දින කිහිපයක් තිස්සේ පවතින මහ වැසි නිසා ඉච්චලම්පත්තුවේ පාෂාණ පබ්බත විහාරය පිහිටි කල්අඩි ඇතුළු ගම්වල ගැමියන් රැසක් කොටුවී ඇත.
කොටුවූ ගැමියන් බේරා ගැනීමට නාවික හමුදා බෝට්ටු යොදා තිබේ.
පාෂාණ පබ්බත විහාරාධිකාරී රත්නපුරේ දේවානන්ද හිමියන් දුරකතනයෙන් පැවසුවේ සේරුවිල රජ මහා විහාරය දක්වා ප්‍රදේශ එකම ජලාෂයක් වී ඇති බවයි.
ඒ අද උදෙත් බෝට්ටුවෙන් සේරුවිල වැඩම කළහ.
පොළොන්නරුවේ හා කන්කලේ වැව් වාන් දැමීම නිසා නැගෙනහිර පළාතේ පින්නිඅඩි, කල්අඩි, වෙරුගල්, ලංකා පටුන, මෝත්‍රවාරම්, වාලතෝට්ටම්, මු්ටයිචේන හා සූර් නගර්හි ගැමියෝ කොටුවී සිටිති.
වෙරුගල් කලපුව (ඉලංගතුරේ මෝත්‍රවාරම්) හරහා කල්අඩි සහ ලංකා පටුන විහාරයට යාමට තිබූ යකඩ පාලම 2010 කැඩී ගියේය.
හේමමාලා හා දන්ත කුමරු ලංකා පටුනට පැමිණි බව ජනප්‍රවාදයේ සඳහන් වේ.
නැගෙනහිර කොටි සන්නිවේදන ජාලය පිහියේ වත්මන් පාෂාණ පබ්බත විහාරයේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ නම් වලින් වැඩක් නෑ .. අලුත් නම් දාද්දි ජාතිවාදය අවුස්සන්න එපා (ස)