IMG-LOGO

ලෝක යොවුන් බොක්සිං ශූරතාවලියට තිදෙනෙක් යති

ආර්මේනියාවේදී පැවැත්වෙන තෙවැනි ලෝක යොවුන් ආධුනික බොක්සිං ශූරතාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවෙන් ක‍්‍රීඩකයෝ තිදෙනෙක් හෙට (25) දිවයිනෙන් පිටත්ව යති. රොෂාන් සඳරුවන් (කි.ග‍්‍රෑ. 49 ලයිට් ෆ්ලයි), නිර්මාල් සත්‍යජිත් (කි.ග‍්‍රෑ. 56 ෆ්ලයි) සහ එච්.සී.රොෂාන් (කි.ග‍්‍රෑ.60 ලයිට්) මෙම තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ වෙති. දෙසැම්බර් මස 7 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට සහභාගිවන 18 හැවිරිදි රොෂාන් සඳරුවන් ජාතික මට්ටමට පැමිණ සිටින ක‍්‍රීඩකයෙකි. සඳරුවන් මෙම වසරේ පැවැති ක්ලිෆඞ් කුසලාන බොක්සිං තරගාවලියේදී ලයිට් ෆ්ලයි බර පංතියේ ශූරයා විය. දෙසැම්බර් මස 1 වැනිදා කොළඹදී පැවැත්වෙන ඉන්දු - ශ්‍රී ලංකා බොක්සිං ශූරතාවලියට ද ලයිට් ෆ්ලයි බර පංතිය ඇතුළත්ව තිබේ. ස්ලිම්ලයින් ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන සඳරුවන් ලෝක තරගාවලියට සහභාගිවන බැවින් එම තරගාවලියේ ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවේ. මහනුවර විද්‍යාර්ථ විදුහලේ නිර්මාල් සහ පානදුර ශ්‍රී සුමංගල විදුහලේ රොෂාන් දේශීය පාසල් සහ යොවුන් බොක්සිං තරගවලදී ජයග‍්‍රාහණ ලබා තිබේ. මෙම තරග සංචාරයේදී අමිල අරවින්ද පුහුණුකරු ලෙසද, සුසන්ත වීරසේන කළමනාකරු ලෙසද කටයුතු කරති. රොෂාන් සඳරුවන්            නිර්මාල් සත්‍යජිත්            එච්. සී. රොෂාන්



අදහස් (0)

ලෝක යොවුන් බොක්සිං ශූරතාවලියට තිදෙනෙක් යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 531 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 703 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 288 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site