චීනයේ සීවෑන්ග් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් අද අභ්‍යාවකාශ ගත කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාව යැවීම තව දින පහක් පමණ ප්‍රමාද කිරීමට සිදුව ඇතැයි සුප්‍රිම් සැට් ආයතනය පවසයි. තාක්ෂණික කරුණු කිහිපයක් තහවුරු කැර ගැනීමට කාලය අවශ්‍ය වීම සහ චීනය අවට අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තීරණය ගත් බව එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ටී.ආර්.විජිත් පීරිස් මහතා කියයි. ඒ මහතා පවසන්නේ සුඑ හෝ තාක්ෂණික දෝෂයක් සිදුනොවන ආකාරයෙන් චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතකිරීමට අවශ්‍ය බැවින් මෙම තීරණය ගත් බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු උපතින්ම අනුන්ට මඩගහන්න දක්ෂ කිසිම දෙයකින් තෘප්තිමත් නැති පිරිසක් වෙලා (ස)
මේක යවන්නෙ ශ්‍රි ලංකා දුම්රිය දෙපර්තමේන්තුවෙන්ද....................????? (ස)
නමේ මොකක්හරි අවුලක්ද දන්නේ නැහැ. ඒ නම ගෑවුණත් පරක්කුව තමා මතක් වෙන්නේ. (නි)
මේකේ අපේ සමහරුන්ගේ පින්තූර ගහලා යැවුවා නම් පිටසක්වල අයගේ ඡන්ද ටික ගන්න තිබුණා. (නි)
ලත් තැනම බාධයි (දී)
වැඩේ නම් හොදයි
සන්තෝසයි....
කනගාටුයි
හුගක් හොදයි. ඔහොම තමයි පියවරෙන් පියවර ඉදිරියට යන්න ඕනෑ. (නි)
ශා නියමයි පුතා... මොකක් වුණත් ඕවා දකුණේ වැඩනේ ..(ස)
මේවා කරන්න කලින් අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න ඕනෑ. (නි)
ජයවේව
ලංකාවට ලොකු ආඩම්බරයක් අමල් ඔබේ කියමන සම්පූර්ණ ඇත්ත (ස)
රුපියල් කෝටි 750 ක් නේද? කට්ටියගේ සිහින සැබෑ කරන්න? අනේ දුප්පත් අපි බදු ගෙවන සල්ලි. (ස)
මොනවා කරන්නද
අති විශාල මුදලක් වියදමි කරලා කරන මේ වැඩ අපේ රටට ගැලෙපන්ෙන් නෑ ෙමක සුළු පිරිසකගේ අාසාවක් මේ මුදලින් කොපමණ දේවල් කරන්න තිබුනද ලග බලලා දුර බලන්න තිබුණෙ කරන්න දෙයක් නෑ සුභ අපි සුභ පතනවා.(නු)
එකෙත් අපේ අයගේ පිංතූර ගහලාද යවන්නේ..?(නු)
රටට හොදක් වෙනකොට මේකේ ඉන්න අය ඉරිසියාවේ පැලෙනවා. කාට තදියම තිබ්බත් ප්‍රශ්න තියෙනවා නම් උඩ යවල හරියන්නේ නෑනේ . දවස් පහක් නෙමේ මාස පහක් හරි අරන් හරියට යවන්න ඕනේ (ස)
