(බිමල් ජයසේකර ඇමරිකාවේ සිට ) - ඇමරිකාවේ ඔහායෝ බෞද්ධ දහම් පාසලේ ශ්‍රී ලංකික දරුදැරියන්ගේ දස්කම් ඇතුලත් ප්‍රසංගයක් පසුගියදා සින්සිනාට් නගරයේදී පැවැත්විණි. චාම් හෙට්ටිආරච්චි ගේ සහ දුෂි හෙට්ටිආරච්චි ගේ අදහසක් අනුව සංවිධානය කරන ලද මෙම "සිඟිති දහම් මිහිර 2012" ප්‍රසංගය සඳහා ඔහායෝ බෞද්ධ විහාරාධිපති කෝප්පකන්දේ සුමනජෝති හිමියන්ගේ අනුග්‍රහය සහ අනුශාසකත්වය ලැබිණි. ප්‍රසංගය සංවිධානය කිරීම සදහා සින්සිනාට්, ඩේටන්, කොලොම්බස්, ලේක්ෂින්ටන් සහ ලුවිවිල් යන නගරවල ශ්‍රී ලාංකිකයන්ගේද සහයෝගය ලැබිණි. ප්‍රසංගයේදී සිංහල දරුදැරියන් සියයක් පමණ තම දස්කම් එළිදැක්වුහ. කෙටි නාට්‍ය, නැටුම්, ගීත ගායනා භක්ති ගීත, වීඩියෝ දර්ශන ඇතුළු විශේෂාංග වලින් ප්‍රසංගය හැඩ විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සතුටුයි මේ වගේ ප්‍රසංග ඇමෙරිකාවෙත් සංවිධානය වෙනවා දැකීම. හෙට්ටිආරච්චි යුවලට පිං, ලක් දු පුතුන්ගේ දස්කම් එළිදැක්වීමට අවස්ථාවක් සලසා දීම වෙනුවෙන්. (නි)
සතුටුයි. (ස)
හොඳ වැඩක් , විශිෂ්ටයි (ස)
මෙතන දහම්පාසලක්... ළමා දිවිය සරු කරනා නව තෝතැන්නක් (ස)
හරිම හොඳ වැඩක්. ඉදිරියට තවතවත් මෙවැනි දේ සංවිධානය කිරීමට ඔබලාට ශක්තිය ලැබේවා! (ස)
හොඳයි (ස)
අපි මෙවන් ක්‍රියාකාරකම් වලට ඉදිරියේදීද උදවු කළ යුතුයි. (නි)
සන්තෝසයි ලංකා මාතාවට ජයවේවා (දී)