IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ලක් පෙම්වතා වෙරෝනා ගඟට පනී

පෙම්වතිය සමග අමනාපවූ වෙන්නප්පුවේ තරුණයකු ඉතාලියේ වෙරෝනා ගඟට පැන ඇතැයි පොලීසිය කියයි. ඔහු සොයාගැනීමට කිමිදුම් කරුවන් ද යෙදවූ නමුත් පැය 14 ට පසුව ද සොයාගත නොහැකි විය. අද එම පළාතේ උෂ්ණත්වය සෙල්සියස් අංශක පහ දක්වා පහළ බැස තිබිණි. 23 හැවිරිදි ඔහුගේ නම දනුක ජයමාල් ලෙස්ලි බව වෙරෝනා පොලීසිය කියයි.



අදහස් (0)

ලක් පෙම්වතා වෙරෝනා ගඟට පනී

චන්ද්‍රසිරි Tuesday, 13 November 2012 01:27 AM

නැතුව ඉතාලියෙදි මහවැලි ගඟට පනින්නයෑ (ස)

:       0       0

දීනලි Friday, 16 November 2012 01:37 AM

ලංකා නාමය නැති කරනවා

:       0       0

සුනන්ද Tuesday, 13 November 2012 02:10 AM

කෝ මේ වෙන්නප්පුවත් එක්ක තරහා පනාගොඩ? මේකටත් මොනවා හරි කියන්නකෝ. (නි)

:       0       0

සුදත් ඇන්තනී Tuesday, 13 November 2012 06:03 PM

වෙන්නප්පුවෙ කාන්තාවො ගොඩක් මේ වගේ තමයි..!(නු)

:       0       0

අමිල කටුනායක Tuesday, 13 November 2012 02:56 AM

පිස්සුද මන්දා? (නි)

:       0       0

සුරේෂ් Sunday, 18 November 2012 08:00 AM

කට්ටිය දන්නෙ නැති දේවල් දොඩවන්නෙ නැතුව ඉන්නවද? (නි)

:       0       0

සනත් ඉන්දික ඉතාලිය Tuesday, 13 November 2012 04:25 AM

ඔය ටික කරගන්නද මෙච්චර දුර ආවේ? (නි)

:       0       0

කමල් Tuesday, 13 November 2012 04:57 AM

වෙන්නප්පුවේ මිනිස්සු ඉතාලියේ ජයටම වැඩකරන පාටයි. (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 13 November 2012 05:14 AM

හොදයි. සාර්ථක උත්සාහයක්. (නි)

:       0       0

පනාගොඩ Tuesday, 13 November 2012 02:15 PM

මම මේ අවස්ථාවේ වෙන්නප්පු ජනතාව සමග හදවතින්ම ශෝකය බෙදාගන්නවා. (නි)

:       0       0

ඉන්ද්‍රා Tuesday, 13 November 2012 02:08 PM

පව් හිත හදාගන්න බැරි වෙන්න ඇති..ඔබට නිවන්සුව (ස)

:       0       0

යොහාන් Tuesday, 13 November 2012 07:29 AM

ගග ගැඹුරද? (නි)

:       0       0

වරුණ Tuesday, 13 November 2012 07:38 AM

මොලේ නැතිකම තමයි ඉතින්, ලංකාවට ආවනම් හොඳ කෙල්ලෙක් බැඳලා ලස්සනට ජීවත් වෙනවනේ...මෝඩ කමට බෙහෙත් නෑලුනේ (ස)

:       0       0

අජිත් Tuesday, 13 November 2012 07:38 AM

ආදරය වෙනුවෙන් කරන ලොකුම මෝඩ කම තමයි ජීවිතයෙන් වන්දි ‍ගෙවන එක.මේවා අපේ අනිත් කොල්ලොන්ටත් හොඳ පාඩම් (ස)

:       0       0

තිලිණි රෝමය Tuesday, 13 November 2012 07:01 PM

මංජුල මොකද මේ ඉතාලියටයි වෙන්නප්පුවටයි ඔයතරම් බනින්නෙ.. මේ ලෝකෙ හැම තැනම හොද හා නරක මිනිසුන් ඉන්නවා.. ඔය නැතිවුණ මල්ලි ඒවගේ නරක කෙනෙක් නෙමෙයි.. එයා හරිම අහිංසක ළමයෙක්.. එයාට දරාගන්න බැරි දුකක් එන්න ඇති.. දැං වෙලා ඉවරයි.. මල්ලි ඔයාට මොක් සුව පතනවා..!(නු)