මේකෙ දාල තියන කමෙන්ට් වලින් පේන්නෙ අපේ රට සුරපුරයක් තරමට දියුණු කලත්,මිනිස්සුගෙ ආකල්ප නම් කවමදාවත් දියුණු කරන්න බැරි බවයි.(ස)
හැම දේම සුභවාදීව හිතන්න.. පරක්කු උනේ හොදට කියලා හිතන්න..(නු)
අනිවාර්‍යයි ඕක කඩන් වැටෙනවා මට ඉර හඳ වගේ විශ්වාසයි (ස)
ජ්‍යාත්‍යන්තර බලපෑමක්ද
චීනේ චන්ද්‍රිකාවක් වුණත් ලංකාවේ කොඩිය ගහලනේ. ඒ මදැයි. (නි)
ඉන්ද්‍රජිත්ලා,චතුලා, වගේ රටේ දියුණුව දකින්න බැරි නායකයන් පවා රටේ ඉන්නවා. මේ අය සිංහලයන්ද? ලැජ්ජාවෙ බැහැ. (නි)
ඕක සාර්ථක වේවිද? (නි)
රට බන්කොලොත් (ස)
සුබ අනාගතයක්.....!!! ග්‍රී ලංකා ආශ්චර්යය ලෝකෙටම පෙන්නන්න. (නි)
චන්ද්‍රිකාව රූමස්සලට ඉහළින් තිබුණොත් තමයි නියම ස්ථානය. ආචාර්ය ආතර් සී ක්ලාක් මහතා ද මේ බව සදහන් කර ඇත. ඹබගේ අදහස් සදහා විවෘතය. (නි)
"කන්න නැතිව මා මැරුණත් මගේ රට දියුණුවෙනවානම් වෙන සතුටක් තවත් නැත..!" අනේ! මෙහෙමත් මෝඩයෝ ඉන්න රටකනේ මම ඉපදුණේ? (නි)
දැන් අපිට අඩු චන්ද්‍රිකාව පමණද? (නි)
ප්‍රමාද උනාට කමක්නැහැ. වැඩේ හරියට කරනවා නම්. භවතු සබ්බ මංගලම් රක්කන්තු සබ්බ දේවතා. අපේ රට දිනෙන් දින දිනේවා!!!!! (නි)
මේක ඇත්තටම උඩ යාවිද? (නි)
මේකත් "මේඩ් ඉන් චයිනා" නේද? (නි)
අයියෝ සල්ලි
හැම වෙලාවෙම මෝඩ මිනිස්සු මොනවා කියනවද මන්දා? ඇයි මිනිසුනේ, ඇයි මේ අපහාස කරන්නේ? (නි)
ප්‍රමාද වුණාට කමක් නැහැ. සුභ ගමන්! (නි)
"රංග 2012-11-22 12:30:58 මේකෙ දාල තියන කමෙන්ට් වලින් පේන්නෙ අපේ රට සුරපුරයක් තරමට දියුණු කළත්,මිනිස්සුගෙ ආකල්ප නම් කවමදාවත් දියුණු කරන්න බැරි බවයි." දැන් ඔය මහත්තයා කියන්න චීනෙන් චන්ද්‍රිකාවක් ඇරියහම කොහොමද මේ රට සුරපුරයක් වෙන්න ඒක දායක වෙන්නේ කියලා? (නි)
මේකේ අදහස් දාන දේශප්‍රේමීන්ට මෙතුවක් කල් ලංකාවට අඩු වෙලා තිබිලා තියෙන්නේ චන්ද්‍රිකාවක් විතරයි වගේ. දැන් ඉතින් මේක යැවුවම ලංකාව කිසි කිසි ගාලා දියුණු වෙයි! නොරොච්චෝලේ බලාගාරේ හදපු දා ඉඳන් කැඩෙනවා. චීනය මැදිහත් වෙලා මෑතකදී අපේ රටේ කළ කිසිදු කටයුත්තක් හිතු තරම් ප්‍රතිඵල දායක වී නැහැ. කාගේවත් සිහින ඉටු කරගන්න වැය කරන ඔය කෝටි ගණනෙන් විසඳිය යුතු අනිවාර්ය හදිසි ගැටළු මේ රටේ නැද්ද? කෑම ගැන කතාකිරීම වැරදියි කියමු. අඩුගානේ රෝහල් වල බෙහෙත් ටික තියෙනවාද? (නි)
