෙන්නේ කියලා.. අන්තිමට රටේ ඇතුලේ නිෂ්පාදනය කරලා නියම විදිහට වෙළඳපළක් හදලා දෙන්න පුළුවන් දේකට එහෙම නොකර පිටරටින් බඩු ගෙන්නනවා අනිත් එක්කෙනා රිලව් ගනින්න යනවාද කොහේද?
ලංකාවේ ලොකු ලුණු ඉතා හොඳයි. ආනයනික ළූණු පරණ වීම නිසා පුස් බැඳී ඇත. ඒවා සෞඛ්‍යටද අහිතකර විය හැක. එබැවින්, වසරකට වරක් පමණක් නෙලා ගන්නා දේශීය ළූණු මාස කිහිපයක් හෝ තබා ගැනීමට තාක්ෂණය භාවිතා කළයුතුයි. එවිට වෙළඳ පලට ක්‍රමාණුකුලව නිකුත් කිරීමත් එම ළූනු තොග අවසන් වන තෙක් ළූණු ආනයනය නොකිරීමත් කළ යුතුයි. ළූනු අස්වැන්න මාස කිහිපයකට පෙර පුරෝකථනය කෘෂි විද්‍යාත්මකව ගණනය කොට වෙළඳ පොළද කළමනාකරණය කිරීමයි කළ යුත්තේ. පසු අස්වනු තාක්ෂණය, විද්‍යාත්මක පුරෝකථන පමණක් නොව, ආනයනික ළූණු වල මිළ උච්චාවචනය ද සලකා කළමනාකරණය තුලින් සාධාරණ මිලකට පාරිභෝගිකයාට ළූණු සැපයීමට උත්සාහ දැරීම ඉතා වැදගත්.
ළූණු බිම දාගෙන ඉන්න හොඳ නැහැ, පොළොවේ තෙතමනය උරාගෙන ඉක්මනට නරක් වෙනවා, ඕකට ලී වලින් රාක්ක හදලා රාක්ක වල තුනී කරලා දාන්න ඕනෑ. ඒ රාක්ක වලට හිරිකඩ වදින්න දෙන්න හොඳත් නැහැ, එත් හොඳට වාතාශ්‍රය ලැබෙන්නත් ඕනෑ. කොහොම වුණත් ආණ්ඩුවේ නොහැකියාව ආයෙත් ඔප්පු වුණා. සහල් සම්බන්ධයෙනුත් තඹුත්තේගම පැත්තේ මන්ත්‍රී කෙනෙක් තර්ජනය කළා... අපි හාල් ගෙන්වනවා කියලා. ඔන්න ආණ්ඩු කරන හැටි. ඡන්දයට කලින් විපක්ෂයේ ඉඳගෙන ආණ්ඩු විවේචනය කළා වගේ නොවෙයි දැන්...
මෙය, විහිලුවකටවත් කෙප්ප දෙසා නොබාන, ඇල් වතුරත් නිවා පානය කරන සුදෝසුදු මාලිමා ආංඩුවට විරුද්ධව ලොකු ලූණු ගොවියන් විසින් ආරම්භ කරන කුමන්ත්‍රණයක් දැයි සොයා බැලීමට රංග දිසානායක, ශානි අබේසේකර වැනි මහත්වරුන් පත් කළොත් නරකද වසන්ත සමරසිංහ සහ ලාල් කාන්ත ඇමති සහෝදරවරුනි?
මෙතැන තියෙන්නේ රජයේ ප්‍රශ්නයක් නෙවේ... ඕනෑම වගාවක ඵලදාව රටේ ජනතාවට අඩු මුදලකට දෙන්න පුළුවන්කමක් තියෙන්න ඕනෑ. ප්‍රශ්නය කියන්නේ අපේ සමහර ගොවියෝ හැමදාමත් හිතන්නේ එදා කන්නයේ ලාභය විතරයි. ඔහේ යන වාලේ යනවා. අර කීරි සම්බා වගේ,