IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලෝක කුසලන දිනන්න යන්න දෘශ්‍යාබාධිතයෝ වියදම් සොයති

දෘෂ්‍යාබාධිතවුවන්ගේ විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිතවුවන්ගේ පිල අනුග‍්‍රාහයකයකුගේ සහයෝගය අපේක්‍ෂාවෙන් සිටියි. රටවල් 9 ක සහභාගීත්වයෙන් පළමුවරට පැවැත්වෙන මෙම තරගාවලිය දෙසැම්බර් මස 1 වැනිදා සිට 13 වැනිදා දක්වා ඉන්දියාවේ බැංගලෝර් නුවරදී පැවැත්වේ. පුහුණුවීම සඳහා ස්ථිර ක‍්‍රීඩාංගණයක්වත් නොමැති වු මෙම ක‍්‍රීඩකයන් පිරිස අවම පහසුකම් යටතේ පුහුණුවීම් ආරම්භ කළේ ඉකුත් සඳුදා සිටය. ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක‍්‍රිකට් පිලේ නායක චන්දන සුරියආරච්චි පවසන්නේ ක‍්‍රීඩකයන්ගේ අවශ්‍යතා ක‍්‍රීඩකයන් විසින්ම සපුරා ගැනීමට සිදුවීමෙන් පුහුණුවීම් පවා අතපසුවී ඇති බවයි. ක‍්‍රීඩකයන් තැන් තැන්වල නේවාසිකව සිට පුහුණුවීම්වලට පැමිණීමට සිදුවීමත්, ගුවන් ප‍්‍රවේශපත් මෙන්ම විදේශ ගමන් බලපත‍්‍ර ද ලබා ගැනීමට නොහැකි වු ක‍්‍රීඩකයන් සිටින බවත් ඔහු පවසයි. ක‍්‍රීඩකයන්ගේ පහසුකම් වෙනුවෙන් ලක්‍ෂ 12 හමාරකට ආසන්න මුදලක් මෙම තරග සංචාරය සඳහා දැරීමට දෘෂ්‍යාබාධිත ක‍්‍රිකට් පිලට සිදුව තිබේ. ක‍්‍රීඩා අමාත්‍යංශය සහ මෙරට ආබාධිතවුවන්ගේ මධ්‍යස්ථානයකින් ලක්‍ෂ හතරකට ආසන්න මුදලක් මේ වන විට ලබා දී තිබේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් ක‍්‍රීඩකයන්ට පුහුණුවීම් සඳහා ඇඳුම් ලබාදී ඇති අතර හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායක අර්ජුන රණතුංග මහතා ද ක‍්‍රීඩකයන්ට පහසුකම් සැලසීමට ඉදිරිපත්ව තිබේ. ඩිල්මා කුසලාන දෘෂ්‍යාබාධිතවුවන්ගේ ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වු ක‍්‍රීඩා සමාජ කණ්ඩායම් 15 ක දක්‍ෂතම ක‍්‍රීඩකයෝ 16 දෙනෙක් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටිති. ක‍්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී අනතුරකට ලක්වීමෙන් දෘෂ්‍යාබාධිත තත්ත්වයට ලක් ව සිටින යුද හමුදා නිලධාරීන් තිදෙනෙක්ද සංචිතයේ සිටිති. පුර්ණ දෘෂ්‍යාබාධිත (බී1), ඡුායාව වගේ පෙනෙන (බී2) සහ සාමාන්‍ය මට්ටමට පෙනෙන (බී3) ලෙස කාණ්ඩ තුනක ක‍්‍රීඩකයෝ මෙම සංචිතයේ සිටිති. බී1 කොටසේ සහ බී3 කොටසේ ක‍්‍රීඩකයෝ සිවුදෙනා බැගින් ද, බී2 කොටසේ ක‍්‍රීඩකයන් තිදෙනෙක් ද ලෙස ක‍්‍රීඩකයෝ 11 දෙනෙක් කණ්ඩායමට ඇතුළත්වෙති. සත්කාරක ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, එංගලන්තය,  ඕස්ටේ‍්‍රලියාව, දකුණු අප‍්‍රිකාව, බංග්ලාදේශය, බටහිර ඉන්දිය කොදෙව් සහ නේපාලය යන රටවල් තරගාවලියට සහභාගිවේ. තරගාවලියේදී ශ්‍රී ලංකාවේ පළමු ඉලක්කය අවසන් පුර්ව වටයට පැමිණීම බව නායක චන්දන සුරියආරච්චි පවසයි. 