දිලංක (ලා) හිතං ඉන්නෙ සරුංගලයක් යවනවා කියලා.... බාලයෝ වගෙ අනුන්ගෙ සරුංගලේ වැටියන් කියන නොදරුවෙක්. රටේ දියුණුවට යමක් වෙද්දි පාට කණ්නාඩි ගලවන්න. (නි)
අපි වගේ රටකට මෙතරම් මුදලක් දරාගන්න අමාරු බවයි මගේ නම් අදහස වෙන්නේ. (නි)
"මේඩ් ඉන් චයිනා " වගේ වේවිද දන්නේ නෑ !! (ස)
කොහොමත් පරක්කුයිනේ. (ස)
දිලන්ත ඔබ හරි වගෙයි.. මටත් ඔය අදහස නිකං ආවා.. බලමු ඔක්කොම දෙවියන්ගේ අතේ තියෙන්නේ..!(නු)
රටවත් හරියට පාලනය කරගන්න බැරි අයට මොන චන්ද්‍රිකාද?(නු)
වරුණ කොහොමද මේ සල්ලි අපරාධයක් වෙන්නේ.. අනික අපිට ඉන්න හොදම හිතවතා චීනයයි.. වරදින එකක් නැහැ ගුවනත් ජය ගනී ළගදිම..!(නු)
දිලන්ත මොනවාද මේ කියන්නේ.. මේක මේක අසාර්ථක වෙන්න බලන කොටසකුත් ඉන්නවා..!(නු)
ඕක උඩයවන වෙලාවට යට ඉන්නේ බලාගෙනයි.. මතකනෙ නොරොච්චෝලෙට චීනයෙන් ගෙනාපු ටර්බයින්.. ඒ වගේද දන්නෙ නැහැ..!(නු)
අනිවාර්‍යයි ඕක කඩන් වැටෙනවා (ස)
මෙදා පාර නැකැත් කරුගේ හඳහනත් බලන්න වෙයි වගේ (ස)
හැම දේම වෙන්නේ හොඳටයි (ස)
ඔය දිලික්ක කියන ඕවා පරණගම අයට මැජික්. ඒකයි ඔක කඩාගෙන වැටෙනවා කියන්නේ.. (නු)
පටු අදහස් දුරුකරලා, රටක් ලෙස අප තබන මේ යෝධ පියවර ශ්‍රී ලාංකිකයන් ලෙස අප හැම සුභ පැතුම්.. ජයසිරි.. භවතු සබ්බ මංගලම් - රක්ඛන්තු සබ්බ දේවතා.!(නු)
දවස් 5 ක් කල් යද්දි අර මෙහෙන් ගිය අයට හෝටල් බිල් ගෙවන්නත් එපැයි (ස)
ඕක උඩ යද්දි බඩු මිලත් උඩ යාවිද ??? (ස)
මේකට මුදල් කාගෙන්ද ??? (ස)
හොඳයි කියනවා ඇර වෙන මොනවා කියන්නද (ස)
අනේ ඒක නම් කමක් නැහැ... ඔහොම දේවල් වෙනවානේ.. ඒත් අර මෙහෙන් ගිය ඇමතිගේ හෝටල් බිල දවස් පහක් වැඩි වෙන එක තමා ගැටළුව..!(නු)
රාජකීය නැකැත් කරුගේ උපදෙස් මත කල් දමන ලදී !(ස)
තාක්ෂණික දෝෂයක් සිදුනොවන ආකාරයෙන් චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතකිරීමට අවශ්‍යයි ඒක ඇත්ත........හදිස්සියට වරාය විවෘතකරා මතකයිනේ (ස)
අයියෝ සල්ලී (ස)
චන්ද්‍රිකාව හොද දෙයක් උනත් ඇයි කිහිපදෙනෙක්ගේ උවමනාවට අපේ බදු සල්ලි වලින් රොකට් අරින්නෙ..!(නු)
දකුණු කොරියාව රුසියාව සමග එකතු වී හදපු නාරෝ චන්ද්‍රිකාව දෙපාරක් යවලා, දෙවැනිපාර කඩාගෙන වැටුණාලු නේද ගිය අවුරුද්දේ? පොඩ්ඩක් පහුවෙලා හරි අපේ චන්ද්‍රිකාව කොහොමහරි සාර්ථකව යවන්න ලැබේවායි ප්‍රාර්ථනා කරමු! (නි)