:       0       0

ෂාන් Tuesday, 13 November 2012 07:05 PM

මොනවා වුණත් ගත් තීරණය වැරදියි. අසරණ දෙමවුපියන් පවු. (නි)

:       0       0

මංජුල Tuesday, 13 November 2012 08:06 AM

පාතාලයෝ, පික්පොකට් කාරයෝ, හොරකම් කරන අය, අපරාධකාරයෝ....මේ ඔක්කොම ඉන්නේ ඉතාලියේනේ. (නි)

:       0       0

අනිල් ඉතාලිය Tuesday, 13 November 2012 07:15 PM

ඔය ඔක්කොම බොරැ කතා ඒ ළමයා එහෙම නරක කෙනෙක් නෙමෙයි.. පවු අහිංසක කොල්ලෙක්.. මෝඩකම තමයි..!(නු)

:       0       0

දයාන් Tuesday, 13 November 2012 07:19 PM

අනේ මෙහෙමත් මිනිස්සු.. මේ ඇත්තටම මිනිස්සුද නැත්නම් තිරිසනුන්ද? මිනිසකුට කරදරයක් උනාම හිනා වෙන්නෙ මොකද?(නු)

:       0       0

නිලුක් Tuesday, 13 November 2012 07:06 PM

මෙයා හොද යහපත් දරුවෙක්...!(නු)

:       0       0

සරත් Tuesday, 13 November 2012 09:19 AM

හිත හොඳ මිතුරෝ නැතුව ඇති හරි වැරැද්ද කියලා දෙන්න (ස)

:       0       0

ප්‍රදීප් Friday, 16 November 2012 04:50 PM

මෝඩකමට නොදන්න දේ කියන්න එපා. තමන්ගේ කාට හරි මෙහෙම වුණානම් ඔහොම කියනවද ? (ස)

:       0       0

කමල් Tuesday, 13 November 2012 03:09 PM

හිතක් කැඩුණහම හදන්න අමාරුයි. ඒ දේට මුහුණ දුන්න කෙනයි ඒකෙ අමාරුව දන්නේ. (නි)

:       0       0

රුවන් Tuesday, 13 November 2012 03:24 PM

හරියට දැනගෙන කතා කරන්න. මේ හොඳ තරුණ දරුවෙක් (ස)

:       0       0

දිලීප Thursday, 15 November 2012 07:23 AM

මේ සිද්ධිය ගැන හරියටම දන්නෙ නැති කට්ටිය කරුණාකරලා තමන්ගෙ නම්බුවත් බේරාගෙන කටපියාගෙන හිටියොත් නේද හොද. (නි)

:       0       0

සනත් ඉන්දික ඉතාලිය Tuesday, 13 November 2012 03:33 PM

මංජුල පාතාලයෝ, පික්පොකට් කාරයෝ, හොරකම් කරන අය, අපරාධකාරයෝ....මේ ඔක්කොම ඉන්නේ ඉතාලියේනේ. මංජුල කොහෙද ඉන්නේ ඔයාගේ කීමට මම එකඟ නැහැ ඉතාලියේ ඉන්නවා වෙන්නපුවෙන් පිට කට්ටිය ඕනතරම් .හිතන්න එපා හැමෝම එක විදියයි කියලා (ස)

:       0       0

වසන්ත Tuesday, 13 November 2012 11:12 AM

බොහොම අමාරුවෙන් වෙරෝනාවට ගිහින් හරිම ලේසියෙන් අවසන් ගමන් ගිහින්. පව් .... (ස)

:       0       0

කුමාරි Tuesday, 13 November 2012 11:28 AM

වෙන්නප්පුවෙන් යන ගෑනු පිරිමි දෙගොල්ලන්ටම ඉතාලි ගියහම පවුල් අමතක වෙනවා , එහෙදි වෙන අයත් එක්ක ඉන්නේ (ස)

:       0       0

නයනා Monday, 12 November 2012 09:21 PM

අනේ මෝඩයා , ලංකාවේ ගෑනු ලක්ෂ 6කටත් වැඩියෙනුත් ඉන්නවා. වෙන කෙල්ලෙක් හොයාගන්න බැරි වු‍ණානේ? (නි)

:       0       0

නුවන් Monday, 12 November 2012 09:33 PM

පෙම්වතියගෙන් බේරෙන්න බැරුව ගගට පැනලද දන්නෙ නැහැ. (නි)

