ලංකාවේ සිට ගෙන්වාගත් ඇතින්නකට වද හිංසා කිරීම ගැන එංගලන්තයේ සර්කස් කණ්ඩායමක හිමිකරුවකු වරද කරු කරමින් නඩු තීන්දුවක් දී ඇත. එංගලන්තයේ සතුන් යොදාගනිමින් පවත්වාගෙන ගිය අවසාන සර්කස් කණ්ඩායමේ හිමිකරු වූ බොබී රොබර්ට් සහ එම කණ්ඩායමේ සිටි ‘‘ඈන්’’ නම් වූ ශ්‍රී ලංකා ඇතින්න බලාගත් රුමේනියා ජාතික ඇත්ගොව්වාට විරුද්ධව මෙම නඩුව පවරා තිබුණේ නොත්හැම්ටන් උසාවියේය. දැනට 58 වන වියේ පසුවන එම ඇතින්න සර්කස් කණ්ඩායමට ගෙන්වාගෙන ඇත්තේ පැටවකු කාලයේදීය.
බොහෝ දිනවල ඇය දන්වැල් යොදා එකම තැනක බැද තැබීමත් මීට දිග මුල්ලූවකින් පහරදීමට ඉඩහැරීමක්, වයස්ගත ඇතින්නට වෛද්‍ය පහසුකම් ලබාදීමට පියවර නොගැනීමත් සර්කස් කණ්ඩායම් හිමිකරුට නැගුණ චෝදනා විය.
සතුන්ගේ සුභසාදනය පිළිඳ සොයා බලන එන්ජී ඕ සංවිධානයක් බොබී රොබර්ට්ස්ට විරුද්ධව නඩු පවරා ඇත. වසරකටත් වඩා දිගු කාලයක් පැවැති නඩු විභාගයේදී ඇතින්න බැඳ සිටි කුඩාරමේ තිබූ ආරක්‍ෂක කැමරාවල පටිගත වී තිබූ දර්ශන ප‍්‍රධාන සාක්ෂි වශයෙන් උසාවියට ඉදිරිපත් කර තිබිණි.
ඇතින්නට වදහිංසා කිරීමට ඉඩ හැර ඇස් කන් පියාගෙන සිටීම පිළිබඳව 69 හැවිරිදි රොබර්ට්ස් වරදකරු වූ අතර අවුරුදු තුනක ශරීර ඇපයක් මත කොන්දේසි සහිතව නිදහස් කැරිණි. සර්කස් කණ්ඩායම්වල සතුන් යොදාගැනීම පිළිබඳව සර්කස් ලෝලයින්ගෙන් මතු වූ අප‍්‍රසාදය නිසා රොබර්ට්ස් සර්කස් කණ්ඩායම බංකොලොත් භාවයට පත් විය.
‘‘ඈන්’’ ඇතින්න දැන් එංගලන්තයේ ඇති හොඳම සතුන්වත්ත වන ලෝන්ග්ලීට් වන උයනේ සතුටින් නිදැල්ලේ ජීවත් වන්නීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇතින්නටත් තිබුණේ සර්කස් එකක් පෙන්වන්න (ස)
බලන් ඉන්න බැරි විදිහටනේ ඒ සතාට සලකන්නේ (දී)
දැන් හොදින් ඉන්න එක ගැන සතුටුයි (දී)
අහිංසක සතා පවු. (නි)
එයාලත් ඒ විදියටම වධ හිංසා කළා නම් ඒවායේ වේදනාව තේරෙයි. (නි)
සත්තුන්ට මෙහෙම වැඩ හිංසා දෙන්න එපා කටින් කියන්නද මට එහෙම කරන්න එපා කියලා (දී)
කවුද මූව ලංකාවෙන් මෙහේට දෙන්න මුල් වුණේ? (නි)
මේවා කවදා හෝ පල දෙනවා
මේ ඇත්ගොව්වා නම් තිරිසනෙක්, මොහු සමහරවිට මානසික අබාධයකින් පෙලෙන්නෙක් විය හැකී.(ස)
කටින් කියන්නද මනුස්සයෝ එපා කියලා
මේ වෙනුවෙන් පියවරක් ගන්න ඕනේ
ගැට ගහලා ගහන නිසා චන්ඩියා වගේ ගහනවා
පව් කාර කම
මේ අයට හොදක් වේවිද? (නි)
සත්තු ඇති කරනවානම් සල්ලි විතරක් නොවෙයි සත්තු ගැනත් හිතන්න (දී)
ඇස් දෙකෙන්ම පේනවා ඒ සතාගේ අසරණකම හා වියපත් බව (ස)
මම නම් කියන්නෙ සත්තු හුවමාරුව නතර කරොත් හොදයි කියලා. මේ ඇතින්නට වයස්ගත කාලෙ සීතල උහුලන්න පුළුවන්ද ...කියලා සැකයක් ඇති වෙනවා..? මෙයා උපන් රටින් වෙන්ව ප්‍රිතිමත් ජීවිතයක් ගත කරනවා කියන එක නම් වැරදි.(ස)
මෙහෙට අරන් එමු. (නි)
වහාම ඒ මනුස්සයාට විරුද්දව කටයුතු කරන්න (දී)
මේ වගේ උතුම් සත්ක්‍රියාවන් කරන මිනිසුන්ට අපේ ප්‍රණාමය...!!! මෙවැනි උතුම් ගුණ පිරුණු මිනිසුන් ලෝකයේ ඉදීම ගැන අපි සතුටුවියයුතුය .....!!! මුදල් උදෙසාම සිත ගත යොදවන මිනිසුන්ට මෙන්න හොද පාඩමක් ....!!! සියලුසත්වයෝ නිදුක්වේවා ....! නිරෝගිවේවා ...!! (ස)
අපිටත් මේවා දරා ගන්න අමාරුයි
මොකාද මෙ සතාව වික්කේ කියල හොයල දඩුවම් දෙන්න ඔන. අනිවාර්යෙන්ම දේශපාලකයෙක් සම්බන්ධ ඇති (ස)
මේ අසරණ ඇතින්න රැලෙන් වෙන්කරලා විදෙස් රටකට යවන්න මුල් වුණ අයටත් දිනක විපාක ලැබේවි (ස)
කොහේ ගියත් අලීන්ටමයි මේ ඔක්කොම කරදර, හරිම අපල කාලයක් (ස)
මේ අමනුස්සයට දීපු දඩුවම මදි (ස)
ඇත්තටම මෙයා ඇතින්නක් නෙමේ . මෙයා " කෙනෙරක් " නේද(ස)
මේ සතා නුහුරු නුපුරු තැනකට පටවපු අයට මේ විපාක විදින්න ලැබෙයි (ස)
අනුමත කරන්න බැහැ
ටිකක් හරි පින් කරලා තියෙනවා අවසාන කාලේ හරි සැප විදින්න (ස)
සත්තු කවුරුත් අහිංසකයි