1998 වසරේදී පළමුවරට ලෝක කුසලාන දෘෂ්‍යාබාධිතවුවන්ගේ ක‍්‍රිකට් තරගාවලියකට ශ්‍රී ලංකාව සහභාගිවී තිබේ. ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක‍්‍රිකට් පිලක් ලෝක කුසලාන තරගාවලියකට සහභාගිවන සිවුවැනි අවස්ථාව මෙයවේ. 2000 සහ 2006 වසරවලදී ඔවුන් මීට පෙර සහභාගිවී තිබේ. ශ්‍රී ලංකා පිල තරගාවලියට සහභාගිවීම සඳහා මේ මස 30 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය. දෘෂ්‍යාබාධිතවුවන්ගේ ක‍්‍රිකට් තරගවලදී පන්දු යවන්නා විසින් පිතිකරුට පන්දුව බිම දිගේ යවනු ලබන අතර පන්දුව තුළ ගෙජ්ජි හඬක් නැගෙන බැවින් පන්දුව පිතිකරුට ළඟා වීම හඳුනා ගනියි. තරගයට යොදා ගන්නා කඩුලූ හය ද ලෝහයෙන් තනා තිබේ. ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිතවුවන්ගේ ශ්‍රී ලංකා කණ්ඩායම: බී-1  දිමුතු රවින්ද්‍ර, සමන් කුමාර, බී. චමින්ද, චමින්ද පුෂ්පකුමාර, නුවන් තරංග, කෝසල හේරත් බී-2  දිනේෂ් මතුගම, සුලෝචන ගුණවර්ධන, මධුක ජයසිංහ, උපුල් සංජීව, මධුෂංක විශ්වනාත් බී-3  චන්දන සුරියආරච්චි (නායක), රුවන් කරුණාතිලක (උප නායක), දිමුතු පෙරේරා, රංජිත් ජයරත්න, කල්්‍යාණ කුමාර සහ චන්දන දේශප‍්‍රිය නිලධාරීහු: ජගත් රාජපක්‍ෂ මහතා (පුහුණුකරු), නෝබට් සිල්වා මහතා (කළමනාකරු), ඞී. එල්. සෙනෙවිරත්න මහතා (විනිසුරු), එස්.කේ.ඇතුලත්මුදලි මහතා (තීරක), යු. ප‍්‍රියන්ත මහතා (සහය කළමනාකරු) 1. ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිතවුවන්ගේ ක‍්‍රිකට් පිල........ 2. ක‍්‍රීඩකයන් ඊයේ බොරැල්ල කැම්බල් පිටියේදී පුහුණුවීම්වල නිරතවෙමින්........ (ඡයාරූප: රොමේෂ් ධනුෂ්ක සිල්වා)              



අදහස් (0)

ලෝක කුසලන දිනන්න යන්න දෘශ්‍යාබාධිතයෝ වියදම් සොයති

ජගත් Friday, 23 November 2012 04:15 PM

ගන්න එකත්,අහිංසක මිනිස්සු පව් කියලා අනුකම්පා කරන්න බැහැනේ (දී)

:       0       0

කමල් Friday, 23 November 2012 04:43 PM

කෝ මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය? ඒගොල්ලෝ මේ ක්‍රීඩකයන් ගැන බලන්නේ නැද්ද? (ස)

:       0       0

අශාන් Friday, 23 November 2012 05:03 PM

මොන තරම් උතුම් ක්‍රියාවක්ද (දී)

:       0       0

සේනක Friday, 23 November 2012 07:12 PM

අපි වෙනුවෙන් අපි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 864 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site