ශ්රී ලංකාවේ ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාව චීනයේ ශීචෑන් මධ්‍යස්ථානයේදී ලබන බ්‍රහස්පතින්දා ගුවන් ගත කිරීමට නියමිතය.
වාණිජ කටයුතු සඳහා මේ චන්ද්‍රිකාව 2013 මැද සිට ක්‍රියාත්මක සුප්‍රිම් සැට් නම් ශ්‍රී ලංකා සමාගම හා චීනයේ ග්‍රේඩ් වෝල් කර්මාන්ත සංස්ථාව ද චීන චන්ද්‍රිකා සන්නිවේදන සමාගමද මේ චන්ද්‍රිකාවේ සම කොටස් කරුවෝය.
එහි වියදම ඇමෙරිකානු ඩොලර් කෝටි 36 (රුපියල් කෝටි 4752) කි.
හනුවර අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ඉදි කිරීමද මේ වැඩපිළිවෙලට අයත් වේ. 2015 දෙසැම්බරයේදී ශ්‍රීලංකාව තමන්ගේම චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීමටත්, අජටාකාෂගාමීන් පුහුණු කිරීමටත් බලාපොරොත්තු වේ.
චන්ද්‍රිකාවක් ගුවන් ගත කරන ලොව 27 වැනි පෞද්ගලික සමාගම සප්‍රිම් සැට් සමාගමයි.
මාලදිවයිනට හා ඇෆ්ගනිස්ථානයට ද චන්ද්‍රිකා හිමි කර දීමට මෙම සමාගම දැනටම සාකච්ඡා අරඹා ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර හදන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අපිවත් බදවාගන්නකෝ. (නි)
චයිනා-සැට් කියලා තියෙන්නේ මොකද්ද ? (ස)
මේක මගදි කඩා වැටෙයිද " චීන බඩුවක් නිසා කිව්වේ " සුබ පැතුම් (ස)
දැන් ඕවා ගැන ඉගෙනගත්ත අයට ඔය ඉන්නේ (ස)
පුදුමයි එත් ඇත්තයි
පුදුම සතුටක් හිතට දැනෙන්නේ (ස)
සුභ පැතුම්! (නි)
කෝ අපේ අවශ්‍යම කෙනෙක් නැහැනේ මෙතන. (නි)
අපිට ඕක විතරයි අඩු (ස)
අනේ හොදයි
ලංකාවට අවශ්‍යම දෙයක්, සාර්ථක වේවා !! (ස)
බොහොම සතුටුයි. (නි)
කවුද හිතුවෙ මෙච්චර ඉක්මනට සිංහ කොඩිය චන්ද්‍රිකාවක ගහලා පෘථිවියෙන් එළියට යයි කියලා. හිතට ඇතිවෙන ආඩම්බරේ කියල නිම කරන්න බැහැ. (නි)
කොහොමද වෙන්නේ
මොකටද ඉතින් යැවුවේ
වරදක් නැහැ
මේක ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකාවක් නම් "ChinaSat" කියල ගහලා තියෙන්නේ ඇයි? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
හොදයි වරදක් නැහැ
මේක සිංහල සමාගමක්ද (ස)
හොද උත්සාහයක්. (නි)
ජයවේවා
අනේ මන්දා ඇත්තක්ද
හදටත් ගියා
ජයවේවා
ස්තුති ජනපති තුමනි
අපේ රජයට ජයෙන් ජයම වේවා !
අදහසනම් හොඳයි ...නමුත් මේක කොයිවෙලේ කඩන් වැටේවිද දන්නේ නෑ ....? චීනනේ හැදුවේ ..!! (ස)
ජයවේ ශ්‍රීලංකා (දී)
සුභ පැතුම්! (නි)
විශ්වාස නැහැ
උණුසුම් සුබ පැතුම් (දී)
මේවනම් හොඳ වැඩ .උපරිම ප්‍රයෝජනය ගන්න වියදමේ හැටියට (ස)
සුබ පැතුම් සියලු දෙනාටම , සාර්තකව ගුවන්ගත කරන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා (ස)
ආතර් සී ක්ලාක් මහතාට පින් සිද්ද වෙන්න ඔන්න චන්ද්‍රිකාවක් ගුවනට ....එතුමා හිටිය නම් කොතරම් සතුටු වෙයිද?