:       0       0

සිල්වා Monday, 12 November 2012 10:13 PM

බැඳීම් වැඩිවෙන තරමට ආශාවන් වැඩිවේ... ආශාවන් වැඩි වෙන්න වැඩි වෙන්න මිනිස්සුන්ගේ අධ්‍යාත්මය බිඳිලා යනවා (ස)

:       0       0

චතුල වෙරෝනා Monday, 12 November 2012 10:27 PM

පනාගොඩට මරු ප්‍රවෘත්තියක්. (නි)

:       0       0

සුරේෂ් Monday, 12 November 2012 10:29 PM

හොදටම පිස්සු. (නි)

:       0       0

අතුල Monday, 12 November 2012 11:35 PM

මම මේ තරුණයා දන්නවා . විවිධ ප්‍රශ්න නිසා නොමග ගිය තරුණයෙක් . (ස)

:       0       0

දයා-සවුදි Tuesday, 13 November 2012 11:59 AM

කවුරු කොහොම මොනවා කිවුවත් මගේ හිතේ ඇවිලුණු විරහා ගින්දරේ තරම දන්නේ මම විතරයි. (නි)

:       0       0

මානවී Tuesday, 13 November 2012 12:04 AM

අපරාදේ තරුණ ජීවිතේ . ඉවසීම නැති එක තමයි මේ සේරටම මුල..ඔබට‍ නිවන් සුව පතමි (ස)

:       0       0

වසන්ත Tuesday, 13 November 2012 12:21 AM

කඩා වැටුණු සිහිනය සැබෑවක් කර ගැනිමට තවත් මඟක් ඇති බව සිතන්න. ඒ තුළින් නැවත ක්‍රියාත්මක වන්න. යන මඟදී අපට සිත් රිදවීම් ඇති වීම, තමන් නොකරපු යමක් සහ තමන් නොසිතූ යමක් වුවද කිරීමට සිදු වන්න ඇති නේද? ඒ තුලින්ද ජිවිතයට යා කර ගත හැකි යමක් ඇති නම් එයද එක් කර ගනිමින් 'මට පුළුවන්' යන සිතුවිල්ල තුළින් නැවත නැගිටින්න. හිත හිතා එතුළම දුක් විඳිම නිෂ්ඵල ය. එම නිසා ලත නොවි ඒ වෙනුවෙන් කිරීමට හැකි වෙනත් පැතිකඩකට ඔබ හැරෙන්න. (නි)

:       0       0

ෂෙරීෆ් Tuesday, 13 November 2012 12:18 AM

වෙන්නප්පුවේ ඉන්නේ බාගෙට බාගයක්ම පිස්සු අය. (නි)

:       0       0

සෑම් Tuesday, 13 November 2012 12:20 AM

වෙරෝනා ගඟේ පිහිනීමේ ඉසව්වෙන් ලංකාවට ආශ්චර්යයක් ගෙනා ඔහුට අපේ කණගාටුව! (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 13 November 2012 12:54 PM

දෙයියන්ට පින් සිදුවේවා අපේ චතුල ඉන්නවා..! මගේ ඇඟේ ලේ වතුර වුණා වෙරෝනාවේ කිවුවාම .. (ස)

:       0       0

හේරත් Tuesday, 13 November 2012 01:00 AM

ගගේ මාලු නැතුවැයි කෙල්ල සිංදු කිව්වැයි දෙමවුපියන් මුහුදෙ වතුර ලුණු වෙනකල් ඇඩුවැයි අයියෝ පවු! (නි)

:       0       0

සුරංග Tuesday, 13 November 2012 01:00 AM

වෙරෝනා කොල්ලොනම් "රෝමියෝ "වගේ බොක්කෙන්මයි ආදරේ කරන්නේ. ඒත් කෙල්ලෝ චපලයි (ස)

:       0       0

ගාමිණී Tuesday, 13 November 2012 01:16 AM

මෙයාලට මොනවා වෙලාද කියලා දෙයියෝ තමයි දන්නේ (ස)

:       0       0

පනාගොඩ මිලානෝ Tuesday, 13 November 2012 01:07 AM

වෙරෝනා රෝමියෝ සහ ජුලියට් ජීවත් වුණ නගරය.. මේ වෙන්නප්පු කොල්ලා තමා රෝමියෝ කියලා හිතලා ගගට පැන්නද දන්නෙ නැහැ..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 707 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site