මේක ලක් නෙමෙයි චයිනීස්. අපේ වෙන්නෙ යම් කාලයක් ගියහම. වැඩි කොටසක් දාල තියෙන්නෙ ච්යිනවලින්. අනික මේ සුප්‍රීම් කියන්නෙ චීනෙට අනුබද්ධිත කොම්පැණියක්නෙ.(ස)
මම හිතුවෙ 2004 චන්ද්‍රිකාව උඩ යැව්වා කියලා.!(නු)
මෙතන හුගක් අයට තියෙන ප්‍රශ්නේ මේක විපක්ෂය මැදිහත්වෙලා නොකරපු එකයි. (නි)
නිමල්සිරි මහතා තිස්ස ඔබේ අදහස් සහතික ඇත්ත.. මෙවැනි නිරතුරුවම කෑම සදහා කට ඇරන් බලාන් ඉන්න පිරිසක් ඉන්න රටක් කවදා ඉදිරියට යන්නද? ඔය අදහස් දාන අයට බැරිද කියන්න වගේ රට දියුණු කරන්න.. කියවිල්ල පැත්තක තියලා තමන්ගේ රාජකාරිය හරියට කරන්න..!(නු)
අනේ! සාර්ථක වෙලා හොද ප්‍රතිඵල ලැබෙන්න ඕනෑ. (නි)
දිලංක ඔහේලා වගේ මිනිස්සු නිසයි මේ රටට හරි යන්නෙ නැත්තේ.. කරුණාකරලා වෙන රටක් හොයාගෙන යන්න. ඔය අදහස් එන්නෙ තමන්ගේ රටට ආදරයක් නැති අයටයි.. කන්න නැතිව මා මැරුණත් මගේ රට දියුණුවෙනවානම් වෙන සතුටක් තවත් නැත..!(නු)
මෙහි තිබෙන අදහස් දැක්කහම කියන්න තියෙන්නෙ ඉන්නෙ අඥානයින් කියලයි. මොන දේ කළත් වැරදියි. මෙයාලට බැරිද දන්නෙ නැහැ රට පාලනය කරන්න. (නි)
දිලන්තලා වගේ මිනිස්සු නිසා තමයි අද අපේ රටට මෙහෙම විනාශයක් වෙලා තියෙන්නේ. (නි)
පමා වුණත් මොකෝ වැඩේ හරියට වෙනවනම් .නාසා ආයතනයෙත් ඔහොම වෙන්නේ (ස)
දිලංක ඔයාගේ කතාවට මිනිස්සු බනින්නේ ඔයා හදපු අහිංසක මව්පියන්ට..!(නු)
මේක බාල චන්ද්‍රිකාවක්ද?(නු)
නිලූ.. ඔයාගෙ එකත් කැඩිලා වැටුනාද?(නු)
රුපියල් කෝටි 750ක් කියන්නේ අපේ වගේ රටකට පොඩි ගානක් නෙමෙයි.. සමහරුන්ගේ පොඩි කාලේ ඉදලා තිබ්බ පොඩි පොඩි බලාපොරොත්තු ඉටු කරගන්න ගිහිං පොඩි පොඩි මිනිස්සුන්ට ලොකු ලොකුවට දැනෙන වැඩ කරන්නේ ඇයි..?(නු)
හිටපු චන්ද්‍රිකාවත් හැමදාම පරක්කුයිනේ..!(නු)
දිලංක මෝඩ කතා කියන්න එපා.. අපිත් නැගිටින්නම් ඕවත් කරන්න වෙනවා.. ආශිර්වාද කරන්න..!(නු)
දිලංකගෙ මෝඩ කතා.. සිහංලයාගේ හැටි ඔහොම තමයි.. හොද දේටත් නරකදේටත් අසුභවාදී ලෙසමයි පේනේනෙ.. චන්ද්‍රිකාව කියන්නේ මොකද්ද කියලා පොත පතෙන් ඉගෙන ගෙන එන්න..!(නු)
මොනවා කළත් මුලට එන්නේ රාජපක්ෂ කෙනෙක්..!(නු)