සුභ පැතුම් (දී)
i සන්තෝෂයි (අ)
හොඳයි.....ලොකු පිම්මක්...වැදගත් දෙයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා (අ)
අපිට ශ්‍රී ලංකාව ගැන ආඩම්බරයි (ස)
හදවතින්ම සුභ පතමි (අ)
ගොඩාක් සතුටුයි (අ)
වරදක් නැහැ හොදයි
ජය වේවා ශ්‍රී ලංකා! (නි)
වැඩ නොකර බනින උන් මොනවා කිව්වත් රටක් දියුණු කරන්න මේ වගේ දේවල් කරන්න ඕන. අද කල යුතු දේ අදම කල යුතුය. අපි අඋරුදු 50 ක්ම කලේ කලදන එකනේ. (අ)
වරදක් නැහැ
ලංකාව චීනෙට විකිනිලා ඉවරයි (ස)
යුරෝපයට ශ්‍රී ලන්කා රූපවාහිනී චැනල් ටික බලාගන්න පුලුවන් උනොත් කොටි සංවිධානය යුරෝපයේ කරන බොරුව අතේ පත්තු වෙනවා ඒ නිසා මේ කාර්ය ඉක්මනින් සඵල වේවා!
නියමයි! හැබැයි ඉතින් වැඩක් ගන්න ඕනා... (ත)
සන්තෝෂයි. හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරමි. (නි)
එඩිතර පියවරක්. (නි)
අපේ චන්ද්‍රිකාවේ ලියන්න තිබුණේ සිංහලෙන්. (නි)
ගොඩක් හොදයි. සන්තෝෂයි. (නි)
සාර්ථක වේවා! (නි)
මේකටත් දැන් කට්ටිය මොනවාහරි කියයි. (නි)
අඩුපාඩු කොතෙක් තිබුණත් දැන් අපේ රටට සංවර්ධන වැඩපිළිවෙළක් තිබෙනවා. (නි)
අඩු පාඩු ගොඩක් තිබුණත් රට ගොඩ ගන්න උත්සාහයක් කරන බව පේනවා (ස)
අපේ රටේ දියුණුව දැන් අපිට පෙනෙනවා නේද? (නි)
ලංකාවේ නිර්මාණය කල එකක්ද මේ (දී)
හොඳ දෙයක්, විශිෂ්ටයි (ස)
මෙන්න මලේ වැඩ. (නි)
100% වටිනා වැඩක්
හොඳ වැඩක්, හදවතින්ම සුබ පතනවා (ස)
මට මගේ රට ගැන ආඩම්බරයි. (නි)
මොන තරම් හොද දෙයක්ද
සරත් ෆොන්සේකා මහත්තයා මේ ගැන හිතන්නේ මොකක්ද කියලා දැනගන්න මට ආසයි. (නි)
අපේ කිරිසිහිනේ සැබෑ වුණා. (නි)
මේවා ඇහෙනකොට විපක්ෂයේ අය ඊර්ෂ්‍යාවේ පුපුරු ගහනවා ඇති. (නි)
නිදහසේ ප්‍රතිඵල තමයි (ස)
ඔහොම යන්. (නි)
අපි රටවැසියන් වශයෙන් ආඩම්බර විය යුතුයි. (නි)
අපේ ජනාධිපතිතුමා රට ගොඩදාන බව අපිට ස්ථිරයි. (නි)
සාධු... සාධු... සාධු...! හරිම සතුටුයි. (නි)
ඉතිරි වැඩත් මෙලෙසම සාර්ථක වේවා! (නි)
ගොඩක් සංතෝශයි..ශාන් ඔයාට කොහොමත් තේරෙන්නේ නෑ .... තේරුම් ගන්න උත්සාහ කරන්නත් එපා (ස)
රටක් වශයෙන් අපට ඉදිරියට යන්න ඕනෑ නම් චන්ද්‍රිකා තාක්ෂණය අනිවාර්යයෙන්ම භාවිතා කළ යුතුයි. (නි)
කවුරු කොහොම කියුවත් හොද දෙයක් තමයි
ලංකා නාමය පිට සක්වලට
සුභපැතුම්
සුබ අනාගතයක් (ස)
බුදු සරණයි....
