IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලක් දියණියක රටේ නම තියයි

එංගලන්තයේ ෂෙෆීල්ඞ් හලාම් විශ්වවිද්‍යාලයෙන් සෞඛ්‍ය විද්‍යාව හා සුවතාවය පිළිබඳ ආචාර්ය උපාධිය දිනාගත් විශේෂඥ වෛද්‍ය නීලමනී සන්ධ්‍යා රාජපක්‍ෂ හේවාගීගන වෛද්‍ය පරිපාලනය පිළිබඳ එවැනි උපාධියක් හිමි කැරගත් ප‍්‍රථම ශ්‍රී ලාංකික වෛද්‍යවරයාය. ශ්‍රී ලංකාවේ යෞවන හා යෞවනියන්ගේ ලිංගිකත්වය, යෞවන ගැටලූ සහ අඩු වයස් ගැබ්ගැනීම් පිළිබඳව වසර පහක් තිස්සේ කළ පර්යේෂණය ඇයගේ නිබන්ධනය විය. ඇය මේ සඳහා අවුරුදු 19ට අඩු වයසින් ගැබ්ගත් යෞවනියන් 450 දෙනකු හා යෞවනයින් 150 දෙනකු සහ එම වයසේ සාමාන්‍ය පාසල් ළමයින් 2020 දෙනකු සමග වසර පහක් තිස්සේ ඔවුන්ගේ ගැටලූ පර්යේෂණාත්මකව සාකච්ඡුාවකට ලක් කළාය. ඇය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ අධ්‍යක්‍ෂිකාවයි.



අදහස් (0)

ලක් දියණියක රටේ නම තියයි

චතූ Monday, 26 November 2012 12:05 PM

ඔබගේ සේවය දේශීය දු පුතුන්ටත් ලබාදෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා, ඔබ ලබාගත් ඒ අභිමානය ලක් ඉතිහාසයට එක් වේවා (ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 26 November 2012 12:11 PM

අපිට ආඩම්බරයි (ස)

:       0       0

නුවන් Monday, 26 November 2012 12:39 PM

සුභාපාතනවා මම ඔබට

:       0       0

උත්පලා Monday, 26 November 2012 12:52 PM

හරිම ආඩම්බරයි, හරිම ලස්සනයි . හදවතේ ලස්සන මලක් වලේ පිබිදිලා.. අපිට සුවඳ දෙනවා . බුදු සරණයි(ස)

:       0       0

පද්මි Monday, 26 November 2012 12:59 PM

ලංකාවේ පාසල් දරුවන්ට ලිංගිකත්වය පිළිබද දේශන පවත්වන්න. අපේ රටේ දෙමව්පියන්ට දරුවන්ට පහදා දෙන්න බැරි ගොඩක් කරුණු තියෙනවා (ස)

:       0       0

ඉරේෂ් Monday, 26 November 2012 01:12 PM

නියමයි ඩොක්ටර්, නියම සවාරිය (ස)

:       0       0

ජෝසප් Tuesday, 27 November 2012 06:31 AM

ඔබ රටට ආඩම්බරයක් (දී)

:       0       0

මාලා Monday, 26 November 2012 01:16 PM

ඔබ නැවත ලංකාවට එනවද ?? නාවත් අපි තරහා නෑ . මෙහේ තියෙන තත්වේ එච්චර හොඳ නෑ. ඒකයි (ස)

:       0       0

උදය Monday, 26 November 2012 01:27 PM

ඔබ වගේ අය තමයි ලංකාවට අවශ්‍ය

:       0       0

රුක්ෂලා Tuesday, 27 November 2012 06:54 AM

ඔබ අපට ආඩම්බරයක්. (නි)

:       0       0

සිල්වා Monday, 26 November 2012 01:32 PM

ලක් මාතාවට ඔබ නම්බුවක්

:       0       0

සිසිර Monday, 26 November 2012 01:49 PM

ඉරේෂ්ගේ කුහක කම හොඳට පේනවා..අපේ උණුසුම් සුබ පැතුම් (ස)

:       0       0

මොහොමඩ් Monday, 26 November 2012 02:36 PM

මාලා මෙයා දැන් ඉන්නේ ලංකාවේ තමා දැක්කේ නැද්ද ඡායාරුපයේ සාරි ඇදපු කට්ටිය ඉන්නේ.(ස)

:       0       0

චින්තක Monday, 26 November 2012 08:29 PM

ලක් මාතාවට ඔබ වැනි දු වරු වාසනාවක් (දී)

:       0       0

ධම්මික-සෟදි Monday, 26 November 2012 08:26 PM

අපිට ආඩම්බරයක් ඔබ (ස)

:       0       0

උදයංග Monday, 26 November 2012 03:30 PM

දොස්තර ගොඩක් කැපවීම් කරලා මහන්සිවෙලා ලබාගත්ත ආචාර්‍ය උපාධියක් මේක. සමහරු එක රැයින් උපාධි ගන්නවා ලංකාවේ (ස)

:       0       0

ස්වර්න Monday, 26 November 2012 10:18 PM

ලංකාවේ නාමය ලෝකයේම පතුරුවාලන්න ඔබට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා! (නි)

:       0       0

රංජන Monday, 26 November 2012 10:44 PM

මැඩම්, දැන් ලංකාවේ තියන ලොකු ප්‍රශ්නයක් තමා ඕක. පාසල් වලත් ගොඩක් තියනවා. ගුරුවරුත් සහභාගි කරගන්න.ගොඩක් ප්‍රයෝගික විසදුම් හොයාගන්න පුළුවන් වේවි. ඔබට දිගාසිරි! (නි)

:       0       0

අසේල Monday, 26 November 2012 11:24 PM

සුභපැතුම් දුවේ

:       0       0

වාසනා Monday, 26 November 2012 11:17 PM

ඔබ වන් අය ලංකාවට වටිනවා (දී)

:       0       0

එරංග Monday, 26 November 2012 11:17 PM

ඔබ වැනි අය රටට ආශිර්වාදයක් (දී)

:       0       0

ජෝස් Monday, 26 November 2012 04:49 PM

මොනවා වුණත් හොද වැඩක්. ඔබට ජය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 868 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site