ඊජිප්තුව, හන්ගේරියාව, පෝලන්තය, පින්ලන්තය, සයිබීරියාව, ඇල්ජීරියාව, ටියුනීසියාව  සහ ශ්‍රී ලංකාව ඇතුලූ රටවල් අටක තරඟකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් දකුණු අප්‍රිකාවේ ටියුනීෂියා නුවර  පැවති  අට වැනි ජාත්‍යන්තර කාන්තා බොක්ෂිං ශූරතාවලියෙන්  රන් පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් හිමි කරගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද කටුනායකින් දිවයිනට පැමිණියහ. ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමයේ නිලධාරීහු ද, ස්ලිමි ලයින් ක්‍රීඩා සමාජයේ නිලධාරීහු ද, ඔවුන්ගේ ඥාතීහු ද දිවයිනට පැමිණි මෙම ක්‍රීඩිකාවන් උනුසුමි අන්දමින් පිළිගත්හ. කිලෝග්‍රෑමි 48 බර පන්තියේ රන්පදක්කම අනුෂා කොඩිතුවක්කු හිමිකරගත්තාය ගත්තාය. කිලෝග්‍රෑමි 57 බර පන්තියෙන් තරඟ වැදුණු සිතාරි සඳරේඛා සහ කිලෝග්‍රෑමි 75 බර පන්තියෙන් තරඟ වැදුණු ශිරෝමලී වීරකෝන් ලෝකඩ පදක්කම් දිනා ගත්හ. කාන්තා බොක්ෂිං ක්‍රීඩාව ලංකාවට හඳුන්වා දී,   පුරුදු පුහුණු කිරීමට  අනුග්‍රහය ලබා දුන් ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමයේ හිටපු සභාපති ඩයන් ගෝමස් මහතා ඇතුළු සහයෝගය ලබාදුන් සියලු දෙනාට ස්තුති වන්ත වන බව අනූෂා කටුනායකදී පැවසුවාය.