100% ලාංකිකද (දී)
ජයවේවා ....ජයවේවා ....සන්තෝසයි (දී)
ඔන්න විශ්වස කරන්න
ලංකාවට ජයවේවා
සන්තෝසයි
සමන්ට චීනෙන් හදන ඒවා දිරවන්නේ නැහැනේ. ඊශ්‍රායලයෙන්නම් හොඳයි නේද . (ස)
මේවා දැකලා පුදුම සතුටක් දැනෙන්නේ (ස)
ලෝකෙට පරකාසී ගෙදරට මරගාතේ (ස)
සුබ පැතුම් (දී)
මේක SupremeSAT සමාගමේ සම අයිතිය ඇති චන්ද්‍රිකාවක්. අනෙක් සමාගම තමා ChinaSAT කියන්නේ. වැඩි විස්තර මෙතනින් බලන්න. (https://www.facebook.com/Supremesat) (ස)
චන්ද්‍රිකාලටත් සන්තෝෂ ඇති! (ස)
ජයවේවා
ඇයි ලංකාවේ අපිට මේ ගැන ආඩම්බර වෙන්න බැරි? හැම වෙලාවෙම වැරදි හොයන ඔහෙලා ලාංකිකයොද? (නි)
මගෙ ලක් මෑණියන්දෑ හරි පින්කාරී. (නි)
ඊළම ඉල්ලන අය පෝළිමේ එන්නකෝ... (නි)
අපේ ලංකාවේ ටීවී නාලිකා සියල්ලම නොමිලයේ නරඹන්න පුලුවන් ලින්ක් එකක් හැදුවොත් මේ ආශ්චර්යය ලෝකයටම බලාගන්න තිබුණා. (නි)
ලංකා ජනපතිට අපේ උණුසුම් සුභ පැතුම්! (නි)
දැන්වත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහල බසීවිද (ස)
කරන්න පුලුවන්නම් ලොකු වැඩක්
සුභපතනවා මම
බඩට නැතිවුණත් ලුණුකැට පයට ඕනැමයි විල්ලුද.... (නි)
වැඩේ හොදයි. මොකද අපි තොරතුරු තාක්ෂණය අතින් ඉන්නේ ඉතා පහළ මට්ටමක. ආර්ථික ප්‍රශ්ණ නැතුවා නොවේ. ඒත් මෙයින්වත් අපට යම් සුගතියක් ලැබේ නම් ඒ ඇති. අනාගත පරපුරටවත් සෙතක් සැළසෙයිනේ.
සුභපැතුම්
අපි දැන්වත් දීන අදහස් වලින් මිදෙමු. ජය ශ්‍රී ලංකා! (නි)
වැරදි ඇත්නම් හදාගෙන ඉදිරියට යමු. සුභ පැතුම්! (නි)
මගේ රටට දළදා හිමි සරණයි (ස)
අපේ ජනාධිපතිතුමා අත ගැහුවේ කවුරුත් නොකරපු ලොකු වැඩකට. අපේ උණුසුම් සුභ පැතුම්! (නි)
හත්වලාමේ ඕවා කරන්න කලින් මේ රටේ දුප්පත් මිනිස්සු ගැන බලහල්ලා දරුවනේ. රජයෙ උත්තමයලාට නම් කාසි කීයක් හරි වැඩිවුණා. ඒත් කුලී වැඩ කරන අපි වගේ හිගන්නොන්ට කවුද කාසි වැඩියෙන් දෙන්නෙ. (නි)
ලොකු ආඩම්බරයක්. (නි)