(රංජිත් රාජපක්ෂ)

හැටන් සිට කොළඹ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මතට ගිනිගත්හේන කළුගල පොලිස් මුර පොළ ආසන්නයේදී ඉහළ කඳු මුදුනේ සිට පෙරලී ආ ගලක් වැදීමෙන් එක් මගියකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 

බස් රථයට ගල පෙරලී බිමට පතිත වීමත් සමග අසුන්වල වාඩි වී සිටි මගින් තිදෙනා  තුවාල ලැබීමෙන් පසු පොල්පිටිය කළුගල පොලිස් නිළධාරින් සහ බස් රථයේ මගීන් එක්ව රෝහල කරා රැගෙන යන අතරතුර එක් මගියකු මිය ගොස් ඇත.

හැටන් ඩිපෝවට අයත් ලංගම බස් රථයටද දැඩි ලෙස අලාභ හානි සිදු වී ඇති අතර, පොල්පිටිය ප්‍රදේශයට (27) ඇදහැලුණු අධික වර්ෂාවත් සමග ගල පෙරලී පහළට බස් රථයට පෙරලෙන්නට ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන පොල්පිටිය පොලිසිය කියා සිටියේ.