ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණයට ඇමෙරිකා ඩොලර් මිලියන 100ක (රුපියල් මිලියන 14500) ණය මුදලක් ලබා දීමට ලෝක බැංකුව තීරණය කර ඇතැයි වාර්තා වේ.
මෙරට ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා මෙම ණය මුදල ලබාදෙන බවත් පසුගිය කාලයේදී ශ්‍රී ලංකාව වර්ධනයක් අත්පත් කරගෙන ඇති බවත් ලෝක බැංකුව පවසයි.
COMMENTS
ඔව් ඉතින් මේ ණය ගෙවන්න වෙන්නේ අපිටමනේ.(හේ)
2020 තෙක් ඉවසන්න .එවිට මා මතක් කරන්න .(හේ)
මේ ගන්න ණය වලින් කුමක්ද කරන්නේ, මේ ණය ගෙවන්නේ කවුද?(හේ)
නිකමෝ රජවෙලා නිකම්ම ඉදලා අනුන්ගේ ණයට කළා රටම නුපන් දරුවොත් උකසට තියලා රටේ දේපල විකුණන් කළා රටේ අම්මලා බැලමෙහෙවරට රට යවලා එවන සලිත් කළා කරපු සංවර්ධනයකුත් නැහැ ණයට කපු එකයි හොරා කාපු එකයි විකුණන් කපු එකයි විතරයි (හේ)
කොහොම දුන්නත් ණය ණයම තමා මේවා ගෙවන්න ඕනේ රටේ ජනතාව එනිසා යහපාලන ආණ්ඩුව මේවා පරිස්සමින් පරිහරණය කරනු ඇති විශ්වාස කරනවා (බ)
ගන්න, ගන්න, හිත හොඳින් දෙන දෙයක්නේ. ගෙවන එක ගැන පස්සේ බලා ගන්න බැරියැ (බ)
විනාශයි. ගොවිතැන හාන්සියි (බ)
පසුගිය රාජය ලබා ගත් ණය ප්‍රමාණය වැඩි කියමින් ඇයි දැන් තවත් ණය ලබා ගන්නේ?මොකක්ද මේ යහපාලනයේ දිව දෙකේ කතාව? (බ)
මේවා ගෙවන්නේ කව්ද.? (ර)
මෙම ණය සහ පසුගිය ආණ්ඩුව ලබා ගත් ණය අතර ලොකු වෙනසක් තිබෙනවා. (ර)
ඒ පාර මොනාටද මේ ණය ගන්නේ. (ර)
බයනැතුව ගන්න. අලුත් බද්දකුත් ළඟදී ජනතාවට පැටෙව්වා. ඒවගේ මේකත් අනාගතයේදී මෛත්‍රී රනිල් බද්දක් කියලා අලුත් නමකින් පටවන්න පුළුවන්. ඕකනේ වෙන්නේ. (නි)
මහත්වරුනේ, ඇමරිකාවත් ලෝකෙට ණයයි. එහෙවු එකේ අපි ගැන කුමන කතාද? (නි)