ශී‍්‍ර ලංකාවේදී පැවැති කැරම් ලෝක ශූරතාවලියේදී කේවල ශූරතාව දිනාගත් නිශාන්ත ප‍්‍රනාන්දු ඊයේ (14 වැනිදා) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවිය. එහිදී ලෝක ශූරතාව දිනාගැනීම සම්බන්ධයෙන් නිශාන්තට තම සුබපැතුම් පිරිනැමූ ජනාධිපතිවරයා, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රැකියාවට අදාළ පත්වීමේ ලිපියද නිශාන්තට පිරිනැමීය.
කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ, පළාත් සභා අමාත්‍ය උපාලි කොඩිකාර, කැරම් සම්මේලනයේ සභාපති ලැන්ග්ලි මතායෙස්, ලේකම් රෝහිණී මතායෙස් යන මහත්ම මහත්මීහුද නිශාන්ත ප‍්‍රනාන්දුගේ පවුලේ ඥාතීහුද මෙම අවස්ථාවට එක්වූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රස්සාවක් දෙන ඒකට ප්‍රචාරයක් මොකටද ඉතින් .(ස)
අපේ කොල්ලෙක්. නියමයි. (නි)
දෙන දෙයියෝ ගෙට ගෙනැවිත් දෙනවා (ස)
නිශාන්තට දිගු ගමනක් යාමට හැකිවේවා! (නි)
සිල්වා මහත්තයෝ, ඒක එයා උත්සාහයෙන්, කැපවීමෙන් ලබාගත් දෙයක් මිසක් දෙවියෝ දුන් දෙයක් නෙමෙයි. (නි)
නිකමට හරි පැරදුනානම් කුසලානත් නෑ , රස්සාත් නෑ (ස)
හොද වැඩක්. (නි)
ඇත්තෙන්ම හොඳයි (ස)
හොද දෙය හොදයි කියන්නත් වැරදි දෙය වැරදියි කියන්නත් පුලුවන් ආත්ම ශක්තියක් ඇති කරගන්න. (නි)
මෙහෙම ශූරයින්ට අපේ උපරිමයෙන් සළකන්න ඕනෑ. (නි)
හොද වැඩක්. (නි)
හැකියාවට රැකියාවක් දුන්නා නම් හොදයි තමයි. (නි)