කොළඹ ගලදාරී හෝටලයේදී දැන් පැවැත්වෙන 6 වැනි ලෝක කැරම් ශූරතාවලියේ කණ්ඩායම් ඉසව්වේ පිරිමි හා කාන්තා දෙඅංශයේම අනුශූරතාව ශ්‍රී ලංකාව අද (2) දිනා ගත්තේය. අවසන් වරට 2008 වසරේ ප‍්‍රංශයේ කෑන්ස් නුවරදී පැවැති ලෝක කැරම් තරගාවලියේදී පිරිමි ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා පිලට මෙවර අනුශූරතාවයෙන් සෑහීමට සිදුවිය.
2008 වසරින් පසුව අන්තර්ජාතික තරග බිමේදී ශ්‍රී ලංකා පිලට පරාජය කිරීමට නොහැකි වු ඉන්දියාව ලෝක කැරම් කිරුළ නැවතත් හිමිකර ගත්තේය.
මුලික වටයේදී පෝලන්තය, කටාර් රාජ්‍යය, කැනඩාව පරදවා ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ පහසුවෙන්ම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුහ. පිරිමි කණ්ඩායම් ඉසව්වේ අවසන් තරගයේදී ශ්‍රී ලංකා පිලේ නායක නිශාන්ත ප‍්‍රනාන්දු සහ ඉන්දීය ක‍්‍රීඩක යෝගේෂ් පර්දේශී අතර පැවැති තරගයෙන් පර්දේශී වට 3/0 ක ජයක් ලැබීය.
චමිල් කුරේ සහ කේ. ශිනිවාස් අතර තරගය වට තුනක් දක්වා තියුණු තරගයක්ව පැවැතිය ද අවසානයේදී ඉන්දිය ක‍්‍රීඩකයා වට 2/1 ක ජයක් ලැබීය. මොහොමඞ් ෂෙරිෆ්ඞීන්, ප‍්‍රකාශ් ගයික්වාල් හමුවේ වට 3/0 ක පරාජය ලැබීමත් සමග ඉන්දියාවට ජය හිමිවිය.
කාන්තා කණ්ඩායම් අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව පරදවා තරග 3/0 ක ජයක් ලබාගත් ඉන්දියාව නැවතත් ලෝක කැරම් කාන්තා ශූරතාව රැක ගත්තේය.
රටවල් 18 ක කණ්ඩායම් සහභාගිවන තරගාවලියේ කේවළ ඉසව් හෙට (3) ආරම්භවන අතර අනිද්දා තරගාවලියේ අවසන් දිනයයි.
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලෝක කැරම් ශූරතාව ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි
රවීන්ද්‍ර Saturday, 03 November 2012 11:35 AM
මේක බලන්න අපේ අය ගියාද ??(ස)
ලලිත් Monday, 05 November 2012 01:10 AM
අධෛර්යමත් වෙන්න එපා. ලබන පාර දෙමු වැඩේ. (නි)